INFODM

INFODM Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from INFODM, Information Technology Company, 29/A, Sen Michel Garden, Batakettara, Piliyandala.

Small business එකක් start කරන එක exciting වැඩක්, විශේෂයෙන්ම extra income හොයන්න හිතන කෙනෙක්ට වගේම, තව කෙනෙක් ගාව වැඩ කරන...
15/10/2024

Small business එකක් start කරන එක exciting වැඩක්, විශේෂයෙන්ම extra income හොයන්න හිතන කෙනෙක්ට වගේම, තව කෙනෙක් ගාව වැඩ කරන්න ආස නැති type එකේ අයට ඒක තමා තියෙන හොඳම විකල්පය. ඒත් profitable, manageable, local market එකට ගැළපෙන දෙයක් හොයන්න ඕන නිසා, ගොඩක් ලංකාවෙ අයට තමන්ට ගැළපෙන හරි business idea එක හොයාගන්න එක ලොකු challenge එකක් වෙන්න පුළුවන්. Side hustle එකක් හරි full-time commitment එකක් දෙන්න හිතාගෙන හරි, කොහොම වුනත් business idea එකක් හොයනවා නම්, හරිම දේ, තමන්ට ගැළපෙනම දේ තෝරගන්න එක මාරම වැදගත් අන්න ඒ නිසයි. මේ guide එකේදී අපි කතා කරනවා ideal business idea එකක් pick කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම ශ්‍රී ලංකාවට ගැළපෙන examples දෙනවා, start කරන්න කලින් consider කරන්න ඕනේ key factors discuss කරනවා. එහෙනම් යමු step-by-step ඒ ගැන දැනගන්න.

1️⃣ ඔයාගේ skills සහ interests ගැන මුලින්ම consider කරන්න

Business idea එකක් තෝර ගන්නකො​ට, ඔයාගෙ personal skills, interests evaluate කරන එකෙන් වැ​ඩේ පටන් ගන්​න. ඔයා passionate මොනව සම්​බන්​දවද කියලා හිතන්න, ඔයාගේ expertise තියෙන්නේ කොතනද කියලා හොයන්න. ඔයා gardening වලට කැමති නම්, example එකක් විදිහට garden designing and maintenance service එකක් පටන් ගන්න එක ඔයාට perfect වෙන්න පුළුවන්. Passion එක තියෙන දේකින් ඔයා business එක පටන් ගන්නව කියන්නෙ ඔයා ඒ වෙනුවෙන් හොඳ commitment එකක් දෙන්න පෙලඹෙනවා අනිවාර්යෙන්ම.

මෙන්න මේ step එකේදි ඔයා ඔයාගෙන්ම අහන්න ඕනේ key questions ටිකක් තියෙනවා.

◾️ මගේ hobbies ​හෝ interests මොනවද?
◾️ මට monetize කරන්න පුළුවන් skills මොනවද තියෙන්නේ?
◾️ අවශ්‍ය නම් අලුත් skills ඉගෙන ගන්න මම ලෑස්තිද?

ඔයාගේ interests වලට align වෙන business එකක් තෝරන එක වැඩේ enjoyable කරනවා විතරක් නෙවෙයි, ඔයා business එකට long term stick වෙන්න තියෙන chances වැඩි කරනවා. Example එකක් විදිහට, ඔයාට creative මොළයක් තියෙනව නම්, ඒත් එක්කම අත්කම් වැඩ කරන්න කැමති නම්, handmade wooden furniture business එකක් start කරන එක ඔයාට ගන්න පුළුවන් හොඳම business idea එක වෙන්න පුළුවන්.

2️⃣ Market එක ඉල්ලන්නෙ මොනාද කියල අවභෝ​ද කරගන්න

ඔයාගේ interests pinpoint කරගත්තට පස්සේ, next step එක market demand එක research කරන එක. ලංකාවෙන් ගන්න පුළුවන් example එකක් විදිහට, locally-made, sustainable products වලට demand එකක් තියෙනවා. ඒ වගේ​ම Furniture, fashion, eco-friendly services වගේ industries වලට හොඳ trending demand එකක් තියෙනව දැන් කාලෙක ඉඳන්.

මෙන්න මේ research එකට online tools, local surveys use කරන්න. ඒ වගේම potential customers ලට කතා කරලා demand එක මොනවගේ වෙන්න පුළුවන්ද කියල idea එකක් ගන්න. බලන්න ඔයා තෝරගන්න product එකට හෝ service එකට interest audience එක මොනවද buy කරන්නේ කියලා. ඒ වගේම market එකේ gaps identify කරන්න try කරන්න. උදාහරණයක් හැටියට ඔයා baby clothing business එකක් කරන්න හිතනව නම් නම්, ඔයා research කරන්න ඕනෙ මොන styles, materials ද trending, customers ලා මොනවද හොයන්නේ සහ එයාල හෙව්වත් market එකේ ලේසියෙන් හොයාගන්න බැරි දේවල් මොනවද කියල විශේෂයෙන්ම හොයන්න.

✅ ශ්‍රී ලංකාවේ දැනට high-demand business ideas කීපයක්

◾️ ලී ගෘහ භාණ්ඩ: Custom-made, eco-friendly ගෘහභාණ්ඩ වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම minimalist designs සහ sustainable products වලට.
◾️ ගෙවතු අලංකරණය සහ කළමණාකරණය: නාගරීකරණය වැඩි වෙනවත් එක්කම මිනිස්සු සහ apartment managers ලට ලොකු අවශ්‍යතාවක් තියෙනව එයාලගෙ පොඩි space එක හොඳ organized එකක් කරගන්න.
◾️ ළදරු ඇඳුම්: කාලයක් ඉඳන්ම ලංකාවෙ affordable, high-quality baby clothing වලට ලොකු demand එකක් තියෙනවා. විශේෂයෙන්ම organic, sustainable materials වලින් හදන ඒවාට විශේෂ ඉල්ලුමක් තියෙනව ගොඩ දෙනෙක්ගෙ.

3️⃣ Startup costs එක සහ ඔයාට දැනට තියෙන budget එක evaluate කරන්න

Business එකක් start කරන එකට අනිවාරෙන්ම සැලකිය යුතු investment එකක් කරන්​න ඕනේ. අන්න ඒක නිසා, business එක වෙනුවෙන් ඔයාට යොද​වන්න පුළුවන් budget එක කොච්චරද කියල හරියට දැනගන්න එක ගොඩක් වැදගත්. අන්න ඒක නිසා මුලින්ම ඔයාගේ business idea එකට initial costs එ​ක calculate කරන්න, equipment, supplies, marketing, ඕනේ certifications, licenses ඔක්කොම ඇතුළුව.

ඊට පස්සෙ, අවශ්‍ය investment එක ඔයාට තනියෙන් දරන්න පුළුවන්ද, නැත්නම් loan එකක් ගන්න ඕනෙද, business එක run කරන්න ongoing costs මොනවද (අමුද්‍රව්‍ය, සේවක කුලී, බිල්පත්, වගේ දේවල්) සහ profits හොයන්න පටන් ගන්න කොච්චර කල් යයිද කියන එක ගැන clear idea එකක් ගන්න ඕනෙ. මේක තනියම කරන්න අමාරුනම් ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක්ව සම්භන්ධ කරගන්න.

4️⃣ තරඟකාරීත්වය ගැන අනිවාරෙන්ම consider කරන්න

Competition එක, එහෙමත් නැතිනම් තරඟකාරීත්වයට ඔයාට අනිවාරෙන්ම මුහුණ දෙන්න වෙනවා. Similar services හරි products හරි offer කරන businesses ගොඩක් තියෙනවා නම්, ඔයාට එයාලගෙන් වෙනස් වෙන්න ක්‍රම අනිවාරෙන්ම හොයාගන්න වෙන​වා. Competitors ලා මොනවද කරන්නේ, එයාලා locate වෙලා ඉන්​නේ කොහෙද, එයාල success වෙන්න හෝ fail වෙන්න හේතු මොනවද කියලා research කරන්න.

Example එකක් විදිහට, ඔයා කරන්න යන්නෙ restaurant එකක් නම්, ඔයාගෙ area එකේ තියෙන restaurant මොනවද, එයාලගෙ විශේෂතා වගේම දුර්වලතා මොනවද, මිනිස්සුන්ව attract කරගන්න එයාලට වඩා හොඳට ඔයාට දෙන්න පුළුවන් මොනවගේ කෑම වර්ගද, මොනවගේ pricing එකක්ද, මොනවගේ dining experience එකක්ද කියන එක ගැන ඔයා හොඳ අවභෝධයක් ගන්න ඕනෙ.

5️⃣ පොඩි pilot project එකක් එක්ක ඔයාගේ idea එක test කරන්න

Business idea එකට fully commit වෙන්න කලින්, පොඩි ආරම්භයකින් test කරලා බලන්න පුළුවන් නම් වඩා හොඳයි. Minimum viable product (MVP) එකක් create කරන්න, ඒ කියන්නේ ඔයාගේ product එකේ හරි service එකේ හරි basic version එකක්, potential customers ලට present කරන එක. Feedback එක gather කරන්න, demand එක, pricing, වෙනස් වෙන්න ඕනෙ දේවල් ගැන insights ගන්න.

Example එකක් විදිහට, wooden furniture business එකක් නම්, small furniture items ටිකක් හදලා local market එකේ හරි online platform එකක හරි sell කරලා බලන්න පුළුවන්. Customer feedback එක base කරගෙන, designs, production process refine කරන්න පුළුවන්, business එක ලොකුවට scale up කරන්න කලින්.

✅ Pilot project එකක් run කරන්නෙ කොහොමද?

◾️ Limited budget එකක් සහ limited resources එක්ක ඔයාගෙ business එකේ small-scale version එකක් create කරන්න.
◾️ Target audience එකෙන් feedback එක collect කරන්න. ඒ feedbacks එක්ක product එක හරි service එක හරි refine කරන්න.
◾️ Sales සහ customer satisfaction එක කොහොමද කියන එක track කරන්න. ඒත් එක්කම business idea එක validate කරගන්න.

✅ Additional Tips:
◾️ Networking: Industry experts, mentors ලත් එක්ක පුළුවන් තරම් සම්භන්ධ වෙන්න, එයාලගෙන් guidance සහ support ගන්න.
◾️ Online Presence: Professional website එකක්, social media presence එකක් build කරන්න. ඔයාගෙ business එකට අදාල audience එකක් reach කරන්න. අන්න ඒ වැඩේට අපිට ඔයාලට උදව් වෙන්න පුළුවන්. උදව්වක් ඕනේ නම් අපිට මැසේජ් එකක් දාන්න.
◾️ Legal Requirements: Business registration, licenses, permits ගැන research කරන්න. Scale කරන්න කලින් ඒව හරියට හදාගන්න.

6️⃣ Long-term growth එක plan කරන්න

Business idea එකක් choose කරනකොට, long-term growth එකේ potential එක ගැන හිතන්න. පොඩියට පටන් ගන්නවත් එක්කම future එකේදී business එක scale කරන්න plan එකක් තියෙන්න ඕනේ. Product line එක expand කරන එක, new markets වලට reach කරන එක, වැඩිපුර staff hire කරන එක මේකට include වෙන්න පුළුවන්.

Example එකක් විදිහට, packaged food business එකක් custom orders focus කරලා start කරන්න පුළුවන්, ඒත් mass production වලට expand වෙන්න පුළුවන් නම් හරි international markets වලට ලොකු quantities export කරන්න පුළුවන් නම් ඒ ගැනත් basic plan එකක් හදා ගන්​න.

ඒ වගේම garden maintenance service එකක් commercial properties වලට landscape design offer කරලා grow වෙන්න පුළුවන්. ඒ වගේම real estate developers ලා එක්ක partner වෙන්න පුළුවන්.

✅ Growth එක Plan කරද්දි මෙන්න මේ ප්‍රශ්න ඔයාගෙන්ම අහන්න

◾️ ඔයාගේ business එකේ long-term vision එක මොකක්ද?
◾️ Business එක grow වෙනකොට වැඩි වෙන demand එක manage කරන්නේ කොහොමද?
◾️ Eventually වැඩිපුර products හරි services offer කරලා income streams diversify කරන්න පුළුවන්ද?

7️⃣ Technology සහ Online Platforms පාවිච්චි කරන්න

අද වගේ digital age එකක, online presence එකක් තියෙන එක ඕනෑම small business එකක success එකට ගොඩක් වැදගත්. ඔයා food business එකක් කළත් financial services offer කළත්, මොනව කලත් website එකක් create කරන එක, Facebook, Instagram, TikTok, WhatsApp වගේ social media platforms use කරන එක minimal cost එකකින් larger audience එකකට reach වෙන්න උදව් වෙනවා.

✅ Small Businesses වලට තියෙන්නම ඕනෙ online platforms

◾️ Facebook & Instagram: Products promote කරන්න, customers ලා එක්ක engage වෙන්න posts, stories, ads use කරන්න අනිවාරෙන්ම Facebook සහ Instagram තියෙන්න ඕනෙ.
◾️ E-commerce Platforms: WooCommerce හරි Daraz වගේ platforms වල online store එකක් set up කරන එක consider කරන්න. නමුත් ඒක ඔයා තෝරගන්න product එකට සහ ඒකට අදාල market එකට ගැලපෙන්න ඕනෙ.
◾️ WhatsApp Business: WhatsApp ඉතින් අද හැමෝම වගේ use කරනවනෙ. ඒ නිසා මේක customers ලා එක්ක communicate කරන්න, updates යවන්න, orders manage කරන්න simple and effective way එකක්.

ඉතින්, නිවැරදි business idea එක තෝරා ගන්න එක entrepreneurial success එකේ foundation එක. ඔයාගේ skills market demand එක්ක align කරන එකෙන්, startup costs consider කරන එකෙන්, growth එක plan කරන එකෙන්, ඔයාට business එකක් develop කරගන්න පුළුවන් ඔයාගේ financial goals වලට ඔයාව අරගෙන යනව විතරක් නෙවෙයි, customers ලට ලොකු value එක්ක් create කරනවා. මොකද ඔයා දෙන්නෙ හොඳම දේ නිසා. සරලවම කිව්වොත් නිවැරදි preparation එකයි mindset එකයි තියෙනවා නම් ඔයාට මේ market එකේ කරන්න බැරි දෙයක් නෑ.

මේ article එක ගැන ඔයාගෙ අදහස මොකක්ද? මතක ඇතිව පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේවගේ content දිගටම බලන්න, දැන්ම අපිව follow කරල තියාගන්න. එහෙනම් තවත් මේවගේම valuable content එකකින් හම්බෙනකන්, හැමෝටම ජය වේවා!

🇱🇰

Lanka Translator Extension - Version 1.1.0 UpdateWe are excited to announce the first major update to the Lanka Translat...
17/06/2024

Lanka Translator Extension - Version 1.1.0 Update

We are excited to announce the first major update to the Lanka Translator extension, packed with new features and improvements to enhance your translation experience!

New Features:

Real-Time Translation Tooltip: Highlight text and see translations appear instantly in a tooltip. This feature supports translating selected words and sentences seamlessly as you browse.

Improvements:

Performance Optimizations: Enjoy faster and more efficient translations with improved performance under the hood.
Bug Fixes: We've squashed several bugs to ensure a smoother and more reliable user experience.

How to Update:

We have submitted the updated files to the Google Chrome Webstore, and they are currently pending approval. Once approved, you will be able to use the latest version by updating your extension.

Open your Chrome browser.
Go to chrome://extensions/.
Find the Lanka Translator extension.
Click on the "Update" button.
Stay tuned for more updates and features! Your feedback is invaluable to us. If you have any suggestions or encounter any issues, please let us know.

Thank you for using Lanka Translator!

Translate selected text to Sinhala, Tamil, or EnglishIntroducing Lanka Translator, your ultimate tool for seamless trans...
09/06/2024

Translate selected text to Sinhala, Tamil, or English

Introducing Lanka Translator, your ultimate tool for seamless translation between Sinhala, Tamil, and English! Whether you need to translate words, sentences, paragraphs, or even the full content of a webpage, Lanka Translator has got you covered. With this easy-to-use Chrome extension, you can customize your translation experience by setting your preferred text and background colors. Your language and color preferences are saved, ensuring that the extension works just the way you like every time you use it. Say goodbye to switching tabs for translations - Lanka Translator brings the translation to you, right on the same page.

Features
► Three-Way Translation: Effortlessly translate between Sinhala, Tamil, and English.
► Flexible Translation Options: Translate anything from single words to entire webpages.
► Customizable Appearance: Adjust text and background colors to suit your reading comfort.
► Personalized Settings: Save your language preferences and colors for a consistent experience.
► In-Page Translation: Translate content directly on the page without the need to copy-paste into another tool.

Visit Google Chrome web store: https://shorturl.at/9a8sx

Address

29/A, Sen Michel Garden, Batakettara
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when INFODM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share