SAgraphics.lk

SAgraphics.lk SA Graphics Official

A Warm Welcome To Our Page.

21/02/2026
02/01/2026

24/08/2025

DUMARE ( දුමාරේ ) - සිංදුවේ තේරුම - Attidiye Pugngnarathana Thero

Video credit goes to the respective owners.

Dumare ( දුමාරේ ) - Lyrics

මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයි
උඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි
අපි යකාට බයද බං සොහොන අපේ විමානයයි
ඔය කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි

ගල් කටස් පටස් ගාලා
ගිටාර් වෙනවා මේ
සින්දුවලම එල්ලී
චීන පටස් දාලා වගේ
පුටාර් එකේ යති
හයේ හතරේ කල්ලී
අපේ කොටාස් වෙළඳපොලේ
සටස් ගානකොට
වැටෙන්න නැහැ සල්ලී
අපි හෙටත් මෙහෙමමයි
ගටක් තියෙනකොට
යටත් වෙයිද මල්ලී

Rap part...

බැස්සෙම කිට මරලා වැස්සෙත් කට ගැස්මට වටකරලා
ලස්සන හද ගැස්මට මුලපුරලා
දොස්තර යයි පිස්සත් මගහැරලා
දිස්නය දුන්නට වත්කරං ඇත්ත මතුපිට නෑ බං රත්තරන්
ඔය ප්‍රශ්නය දවසක නුඹලගෙ වෙනකං
උත්තර Free hit ඉස්තරං

තුන්මුලස් හන්දිවල
වලක් බහිනවා
පාට පාට වණ්ඩී
පුන්කලස් පන්සලට
මලක් දන්සලට
බිඳින්නැතුව කණ්ඩි
බොරු වලස්මුහුණු
නැති කලර්ස් දානකොට
වැටෙන්නේම කිණ්ඩි
ඔය පැලස්වල සුමුදු
පලස්වල රැඟුවේ
ගොඩාක් ෆේක් චණ්ඩී

Artist - Robee Jay ‪
Lyrics & Melody - Attidiye pugngnarathana thero
Music - Anuradha Abayasinghe

සත හැත්තෑ පහෙන් ජීවිතය ජයගත් නවලෝක මුදලාලි1920 ජුනි මස 20 වෙනි දින මාතර සුල්තානගොඩ වරකපිටිය වත්තේ ජන්ගිරිස් අප්පුහාමිටත්...
28/07/2025

සත හැත්තෑ පහෙන් ජීවිතය ජයගත් නවලෝක මුදලාලි

1920 ජුනි මස 20 වෙනි දින මාතර සුල්තානගොඩ වරකපිටිය වත්තේ ජන්ගිරිස් අප්පුහාමිටත් මද්දුම හාමිනේටත් ලැබුණු පුත්‍ර රත්නය වන මෙතුමාට ගමේ අය ආදරේට කිව්වේ කළු මහත්තයා කියලා,ගමට ආදර කරමින් ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ හැදී වැඩුණු මොහු පසුකාලීනව තම ජීවිතයේ සාර්ථකත්වය කරා ලඟා වුනේ කිසිවකු නොසිතූ අයුරින් වීම විශේෂත්වයක්.

මෙතුමාට හරියටම අවුරුදු 13 ක් වෙද්දි සිද්ද උණු පියාගේ වියෝව මෙතුමාගේ ජීවිතයේ හැරුම් ලක්ෂය වෙනවා ,පියාගේ අවසන් කටයුතු වලින් පසුව තමා සතුව තිබු සත 75 ක මුදලත් ඇදුම් කඩමාලු කීපයත් පත්තර කැබැල්ලක දවටා ගන්නා මෙතුමා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි තමන්ගේ අනාගතය සරි කරගැනීම සදහා කොළඹ එනවා .

කොළඹ ඇවිත් මාතර වෙළෙන්දෙකු වන පියදාස මුදලාලි හමුවීමට යන මෙතුමා එහිදී තමන්ගේ අරමුණු ඉෂ්ට නොවන බව දැන පසුදාම සදලන්කාව ප්‍රදේශයේ සිටින තම පියාගේ හිතවතෙකු වන මනම්පේරි මුදලාලි හමුවීමට ගොස් එහි වසර දෙකක් පමණ සේවය කරනවා ,නැවතත් කොළඹ පියදාස මුදලාලි හමුවට ඇවිත් එහිත් තව වසර දෙකක් පමණ සේවය කරනවා ,

මෙම කාලය තුල විශාල ප්‍රමාණයක් වෙළෙන්දන් හදුනා ගැනීම මත කළු මහත්තයා තීරණය කරනවා තමන්ගේම වෙළදාමක් ඇරඹීමට ,එහිදී ඔහු තමන්ගේ වෙළදාම ඇරඹීමට තෝරාගන්නේ පෑලියගොඩ ප්‍රදේශයයි ,පසුකාලේයෙදී ඔහු ප්‍රකාශ කල ආකාරයට ඔහු එම තීරණය ගත්තේ කොළඹට එන සියලුම කරත්ත පාහේ කොළඹට ඇතුළුවෙන්නේ පෑලියගොඩ හරහා නිසයි ,

මේ කාලයේ තමන්ගේ අනාගත සහකාරිය තෝරාගන්නා කළු මහත්තයා විවාහ දිවියට එළබෙන්නේ තමන් දිවා ආහාරය ලබාගන්න අවන්හල පවත්වාගෙන ගිය මීලින් නෝනා සමගයි ,මීලින් නෝනාගේ සහෝදරයින් මුලින් මෙම කටයුත්තට අකමැත්තක් දැක්වූවත් පසුව එකග වෙනවා ,

විවාහය කළු මහත්තයාගේ ජීවිතයේ නව පිටුවක් පෙරලුවායයි කිව්වොත් වැරදි නැහැ ,කළු මහත්තයා තමන්ගේ තේ , පොල් , රබර් වෙළදාම සිදුකරන අතරේ මීලින් නෝනා තමන්ගේ අවන්හලේ කටයුතු කරගෙන යනවා ,මේ කාලෙදී තමන්ගේ වෙළදාම තවදුරටත් පුළුල් කරන කළු මහත්තයා ලී වෙලදාමටත් අත තබනවා ,කොන්ත්‍රාත් කටයුතු වලටද අත ගහන කළු මහත්තයා අවන්හලේ කටයුතු සීමා කිරීමට තීරණය කරන්නේ ගවමස් කෑම සහ මත්පැන් පානය තමන්ගේ ආගම දහමට එකග නොවන නිසයි ,මේ කාලෙයේම තමන්ගේ ව්‍යාපාරය “නවලෝක” නමින් නම් කරන්නත් කළු මහත්තයා කටයුතු කරනවා ,

මෙලෙස ටිකෙන් ටික ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නා මෙතුමාටත් 1977 විවුර්ත ආර්ථිකය හදුන්වාදීමත් සමග දේශීය ව්‍යාපාරිකයින් මුහුණ දුන් අභියෝග සියල්ලටම මුහුණ දෙන්න වෙනවා , එම අභියෝගයත් සාර්ථකව ජයගන්නා මෙතුමා නවලෝක රෝහල ඇරඹීම මගින් තමන්ගේ නවලෝක සමුහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරනවා ,

විවාහය මගින් දියණියන් සිව්දෙනෙකු සහ ජයන්ත සහ උපාලි නම් පුතුන් දෙදෙනෙකු ලබන මෙතුමා තමන්ගේ දරුවන් නිසි අද්‍යාපනය ලැබූ පසු තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ද කරගන්නවා ,හැබැයි ඒ ඉහලම තැනින් නම් නෙමෙයි ,පහලම තැන ඉදලා ඉහලට එන්න ඔවුන්ට ඉඩ සලස්වලා දෙනවා ,

පහේ පන්තිය දක්වා පමණක් අද්‍යාපනය ලැබූ මෙතුමා තමන්ගේ දර්ශනය මගින් ඉහලට නැග්ග ආකාරය පුදුම සහගතයි ,පසු කාලෙදී එතුමා විසින්ම එතුමාගේ දියුණුවට හේතු උණු කරුණු දැක්වුවා ,එනම් මුල අමතක නොකිරීම, “නෑ” , “බෑ” උත්තර ලෙස බාර නොගැනීම,ධාර්මිකව හම්බ කිරීම සහ වියදම් කිරීම ,අපතේ යාම නැවතීම සහ අද කලයුතු දේ අදම කිරීමයි.

ලිපිය අවසන් කරන්නට පෙර දිනමිණ පුවත්පතේ ඔහු ගැන සඳහන් වුන සටහනක් මෙලෙස උපුටා දක්වන්නේ මේ තුලින් ඔබේ ජීවිතයට ඉතා විශාල පණිවිඩයක් ලබා දෙන නිසාවෙනි.

“මාතර සුල්තානාගොඩ මෙගොඩවත්තේ මහගෙදර විසූ ජන්ජීරිස් උන්නැහේ මහා ලොකු ධනපතියෙක් නොවේ. ගණන් කාරයෙක් ද නොවේ. ගමට ආලෝකයක් වූ ගමේ පුංචි මිනිසුන්ගේ හිතවතෙකු පමණි. මහගෙදර ජන්ජීරිස් අවසන් හුස්ම හෙලූ දා ගමේ පන්සලේ වැඩ සිටි පරදුවේ සෝභිත ලොකු හාමුදුරුවන්ගේ මුවින් ගිලිහුනේ ගමටම සෙවණ දුන් මහනුගෙත් එහෙනම් ඇද වැටුණා යන්නය.

මහනුගේ යට සරුවට වැඩෙමින් තිබුණ මුල මැද අරටු සහිත කළුවර ගහ සෝභිත හාමුදුරුවන් නොදුටුවා නොවේ. තාත්තා ජන්ජීරිස් තමන්ගේ පුත් කලු මහත්තයා ගැන තැබූ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා වචන දෙක තුනකින් කියා සිටියේ මෙසේය. “කළු එකා තැනකට ඒවි” යන්න යි.

පියාගේ සොහොන තනිකර දමා සියලු දෙනා නිවෙස් කරා යද්දී කලු මහත්තයා සොහොන ළග මොහොතක් බලා සිටියේය. ඔහුගේ තනියට සිරිදාස සිටියේය. තාත්තාගේ සොහොන දෙස බලාගෙන කළු මහත්තයා කිසියම් අධිෂ්ඨානයක් කළේය. ඒ අධිෂ්ඨානය දැන සිටියේ ඔහු පමණි.

එහෙත් අධිෂ්ඨානයේ ප්‍රතිඵල අද සියල්ලෝම දනිති. තාත්තා වගා කළ කෙසෙල් පඳුරු, කොස් පැළ, පොල් වගාව, පල බරින් පිරී තිබෙනු කළු මහත්තයා දුටුවේය. තමන්ගේ දරු පැටවුන් ට දොවාගත් කිරි ටික රත්කර පොවන්නට ඇතිකළ කිරිදෙනුන් වත්තේ තැනින් තැන දිගේළි කර සිටිනු ඔහු දුටුවේය. ඒ සියල්ල තාත්තාගේ නමින් අම්මාට ඉතිරි කර ගිය මහා සම්පතක් ලෙස කළුමහත්තයා දුටුවේය. කළු මහත්තයා අවසන් තීරණයට එළඹියේය. පලින් පළ දමා තිබුණු කාසි එකතු කර ගෙන රුපියලක් ඉනේ රුවාගත් කළු මහත්තයා කොළඹ යන්නට තීරණය කළේ ය. ඔහුගේ ඉලක්කය වූයේ කොළඹ සහ අවට ප්‍රදේශ වල බිස්නස් කරන මුදලාලිලා දෙතුන් දෙනෙකි.

කාසි ටික ඉනේ රුවාගෙන ඇඳුම් කැඩුම් දෙක තුනක් බෑගයේ දමාගෙන කලු මහත්තයා කොළඹ යන එකම බස් රියට ගොඩ වැදුණේ අම්මාගේ සෙනෙහසත් තාත්තාගෙන් ලැබුණ අවංකකම, මනුස්සකම හා හැදිච්චකම හදවතේ පොදි බැඳගෙනය. මේ සියල්ලටම වඩා දෙමාපියන්ගෙන් ගමේ පන්සලෙන් හා පාසලෙන් ලබාගත් ශික්‍ෂණය විනය ගරුක බව පහේ පන්තිය දක්වා ඉගෙන ගත් කළු මහත්තයා සතුව තිබුණේ කිසිදාක අමතක නොවන ආකාරයටය.

ගමෙන් කොළඹ ගොස් ගෙන්දගම් පොළොව පාගන සමහරු මෙන් ධනපතිකම ආඩම්බරකම සහ උද්දච්චකමින් ඔලුව නරක් කර ගන්නට මේ කලු මහත්තයා මෝඩ නොවූයේ ගමේ පන්සලෙන් සහ පාසලෙන් උගත් ගුණාංග කිහිපයක් නිසා ය.

සුල්තානාගොඩ ජන්ජිරිස් උන්නැහේගේ පුත් කළු මහත්තයා කොළඹ අවුත් ධර්මදාස මුදලාලි බවට පත් වූ හැටිත් ඉන් පසු ඔහු ව්‍යාපාරික ලෝකයේ හිනිපෙත්තටම සාධාරණව ගොඩවූ හැටිත් ලියන්නට කියන්නට බණ්ඩාර ඇහැලියගොඩ ලවා තවත් පොත් දහයක් පහළොවක් ලියවා ගතයුතුය. ධර්මදාස මුදලාලිගේ සෙවෙණේ වැඩුන තවත් කළුවර පැලෑටි වල අතු ඉති පැතිර ගියේ සාමාන්‍ය මිනිසුන්ගේ පෙර වාසනාවටය. ජයන්තත් උපාලිත් අද පියාගේ අඩි පාරේ යමින් චාම් දිවි පෙවෙතක් ගත කරන සාධාරණ මිනිස්සු වෙති.

තාත්තාගේ ජීවිතය වසර 92 කට පසුව තවදුරටත් ජීවත් කරන්නට ලෝකයේ සිටින දක්‍ෂම ජීවකයා ගෙන්වීමට පුලුවන්නම් එය අනිවාර්යයෙන්ම කරනු ඇත. තම පියා ජීවත් කරවන්නට නවලෝක රෝහල වැනි රෝහල් ඉදිකරන්නට අවශ්‍ය නම් එයද ඉටු කරනු ඇත. කෙසේ හෝ රුපියල් කාසි ස්වල්පයක් ඉනේ රුවාගෙන කොළඹට පැමිණ මහා ධනපතියකු දානපතියෙකු වූ සම්මානලාභී ධර්මදාස මුදලාලි අපෙන් සමුගෙන ගියේ සතයක්වත් නැතිවය. ලැබුණු සම්මාන ද පදිංචි වූ නිවසේ තබලාය. එහෙත් ඔහු විසින් ගොඩනැගූ සියලු ව්‍යාපාර ඔහුගේ නමින්ම සිහිවටන සේ ආරක්ෂා කළ යුතුය. ඔහු ඉතිරි කළ ධනය ලක්‍ෂ කෝටි ගණන් විය. ඔහු නැති බැරි අයට බෙදා දුන් ධනය ඊටත් වැඩිය..... උත්සහය , කැපවීම මෙන්ම අවංක කමද දියුණුවට අවශ්‍ය වැදගත්ම දේවල් බව මෙම වටිනා චරිතයෙන් ගත හැකි ආදර්ශයයි !

Copied. Credit to the original owner.

(අන්තර්ජාලය සහ පුවත්පත් ඇසුරෙනි.)

මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම...
28/07/2025

මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම්භ කළ සී. ඒ. හරිස්චන්ද්‍ර මහතාගේ බොහෝ දෙනා නොදත් ජීවිත කතාවෙන් බිදක්.

සී. ඒ. හරිස්චන්ද්ර දරුවා ඉපදුණේ "මාතර සිටුවරයා ලෙස එකල හැඳින්වුණු ඕදිරිස් සිල්වාගේ හතර වැනි පුත්රයා විදියට. කර්නල් සී. ඒ. ධර්මපාල මේ හරිස්වන්ද්රගේ තවත් සහෝදරයෙක්.

සිටුවර තාත්තා හරිස්චන්ද්‍ර දරුවා ඉගැනුමට යැව්වේ මාතර ශාන්ත තෝමස් විද්යාලයට. ඉන් පස්සේ හරිස්චන්ද්‍ර ධර්මපාල සහෝදරයන් දෙදෙනා ම කොළඹ නාලන්දා විද්යාලයට ඇතුළු කළා.

හරිස්චන්ද්ර දරුවා තුළ ව්යාපාරියකු වීමේ කිසි ම ලකුණක් තිබුණේ නැහැ. ඔහු පොත් කියවීමට දැඩි සේ නැඹුරු වුණු නිහඩ ළමයෙක්. ඇත්තටම අග හිඟකම් දුක් වේදනා හරිස්චන්ද්ර ශිෂ්යයාගේ ළමා වියට කිසිදු සම්බන්ධකමක් නෑ.

හරිස්චන්ද්ර ශිෂ්‍යයා නාලන්දෙන් කොළඹ යුනිවසිටි කොලීජියට ඇතුළු වුණා. පොත පතේම ගැලී සිටි ශිෂ්යයා යුනිවසිටි කොලීජියට තේරීම පුදුමයක් නෙමෙයි. ඔහු ඉගෙන ගත්තේ ආර්ථික විද්යාව. දාස් ගුප්ත නැමැති ඉන්දියන් ගුරුවරයා මේ ශිෂ්යයාට දවසක් මෙහෙම කිව්වා.

" හරිස්චන්ද්ර..... මෙහෙන් පිට වෙලා ගිහින් අනිත් අය වගේ රස්සාවකට යන්න එපා. ඔයාට හරියන්නෙ ව්යාපාර ලෝකය. ඒ අඩි පාරේ යන්න."

හරිශ්චන්ද්ර ශිෂ්යයාට මේ වචන හරි ම ප්රහේළිකාවක්. තාත්තා විශාල ව්යාපාරිකයෙක් වුණත් වෙළෙඳාම ගැන මේ තරුණයා තුළ කිසිම අදහසක් ආසාවක් තිබුණේ නෑ. නමුත් දාස් ගුප්ත ආචාර්යවරයාගේ වචන කීපය හරිස්චන්ද්ර තරුණයාගේ ජීවිතය වෙනස් කළා. 1938දි යුනිවසිටි කොලීජියේ ඉගෙනුම අවසන් කළ හරිස්චන්ද්ර තරුණයා ආපහු මාතර මහගෙදරට ආවා. ඒ වෙළෙදාම් කරන්න හිතාගෙන.

ඒ වන විට මාතර බ්රෝඩ්වේ සිනමාහලත් එහිම තිබු පොත්හලත් අයිතිව තිබුණේ හරිස්චන්ද්‍රගේ තාත්තට. පොත පතේම ගැලී සිටි පුතාට සිනමාහලත් පොත් සාප්පුවත් භාරදීම සුදුසුම දෙය බැව් තාත්තා කල්පනා කළා.

දැන් සී. ඒ. හරිස්චන්ද්ර,සිනමා හලේ සහ පොත් සාප්පුවේ කළමනාකරු. පරණ පුරුද්ද අත් හැරුණෙ නෑ. හරින්ද්ර සාප්පුවේ තියෙන පොත් කියවන්න පටන් ගත්තා.

එක දවසක් සාරියකින් හැඩ වැඩ වුණ මනා පෙනුමැති යුවතියක් පොත් සාප්පුවට ගොඩ වුණා. මේ තරුණිය හරිස්චන්ද්ර තරුණයාගේ සිත විදුලියක් වගෙ සසල කළා. මේ විදියට දෙතුන් විටක් ම පොත් ගන්න ආපු මේ යුවතියත් හරිස්චන්ද්රත් අතර ආධ්යාත්මික සබඳතාවක් ගොඩනැගෙන්න පටන් ගත්තා.

ඇය ගුරුවරියක්. නම කොන්දේර්ලියා හාන්ති. මේ සබඳතාව හරිස්චන්ද්ර පවුල් ඒකකය තුළ විශාල අර්බුදයක් මතු කළා.

"ඔය කසාදෙට ඉඩ දෙන්න බෑ."

සිටුවර තාත්තත් සහෝදර සහෝදරියනුත් හරිශ්චන්ද්රට විරුද්ධ වුණා.

"කමක් නෑ.. මං මේ යුවතිය කසාද බදිනවා."

හරිස්චන්ද්ර තරුණයාගේ ඉරණමේ පළමු කොටස තීන්දු කළේ දාස් ගුප්ත ගුරුවරයා. ඔහුගේ ඉරණම දෙවන වරට වෙනස් කළේ පොත් සාප්පුවේ දී මුණ ගැසුණු මේ පාසල් ගුරුතුමිය විසිනුයි. හරිස්චන්ද්ර තනි තීන්දුවෙන් ගුරුවරිය කසාද බැන්දා. සිටුවර පියාගෙන් හා මහගෙදරින් ලැබිය යුතු ධනස්කන්ධය අත් හැරල දැම්මා.

ඔහුගේ විවාහ ජීවිතය ඇරඹුණේ කිසි දු වත්කමක් නැති හිස් පසුම්බියකින්. මේ ඉඩම් ඔප්පුව තියලා සල්ලි අරං ඔයා මොනව හරි දෙයක් පටන් ගන්න."

දස අතේ කල්පනා කරමින් සිටි සැමියා අතට හාන්ති බිරිද තමන් සතු ඉඩම් ඔප්පුව දුන්නා. ඒ ඔප්පුව හරිස්චන්ද්ර රු. 500කට උගස් කළා. ඔහු ජීවිතය නැවත පටන් ගත්තේ රුපියල් පන්සීයෙන්. කුඩා වී අඹරන යන්ත්රයක් මිලට ගත් හරි මාතර නගරයේ දෙමළ කඩයක් පිටුපස කුඩා තැනක වී මෝලක් පටන් ගත්තා. වී බුසලක් කොටන්න ඔහු අය කළේ ශත දෙකයි. ව්යාපාරය නරක නෑ. මේ අතර තවත් අයෙක් වී මෝලක් පටන් ගත්තා. එතන වී බුසලක් කොටන අය කළේ ශතය යි. හරිස්චන්ද්ර වී මෝල බලා ඉඳිද්දී වැටෙන්න පටන් ගත්තා.

"නමුත් මම ශතේට වී කොටන්නෙ නෑ. මගේ ගාන ශත දෙක ම තමයි."

මෙන්න මේ කාලෙදි තමයි දෙවන ලෝක යුද්ධය පටන් ගත්තේ. යුද්දේ නිසා හාල්වලට ලොකු ඉල්ලුමක් ආවා. ආණ්ඩුව හාල් මෝලින් මිල ගණන් කැඳෙව්වා. ටෙන්ඩර් කතා කළේ සුද්දෙක්. අනෙක් හාල් මෝල් හිමියන් බොහෝ දෙනකුට නැති සුදුසුකමක් හරිස්චන්ද්රට තිබුණා. ඒ තමයි ඉංග්රීසි දැනුම. හරිස්චන්ද්ර සුදු නිලධාරියත් එක්ක කතා කළා. සුද්ද ඇවිත් හරිස්චන්ද්රගෙ වී මෝලෙන් වී කොටවල අල්ලට අරං පරිකෂා කළා. ටෙන්ඩරේ හම්බ වුණේ හරිස්චන්ද්රට. එතැන් සිට ආණ්ඩුවට හාල් සපයන දකුණේ ප්රධාන කොන්ත්රාත්කරු වුණේ හරිස්චන්ද්ර. කොළඹ හාල් වෙළෙඳ පොළේ නො.1ට වැටුණේ හරිස්චන්ද්ර හාල්. ඒ එක්ක ම ආණ්ඩුවට අවශ්ය දැව කොන්ත්රාත්තුවකුත් ලැබුණේ හරිස්චන්ද්රටමයි.

දැන් ව්යාපාරය ලොකුයි. මාතර බංගලාවත්ත අයිති ව තිබුණේ තමන්ගේ සහෝදරයා වන කර්නල් සී. ඒ. ධර්මපාලට. හරිශ්චන්ද්ර සිය සහෝදරයාගෙන් ඉඩම මුදල් දී අරගත්තා. අදත් හරිස්චන්ද්ර කර්මාන්තායතනය තියෙන්නේ ඒ ඉඩමෙ.

අලුත් දේවල් සොයා යාමේ ආශාවක් හරිශ්චන්ද්ර මහත්මයාගේ හිත තුළ තිබුණා. ඒකට හුඟක් ම බලපෑවේ පොතපත කියවීම. ටයිම්ස්, නිවිස්වීක් වගේ සඟරා තැපෑලෙන් ගෙන්වාගෙන කියවීමේ පුරුද්දක් ඔහු තුළ තිබුණා. ලෝකයේ කාර්මීකරණය, යන්ත්ර සූත්ර දියුණුව කෙතරම් දැයි මේ ඉංග්රීසි දොර කවුළු අතරින් ඔහුට පෙනුණා.

කුරක්කන් පිටි හෝර්ලික්ස් බෝතල්වල බහා විකිණිම ඔහු ආරම්භ කළේ 1953 දී. නමුත් කුරක්කන්වල වැලි සහමුලින් ම ඉවත් කිරිම අමාරු දෙයක් වුණා. මේ අතරේ කොළඹ ජපන් වෙළඳ භාණ්ඩ ප්රදර්ශනයක් පැවැත්වුණා. හරිශ්චන්ද්ර මහත්තයා ඒ ප්රදර්ශනයෙන් පෙනේරයක් මිලට ගත්තා. පෙනේරයක් කිව්වට ඒක වැලි හලන රැයිසියක් වගේ එකක්. කෙටූ කුරක්කන් පිටි මේ රැයිසිය වගේ යන්ත්රයෙන් හැලුව. එක වැලි කැටයක් නැති ව හොද පිටි ඉතිරි වුණා.

මේ විදියට කුරක්කන්, උඳු, මිරිස්, කෝපි, ගම්මිරිස් වගේ කුඩු කරපු ද්රව්ය හරිස්චන්ද්ර නමින් වෙළඳපොලට එන්න පටන් ගත්තා. සතුන්ගේ ඇටකටු කොටා ඒ පොහොර ගොවීන් කීප දෙනකුට දීලා හරිශ්චන්ද්ර මහත්තය අස්වැන්නේ වෙනස බැලුවා. ගෙරිකටු පොහොර හරිශ්චන්ද්ර නමින් වෙළෙඳ පොළට ගියේ ඉන් පස්සේ. හරිස්චන්ද්ර තවත් අහදාබැලීම් කළා. සිප්පි කටු කුඩු කරලා කුකුළු කෑම හැදුවා. තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය මේ කුකුළු කෑම මිලට ගත්තා. ඒ පාර කොප්පරා මෝලක් දැම්මා. දවසට පොල් තෙල් බවුසර් හතරක් කොළඹ වරායට යවන තරමට කොප්පරා මෝල දියුණු වුණා.

මේ වන විට ලංකාවේ සබන් වෙළෙඳාම තිබුණෙත් විදේශීය කොම්පනියක් අතේ. හරිශ්චන්ද්ර මහත්තයා කොප්පරා මෝලෙන් ඉතුරු වෙන තෙල් වලින් සබන් හදන්න පටන් ගත්තා. ඒ 1962 අවුරුද්දේ. සල්බාර් සබන් තාමත් මිනිස්සුන්ට මතක යි. කුමාරි, සමන්, නාමල් ආදී සුවඳ සබන් ඒ ඔක්කොම හරිශ්චන්ද්ර සබන්.

එච්. ආර්. ජෝතිපාල මේ වන විට තරමක ජනප්රිය ගායකයෙක්. හරිශ්චන්ද්ර මහත්තයා ජෝතිපාල තමන් අතට ගත්තා. පඩිය රු.800 යි. ජෝතිපාලට තිබුණේ හරිශ්චන්ද්ර වෑන් එකේ නැගල ගිහින් තැනින් තැනදි ලවුඩ්ස්පිකරයෙන් සිංදු කියන එක විතරයි. තරුණ ගෑනු ළමයි වෑන් එක වටේ පිරෙන්න පටන් ගත්තා. හරිශ්චන්ද්ර සුවද සබන් රට පුරා ගියේ ඒ විදියටයි.

ඔබට මතක ද එක කාලයක් තිබුණා ගස් යට වැටෙන රබර් ඇට ගෝනි ගණනින් මිලට ගත්තු යුගයක්. එදා රබර් ඇට මිලට ගත්තේ හරිස්චන්ද්ර මහත්තයා. රබර් ඇට මදේ හින්දවල තෙල් ගත්තා. ඒවා සායම් වර්ග හදන පිටරට කොම්පැනියකට යැව්වා. ඉතිරි වන මද කුකුළු කෑම බවට පත් කරලා මේ රටේ බෙදා හැරියා. ඔහු හැම විට ම කලේ ඒ වගේ දේවල්.

"කිසිම දෙයක් නාස්ති කරන්න එපා."

ඔහුගේ ව්යාපාරික ලෝකයේ එක් ආදර්ශ පාඨයක් වුයේ එය යි.

ගමන් යන අතරෙ දී ආනමාළු කෙසෙල් ගෙඩි කෑම ඔහුගේ පුරුද්දක්. ඉතිරි වන ලෙලි ඔහු පාරට විසි කළේ නැහැ. ඒවා වාහනයේ පැත්තකින් තබාගත්තා. අතරමග දී හරකෙක් දුටු විට වාහනය නවතා ආනමාළු කෙසෙල් ලෙලි ඔකොම හරකට දෙනවා. ඒක ඔහු කිසිවක් නාස්ති කරන්න එපා කියන ආදර්ශ පාඨය අනුව කළ දෙයක්.

දස දිසාවගෙන් ගලා එන උල්පත්වලින් පොකුණක් පිරෙන්න වගේ හරිශ්චන්ද්ර සමාගමට ආදායම් ගලා එන්න පටන් ගත්තා. දවසක් හරිශ්චන්ද්ර මහත්තයා තමන්ගේ පැරණිම සේවකයකු වු පීරිස්ට කතා කලා.

''පීරිස්.. දැන් අපිට සල්ලි වැඩි යි.''

පීරිස් විස්මිත වුණා, සල්ලි වැඩියි කියන ව්යාපාරිකයෙක් කොහෙද ඉන්නේ.

"පීරිස් අපි අපේ සේවකයන්ට බෝනස් දෙකක් දෙමු."

වැඩි සල්ලි තමන්ගේ මඩියේ තර කරගන්නවා වෙනුවට හරිශ්චන්ද්ර මහත්තයා 750ක් වූ තම සේවකයන්ට අවුරුද්දකට බෝනස් හතර දක්වා වැඩි කළා. මේ සා විශාල ආයතනයක් වුවත් පිළිගත් විශ්වවිද්යාලයකින් උපාධිය ලැබු එකම ඉංජිනේරුවෙක්වත් ඔහු ළඟ සේවයට ගෙන තිබුණේ නෑ. හරිශ්චන්ද්ර මහත්තයගේ එකම ඉංජිනේරුවා වුයේ ඉස්කෝලේ පහට වත් නොගිය කොණ්ඩ බැදපු උදේනිස්. උන්නැහේට යන්ත්ර සූත්ර විෂයෙහි අසාමාන්ය දැනුමක් තිබුණා.

උදේනිස් වයසට ගියෙත් මිය ගියෙත් හරිශ්චන්ද්ර එකේදිම යි. අතපය බැරි වෙන කොට හරිශ්චන්ද්ර මහත්තයා තම ඉංජිනේරුවාට ආයතනය ඇතුළේ කාමරයක් දුන්නා.

"උදේනිස් වැඩ කරන්න ඕන නෑ. විවේකෙන් ඉන්න." උදේනිස්ට මැරෙන තුරුම පඩිය ලැබුණා.

සේවක අර්ථ සාධක ක්රමය රජය විසින් හදුන්වා දුන්නේ 1958 දී. නමුත් හරිශ්චන්ද්ර මහත්තයා තමන්ගේ සේවකයන්ට අර්ථ සාධක දෙන්න පටන් ගත්තේ 1953 දී.

උපරිම පඩි ගෙවන්න. උපරිම විදියට වැඩ කරන්න.

ඒ හරිශ්චන්ද්ර මහත්තයගේ දෙවන තුන් වන ආදර්ශ පාඨ දෙක. ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ විදියට ලැබුණු වැටුප පමණයි ඔහු අතට ගත්තෙ. පඩි ගන්න ශත 10 මුද්දරේටත් ඔහුගේ වැටුපෙන් ශත දහයක් අඩු කරන්නැයි ඔහු උපදෙස් දීලා තිබුණා.

එස්. කේ. වික්රමසිංහ, පිලිප් ගුණවර්ධන, එන්. එම්. පෙරේරා, බර්නාඩ් සොයිසා වැනි දේශපාලන කෘතහස්තයන් ඔහුගේ මිතුරන් වුණා. ලංකා බැංකුවේ අධ්යක්ෂ ධුරය ලංගම අධ්යක්ෂ ධුරය තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ සභාපතිකම වැනි තනතුරු ඔහු වෙත ගලා ආවා.

එලෙස ව්යාපාරික ලෝකයේ මුදුන් තැනක සිටිය ද තනතුරු කොතෙක් ලැබුණ ද මිල මුදල් කෙතරම් තිබුණ ද යස ඉසුරු භුක්ති විදීමේ අශාවක් ඔහු තුළ තිබුණෙ නෑ.

ඔහුට තිබුණේ සුදු අත් කොට කමිස 4 ක් සුදු ඩ්රිල් කලිසම් 4 ක් පමණ යි. ඔහුගේ ජීවිතය කෙතරම් සරල දැයි දැනගන්නට එය හොද උදාහරණයක්.

ජීවිතයේ අවසාන භාගයේ ඔහු ඔත්පලව ඇඳට වැටුණා. කෑම රුචිය වඩවනු පිනිස බ්රැන්ඩි හැන්දක් දෙකක් දෙන්නැයි දොස්තර උපදෙස් ලැබුණා.

" ජීවිත කාලයේ ම අරන් ආපු ප්රතිපත්තියක් මරණයට බයේ කඩන්නෙ මොකටෙයි, මට බ්රැන්ඩි හැන්දක්වත් එපා." 1985දි මේ අල්පේච්ඡතාවෙන් යුත් සිටුවරයා ජයවර්ධනපුර රෝහලේ දී අවසන් හුස්ම හෙලුවා.

බැංකු කටයුතු, චෙක්පත් අත්සන් කිරිම් ලියකියවිලි, මුණ ගැසෙන්නට එන අමුත්තන් ආදී දහසක් කටයුතු අතරේ ඔහු අත් නොහළ එක් දෙයක් තිබුණා. ඒ තමයි පොත් කියවීම.

ඔහුට සිටියේ දූවරුන් ම හතර දෙනෙක් පමණ යි. කමලා, විත්රා, පද්මිණි, සහ මාලනී පද්ම ප්රභා. ඔහු මේ දූවරුන් හතරදෙනාගෙ කාමර හතර පිරෙව්වේ ඇස කණ පිනවන විච්චූරණ භාණ්ඩවලින් හෝ රත්තරන් බඩුවලින් හරි නෙමෙයි. පොත්වලින්. කාමර හතරට ම පොත් රාක්ක හතරක් පිර වු මේ තාත්තගෙන් දූවරු හතර දෙනාට ලැබුණු ලොකු ම දායාදය වුයේ උගත්කම නැමැති මිල කළ නොහැකි දායාදය යි.

ඔහුගේ ජීවිත කතාවෙන් ගත හැකි ආදර්ශ මිල කල නොහැකිය.නැවත නැවත කියවා අවධාරණය කර ගත යුතු කරුනු මතක තබා ගනිමින් ඒවා ඔබේ සාර්ථකත්වයට උපයෝගී කර ගැනීම වටී.

උපුටා ගැනීම : දුක දිනා ජය ගත් මිනිස්සු
චන්ද්රසිරි දොඩන්ගොඩ
දිවයින කර්තෘ මණ්ඩලය

Address

Seeduwa
11410

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 10:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when SAgraphics.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SAgraphics.lk:

Share