Mobile Sri Lanka

Mobile Sri Lanka Information | Entertainment | Education | Competition & Game | Awards & Rewards | Recycle Pro ♻️ | M entrepreneur

Towards a better future in communication🇱🇰

තාක්ෂණය අධි භාවිතය ජීවිතවලට ජන සමාජයට අහිතකරව බලපානවා. ඊට ප්‍රධාන හේතුව මනසින් පොහොසත් නොවීම හා අයහපත් ආකල්පවලින් යුතු වීමයි. මේ සැම ප්‍රබල තාක්ෂණය දියුණුවට මෙන්ම සමාජ පිරිහීමට ද හේතු වෙනවා.

හැඟීම් දැනීම් ඇති මානවයා පිළිබද ගෞරවාන්විතව සිතන පතන සහකම්පනයෙන් යුතු අදීන ජනසමාජයක් වෙනුවෙන් විවෘත මනැසකින් දැක කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක් වී පවතිනවා.

Mobile Sri Lanka  | In a world of reflections, which version of ourselves do we share with the world? Social media fragm...
16/09/2026

Mobile Sri Lanka | In a world of reflections, which version of ourselves do we share with the world? Social media fragments us into curated moments, but behind each shard lies a deeper story.

30/07/2026

ඩිජිටල් ස්ක්‍රීන් විනෝදජනක වැඩ සඳහා භාවිත කරන්නේ පරිස්සමින්.
පස්සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්න පුළුවන්
https://www.facebook.com/share/v/1H6r8DJkqv/

🔒 Keep Your WhatsApp Status Private – Protect Your Privacy, Protect Yourself!Your WhatsApp Status may reveal more than y...
09/07/2026

🔒 Keep Your WhatsApp Status Private – Protect Your Privacy, Protect Yourself!

Your WhatsApp Status may reveal more than you realize. Sharing updates publicly or with unknown people can expose your personal life, making you a target for scams, identity theft, photo misuse, and blackmail.

✅ Set your Status privacy to "My Contacts" or "Share with..." trusted people only.
✅ Avoid posting your location, phone number, travel plans, or sensitive personal information.
✅ Think before you post—what you share today can be misused tomorrow.

Your privacy is in your hands. Stay alert. Stay secure.

05/07/2026

📱ඔබගේ දුරකතනයේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව තහවුරු කරගැනීමට දැන්ම මේ පියවර 3 අනුගමනය කරන්න:

1. Privacy Dashboard එක පරික්ෂා කරන්න 📊
ඔබගේ Android දුරකතනයේ Settings -> Privacy (නැතහොත් Privacy & Security) වෙත පිවිසෙන්න. එහි ඇති "Privacy Dashboard" කියන සෙටින්ග් එක ඇතුළට යන්න. එතැනින් ඔබට බලාගත හැකියි පසුගිය පැය 24 පුරා ඔබගේ දුරකතනයේ Camera, Microphone සහ Location යන සංවේදී දේවල් පාවිච්චි කර ඇත්තේ කුමන ඇප්ස් මඟින්ද කියා. එහි ඔබ නොදන්නා හෝ සැකකටයුතු ඇප් එකක් තිබේ නම් දැන්ම අවදානම් සහගතයි.

2. අනවශ්‍ය ඇප්ස් වල Permissions අක්‍රීය කරන්න 📵
Settings -> Apps (නැතහොත් App Management) වෙත ගොස් ඔබ නිතරම පාවිච්චි නොකරන එක එක Game ඇප්ස්, Photo Editing ඇප්ස් සිලෙක්ට් කරන්න. ඉන්පසු එහි ඇති "Permissions" වෙත ගොස්, ඒවාට ලබා දී ඇති Camera සහ Microphone Permissions සම්පූර්ණයෙන්ම "Don't Allow" හෝ "Ask every time" ලෙස වෙනස් කරන්න. (සරල උදාහරණයක් ලෙස: සාමාන්‍ය Game එකකට හෝ Calculator ඇප් එකකට ඔබගේ කැමරාව හෝ මයික්‍රෆෝනය අවශ්‍ය වන්නේ නැත).

3. ඉහළ කෙළවරේ ඇති "කොළ පාට තිත" (Green Dot Notification) ගැන අවධාරණයෙන් සිටින්න 🟢
ඔබ දුරකතනය පාවිච්චි කරද්දී, ස්ක්‍රීන් එකේ දකුණු පස ඉහළ කෙළවරේ කුඩා "කොළ පාට තිතක්" හෝ කැමරාවක/මයික්‍රෆෝනයක සලකුණක් වැටෙනවා ඔබ දැක ඇති. ඔබ කැමරාව හෝ WhatsApp Voice Note එකක් පාවිච්චි නොකරන සාමාන්‍ය වෙලාවකත් එම කොළ පාට තිත දර්ශනය වන්නේ නම්, එයින් අදහස් වන්නේ පසුබිමේ (Background) ඇති කුමන හෝ ඇප් එකක් හොරෙන් ඔබව නිරීක්ෂණය කරන බවයි. එවැනි වෙලාවක වහාම දුරකතනය පරික්ෂා කරන්න.

ඩිජිටල් ලෝකයේ අපගේ පුද්ගලික තොරතුරු සහ නිවසේ සිටින දූ දරුවන්ගේ, කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ සරල තාක්ෂණික උපක්‍රම දැන සිටීම පට්ටම වටිනවා.

Copied : ICT Trust

03/07/2026

ඉයර්ෆෝන් සහ හෙඩ්ෆෝන් සම්බන්ධයෙන් නව නීති එන ලකුණු හෙඩ්ෆෝන් දැම්මොත් දඩත් නෑ කෙළින්ම අධිකරණයට


https://www.facebook.com/share/v/1HQAcXwdZ6/

01/07/2026

🛡️ ඔයාගේ Phone එක Hack වෙලාද? – Cyber Security Awareness

ඔයාගේ Mobile Device එකේ පහත ලක්ෂණ තියෙනවා නම්, ඒ ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි 👇

🔴 Phone එක හදිසියේ Slow වීම / Hang වීම
➡️ Background එකේ Malware හෝ Unwanted Processes ක්‍රියාත්මක වීමේ ලකුණක් විය හැක.

🔴 Battery එක ඉක්මනින් Drain වීම / Heat වීම
➡️ Hidden Apps හෝ Spyware Continuous ලෙස Run වීම නිසා සිදුවිය හැක.

🔴 ඔබ නොදන්නා Apps Install වී තිබීම
➡️ Unauthorized Access හෝ Malicious Installation එකක් විය හැක.

🔴 Mobile Data Usage අසාමාන්‍ය ලෙස වැඩි වීම
➡️ Background Data Theft හෝ Unauthorized Data Transfer සිදුවෙන්න පුළුවන්.

🔴 Popup Ads / Strange Notifications / Unknown Messages
➡️ Adware හෝ Phishing Attack එකක ලකුණක් විය හැක.

🔴 Social Media / Email / Bank Accounts වල Suspicious Login Activity
➡️ Credentials Compromise වී තිබීමේ අවදානමක් ඇත.

🔴 Camera / Microphone හදිසියේ Active වීම
➡️ Privacy Breach හෝ Unauthorized Access එකක් විය හැක.

🔴 Phone එක Randomly Restart වීම හෝ Performance Drop වීම
➡️ System-level Infection එකක් හෝ Malware Impact එකක් විය හැක.

⚠️ වැදගත් කරුණක්:

මෙම ලක්ෂණ එකක් තිබුනම අනිවාර්යයෙන්ම Phone එක Hack වෙලා කියලා තහවුරු වෙන්නේ නැහැ.
නමුත් ඒවා Cyber Threat එකක් ඇති විය හැකි Warning Signs ලෙස සලකන්න ඕන.

🔐 ඔබගේ Digital Security එක රැකගැනීමට:

✔ Strong & Unique Password භාවිතා කරන්න
✔ Two-Factor Authentication (2FA) Enable කරන්න
✔ Unknown Links / APK Files Open කරන්න එපා
✔ Apps Install කරන විට Permissions Check කරන්න
✔ Official App Stores පමණක් භාවිතා කරන්න
✔ Regular Software Updates Install කරන්න
✔ Public Wi-Fi භාවිතයේදී සැලකිලිමත් වන්න
✔ Antivirus / Security Tools භාවිතා කරන්න

Copied - Cyber Wall

Facebook  & whatsApp Group  සමග සම්බන්ධ වීමේදී ප්‍රවේශම් වන්න....
28/06/2026

Facebook & whatsApp Group සමග සම්බන්ධ වීමේදී ප්‍රවේශම් වන්න....

ෆේස්බුක් සහ WhatsApp සමූහයන් (Groups) සමග එක්වීමේදී ප්‍රවේශම් වෙන්න.

ඇතැමුන් අතර ජනප්‍රිය විවිධ අවශ්‍යතාවයන් සදහා පිහිටුවාගන්නා ෆේස්බුක්, WhatsApp වැනි සමාජ ජාල සමූහයන් (Groups) සමග එක්වීමේදී ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා CERT ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙවැනි සමූහයන් වංචනික කටයුතු විශේෂයෙන් මුදල් ගැරීමේ අරමුණින් පිහිටුවාගනු ලැබු කණ්ඩායම් බවට තොරතුරු හා පැමිණිලි ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා CERT ආයතනය නිවේදනය කර සිටී.
මෙවන් එක් සමූහයක් පිළිබදව මේ වනවිට පැමිණිලි ලැබෙමින් පවතින අතර දැනටමත් මෙම වංචාවට හසුව මුදල් අහිමි කර ගත් පිරිසක් සිටිති.

ඔබේ ජංගම දුරකථනයට හෝ නිවසේ තිබෙන ගෘහස්ථ දුරකථනයට VIP අංකයක් ලබා ගමු යනුවෙන් හැදින්වෙන WhatsApp සමූහයට එක්වූ පිරිස මෙලෙස මුදල් අහිමි කර ගෙන ඇත. තමන් සතු ජංගම දුරකථනයට සේවා සපයන සමාගමෙන් VIP අංකයක් ලබා ගැනීමේ අරමුණින් මෙම සමූහයට එක් වූවන්ගෙන් රුපියල් 20,000 - 25,000 ත් අතර මුදලක් මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබේ. එම මුදල් ගෙවීමෙන් පසු සමූහයේ admin විසින් එම මුදල් ගෙවූ පුද්ගලයන් සමූහයෙන් ඉවත් කිරීමත් සමග මුදල් මෙන්ම VIP අංකයද ඔවුනට අහිමි වන්නේය.

මේ ආකාරයෙන් මුදල් වංචනිකව ලබා ගන්නා සමූහයන් තවත් බොහෝමයක් පවතින බවටද තොරතුරු ලැබෙමින් පවතී. එම තොරතුරුද ඉදිරියේදි ඔබට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා CERT ආයතනය සූදානමින් සිටී. එබැවින් සමාජ ජාල සමූහයන්ට එක්වීමට පෙර ඒවා පිළිබදව අවධානය යොමු කර තොරතුරු සොයා බලා එක්වන ලෙසද ශ්‍රී ලංකා CERT ඉල්ලා සිටී.

26/06/2026



Phone එකට ඇබ්බැහි වෙන ලෙඩේට තිත තියන හැටි | How to Stop Phone Addic...

Address

Nugegoda
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Mobile Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share