Eye Sri Lanka

Eye Sri Lanka News and world affairs in a different view.

31/10/2025
31/10/2025
පොඩි එකා ගලේ ලියල තියෙන එක කියවන්නෙ "මම වදුරෙක් නෙමෙයි... මම ගලක්" කියල... 😀😀
31/10/2025

පොඩි එකා ගලේ ලියල තියෙන එක කියවන්නෙ "මම වදුරෙක් නෙමෙයි... මම ගලක්" කියල... 😀😀

31/10/2025

අපෙන් එකෙකි මේ මිනිසා...

අමරන් සහ චානක'අමරන්' කියන්නෙ මේ දවස්වල හුගක් අය කතා කරන ෆිල්ම් එකක්. සත්‍ය කතාවක් ඇසුරෙන් කරල තියෙන දුක්බර අවසානයක් තියෙ...
26/11/2024

අමරන් සහ චානක
'අමරන්' කියන්නෙ මේ දවස්වල හුගක් අය කතා කරන ෆිල්ම් එකක්. සත්‍ය කතාවක් ඇසුරෙන් කරල තියෙන දුක්බර අවසානයක් තියෙන ෆිල්ම් එකක්. ඉන්දීය යුද්ධ හමුදා නිලධාරියෙක් සහ ඔහුගේ ආදර කතාව අර්ථාන්විත ලෙස සමාජයට යොමු කරන චිත්‍ර පටයක්.
මේ කතාව බැලුවම මට මතක් වුනේ කැප්ටන් සදුන් චානක. මානුශික මෙහෙයුමේ අවසාන කාලෙදි චානක එයාගෙ ජීවිතේ රට වෙනුවෙන් පූජා කලා.
චානක කියන්නෙ වෘතාන්තයක්. මට චානක මුලින්ම හම්බවෙන්නෙ ස්කෝලෙදි. මට වඩා අව් රුද්දක් බාල පන්තියෙ එයා හිටියෙ. 800m, 1500m රෙකෝඩ් තියපු මලල ක්‍රීඩකයෙක්. හුගක් දුර තිබුන ගෙදර ඉදන් උදේ පාන්දර ස්කෝලෙට ඇවිත් හැමදාම උදේ 6 වෙනකොට ප්‍රැක්ටිස් පටන් ගන්නවා. ක්‍රීඩාවෙන් හුගක් ජයග්‍රහණ ස්කෝලෙට අරන් දුන්නා. අද්‍යාපනේට ක්‍රීඩාව බාධාවක් කරගත්තෙ නෑ.
චානක ඒලෙවල් කලේ ඇග්‍රි ස්ට්‍රීම් එකෙන්, රිසල්ට් A3 යි. ඔය වයසෙදි කොල්ලෙක් කැම්පස් සෙලෙක්ට් වෙලා ඉදිද්දි ආමි එකට ජොයින් වෙන්න තීරණයක් ගන්නෙ හුගක් කලාතුරකින්. අනිත් එක රටේ යුද්ධයක් තියෙන වෙලාවක. ඒක නිසා මම හිතන විදියට චානක කියන්නෙ විරල චරිතයක් සහ උතුම් මනුස්සයෙක්.
චානක කැඩෙට් ට්‍රේනින් සෙලෙක්ට් වෙන්නෙ දියතලාව ඇකඩමි එකේ Intake 59 එකට, මම ආමි එකට ජොයින් වෙන්න මාස හයකට කලින්. නමුත් මට ඇකඩමි එකේදි චානක හම්බවුනේ නැහැ. එයාගෙ දක්ශතාවය නිසා පකිස්තාන් මිලිටරි ඇකඩමි එකේ ශිෂ්‍යත්වයක් ලැබිල ට්‍රේනින් වලට පකිස්තාන් ගිහින් තිබුන.
චානක පකිස්තාන් ඉදල ඇවිත් ඉතා විශිෂ්ට විදියට ට්‍රේනින් ඉවර කරල ඉන්ෆන්ට්‍රි රෙජිමන්ට් එකක් වන සිංහ රෙජිමේම්තුව තෝර ගන්නවා. යුද්ධයක් තියෙන කාලෙ හුගක් ජීවිත අවදානමක් තියෙන ඉන්ෆන්ට්‍රි රෙජිමන්ට් එකක් තෝරගත්තු චානක මම හිතන විදියට විරල ගතිගුණ තියෙන උතුම් මනුස්සයෙක්.
ඒ කාලෙ මට චානක හම්බවෙලාම නැහැ. එකම එක දවසක් නිවාඩු ඉවර වෙලා යනවෙලාවක කෝල් කරල මගෙන් මැප් එකක් ඉල්ලුවා, ඒක මම කොටුවේ ස්ටෑන්ඩ් එකට යැව්වා. ඕක තමයි මට ආමි එකේ ඉන්නකම් චානක ගැන තියෙන මතකය.
ඊට පස්සෙ වැලිඔයදි චානකගෙ කකුලට වෙඩි වැදිල හොදටම තුවාල වෙනව. ඩොක්ටර්ස් ල චානකගෙ කකුල කපන්න හදද්දි චානකගෙ අම්ම ඒකට තදින්ම විරුද්ධ වෙනව. කාලෙත් එක්ක චානකගෙ තුවාලෙ සනීප වෙලා ඇවිදින්න පුලුවන් වෙනව. වයිද්‍ය වර්ගකිරීම් යටතෙ ආපහු යුද්දෙට යන්නෙ නැතිව ඉන්න පුළුවන්කම තියෙද්දි චානක ආපහු යුද්ධ පෙරමුණට යනවා. ඒ වගේ දෙයක් කරන චානක මම හිතන විදියට විරල ගතිගුණ තියෙන උතුම් මනුස්සයෙක්.
යුද්දෙ අවසාන කාලෙදි පුදුකුඩිරිප්පු වලදි චානක බිම් බෝම්බෙකට ගොදුරු වෙලා රට වෙනුවෙන් තම ජීවිතය පූජා කරනවා.
…………..
අමරන් එකේ වගේ නෙමෙයි චානකගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් බව දැනගෙන ඒ වෙනකොට දවස් හතරයි. සමහරවිට ඒ දවස්වල තිබ්බ සන්නිවේදන අපහසුතා නිසා චානක මැරෙනකම්ම ඒක දැනගෙන නැතිව ඇති. චානකගෙ අම්ම අඩල තියෙනවා කකුල තුවාල වුනවෙලාවෙ කපන්න දුන්නනම් අද මගේ පුතා මට ඉන්නව කියල....... පුතාව කොහෙවත් යවන්න බෑ කියපු චානකගේ දෙමව්පියෝ ගෙදර ඉඩමේම චානකව භුමදානය කරනවා.
පොඩ්ඩක් හිතල බලන්න මට හෝ ඔබට මේ වගේ දෙයක් සිදු වුනොත්........
ඊට පස්සෙ 2017 දි මට පකිස්තාන් මාණ්ඩලික නිලධාරි පාඨමාලාව කරන්න අවස්තාවක් හම්බවෙනවා. ඒ කෝස් එකේ හිටිය හුගක් අය චානක හා සමකාලීනව පකිස්තාන මිලිටරි ඇකඩමි එකේ ට්‍රේනින් වුන අය. හුගක් අය මම ලගට ඇවිත් චානක දැන් ඉන්නෙ කොහෙද කියල අහනකොට මම ඒ අයට විස්තරේ කියනවා. විශ්වාස කරන්න සමහර නිලධාරින්ගෙ ඇස් වලට කඳුළු ආවා. චානක මුලු පකිස්තාන් මිලිටරි ඇකඩමි එකේම සුප්‍රසිද්ධ දක්ශ චරිතයක්. ඒ දක්ශකම නිසාම එයා කැඩෙට් ගවමන්ට් එකේ ප්ලැටූන් කමාන්ඩ කෙනෙක් විදියට පත් කරල තිබුන. ඒ ප්ලැටුන් එකේ අය ඇවිත් චානක ඒ අයට පාඩම් කියාදීපු විදිය මෝටිවේට් කරපු විදිය ගැන කතාක රනකොට මට ආපහු කියන්න තියෙන්නේ චානක කියන්නෙ උතුම් චරිතයක් කියල. ඒ සමහර පකිස්තාන් නිලදාරීන් මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නවා.
චානකගෙ ආදර කතාවත් අමරන් එකේ වගේම ලස්සන එකක් වෙන්න ඇති. මේ වගේ හුගක් ආදර කතා යුද්ධ හමුදාව වටා ගෙතිල තියෙනවා . එකම දේ තියෙන්නේ ඒව අමරන් එකේ වගේ මිනිස්සු අතරට නොයන එක.
චානක වගේම කැපකිරීම් කරපු හුගක් අය යුද්ධ හමුදාවෙ තවමත් සේවය කරනවා.
නමුත් හුගක් අවස්ථාවලදි රටේ පිලිගත් උගත් බොහෝ අය පවා අට පාස් ආමි කාරයගෙ පඩිය මෙච්චරයි උගත් උපාධි තියෙන ගුරුවරුන් ගෙ පඩිය මෙච්චරයි වගේ සමාජ මත නිර්මාණය කරනකොට තවමත් සේවය කරන චානක වගේ අය හිතනව අපි දිවි පරදුවට තියල යුද්ධ කලේ මේ වගේ සමාජයක් වෙනුවෙන්ද කියල.......
ප.ලි. - චානකගෙ පුතා දැන් ලොකුයි.
චානකගෙ පාසල් යාලුවො චානකගෙ පුතාගෙ අධ්‍යාපනය වෙනුවෙන් උදව් කරනවා. එහෙම මිනිස්සුත් මේ සමාජයෙ ඉන්නවා..

වසන්ත රණසිංහ

21/10/2024
20/10/2024

ඔබේ එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගන්න මේ online tools භාවිතා කරන්න.

1) ChatGPT.com - Knowledge

2) Notion.so - Plan, manage, and organize workflow

3) Canva.com - Graphic design

4) Loom.com - Screen recording

5) Capcut.com - Video editing

6) Later.com - Social media management

7) Flodesk.com - Capture email leads

8) Calendly.com - Schedule calls

9) Gumroad.com - Sell digital products

10) Dropbox.com - storage, Contracts

11) Zapier.com - Automation

12) Stripe.com - Payment Processor

13) Google Drive - Storage

26/08/2024

Osoite

Tampere
33900

Nettisivu

Hälytykset

Tiedä ensimmäisenä ja anna meille oikeus lähettää sinulle sähköpostitse uutisia ja promootioita Eye Sri Lanka :ltä. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua milloin tahansa.

Ota Yhteyttä Yritys

Lähetä viesti Eye Sri Lanka :lle:

Jaa