Power Telecom Systems

Power Telecom Systems We Undertaken all Telecommunication & Computer works.

Power Telecom Systems was established in 2002 and we specialize in Telecommunication-work and Computer-work. We are proud to mention that we are in service for an unbroken period of 21 Years without any Complain from our customers. We do PABX Installation, Maintenance & Repairs, Computer Network Wiring, ADSL Installation, GSM Gateways, etc, etc.

🙏🙏🙏🙏
14/04/2026

🙏🙏🙏🙏

😁😁😁😁
03/08/2025

😁😁😁😁

කිසිම වෘත්තියක් අවතක්සේරු කරන්න එපා.....ඒක ඉගෙනගන්න එයා හුඟ මහන්සි වෙලා තියෙනව.....🤔🤔🤔🤔කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා TV එකක...
02/06/2025

කිසිම වෘත්තියක් අවතක්සේරු කරන්න එපා.....
ඒක ඉගෙනගන්න එයා හුඟ මහන්සි වෙලා තියෙනව.....
🤔🤔🤔🤔
කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා TV එකක් හදාගන්න ඕන එකට ගාන කීයද කියලා, මම ලෙඩේ මොකක්ද කියල අහලා ඒක හදන්න 7500යි කිව්වා.
කස්ටමර් - මේ පොඩි Repair එකක් කරන්න එච්චර ගන්නවද 🤓
මම - එහෙනම් මේ Repair එකට ඔයාගේ ගාන කීයද කියලා ඉන්නකො 😌
කස්ටමර් - වැඩිම උනොත් 3500 ක් ගන්න මල්ලි, පොඩි වැඩක්නෙ 🤨
මම කිව්වා '' අපරාදේ මට 3500 ක් මට දෙන වෙලාවේ ඒ Repair එක ඔයාටම කරගන්න පුළුන් නේ'' කියල
කස්ටමර් - '' ඒත් මං ඔය ඉලෙක්ට්‍රොනික් වැඩ දන්නැනේ මල්ලි''
මම - හරි 2500 ක් මට දෙන්න. මං උගන්නන්නම්, ඔයාට 1000ක් ම ඉතිරි වෙනවනේ අයියේ, ඊලග පාර ඕන උනාම ඔයාට තනියම Repair එක කරගන්න පුළුවන්
කස්ටමර් - 'ම්...ඒක නම් හොඳ අදහස මල්ලි'
මම - හැබැයි අයියෙ තවදෙයක් මම ඔයාට උගන්වන්නම්, ඊට කලින් ඔයා මල්ටි මීටර්, ඔසිලස්කෝප්, මේ Repair එකටම වෙනම හදපූ ටූල්ස්, Soldering Iron, Hot Air Gun, ඊයම්, Cleaning Alcohol වර්ග,එහෙම ලෑස්ති කරගන්න ඕනේ
කස්ටමර් - " ඇ.....මල්ලි මං කොහොමද ඉතිං මේ හදිස්සියේ ඕවා හොයා ගන්නෙ....අනික මේ එක TV එකක් Repair කරගන්න වැඩේට විතරක් මේවා අරගන්න පුළුවන් යැ?"
මම - " හරි....මට තව 500 ක් දෙන්න, මං මගේ ටූල්ස් සහ කලමනා ටික දෙන්නම් අයියට එක දවසකට...වැඩේ කරගෙන දෙන්න
කස්ටමර් - "හරි මල්ලි...ඒක හොදයි,
මම - අයිය සදුදා උදේ වරුවේ එන්න, දෙන්න පුළුවන් ටූල්ස් ටික...මං එදාට Free.
කස්ටමර් - අපො මල්ලි...සදුදා මං වැඩට යන්න එපැයි....මට ඉරිදා විතරයි පුළුවන්
මම - එහෙනම් කරන්න දෙයක් නැ අයියෙ...අනිත් දවස් වලට කරන්න මට වැඩ වගයක් ඇවිල්ලා තියෙන්නෙ
කස්ටමර් - ඒකත් එහෙමද? ඒ කියන්නෙ එහෙනම් ඉතිං මට මේකටම නිවාඩුවක් දාන්න වෙනව, වැඩේ කරගන්න
මම - අනික අයියෙ මේ වැඩේ ඔයාම කරන්න යද්දි තව තව පොඩි වියදම් ටිකකුත් යනව 😁
කස්ටමර් - මොකක්....ඒ මොනවද? 🤔
මම - ඇයි අයියෙ කරන්ට් බිල්? මහන්සිය, Dust එක අයින් කරල සර්විස් කරන්න Vacuum Cleaner වලට එහෙම 😅
😌🥺🧐
" ආපෝ මල්ලි...මේ පොඩි වැඩේ කරගන්න මම මගේ කාලයයි සල්ලීයි දෙකම නාස්ති කරගන්න එපැයි....මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාට පුළුවන් නේද මල්ලි මට මේ වැඩේ කරලා දෙන්න?.....මම ම කරගන්න ගියා නම් මේක කෙරන්නෙ නැ මල්ලි.....7500 ක් දීලා ඔයාටම කියල කරගන්න ඒක ලේසී"
-------------------------------------------------------------------
විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික කටයුත්තකදි ඔයාලා මේ මුදල් වියදම් කරන්නෙ නිකන්ම නිකං ගැලවුන වයර් අමුණන්නවත්, ඔන් වෙන්නෙ නැති Power Switch එකක් විතරක් හදන්නම නෙමෙයි., අදාල වැඩේ ගැන Technician ට තියෙන,
දැනුමට
අත්දැකීම් වලට
එයා මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලට,
කැප කරන වේලාවට,
ලබා දෙන සේවයට,
අදාල වැඩේට පාවිච්චි වෙන උපකරණ වලට,
අදාල දවසට අදාල වෙලාවට වැඩෙ කරල දෙනවට,
කාර්යක්ෂමතාවයට,
ඔහුගේ කැපවීමට,
ඒ වගේම වගකීමක් අරගෙන හරියට වැඩේ කරනවට.
නිවැරදි විදියට අදාල Repair එක කරල දෙනවට,
කාටවත්ම බැ Technician කෙනෙක් කරන සේවාව දිහා ඔහේ නිකං බලලා ඒක ගණන් අඩුවෙන් ගන්න ඕන වැඩක්ද නැද්ද කියන එක කලින්ම තීරණය කරන්න. මොකද Client එහෙමත් නැත්නම් Customer කෙනෙක් විදියට ඔයා දකින ගානට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන්ම වියදම් වෙනව මේ කරන Electronics Repair වැඩකදි.
ඔබට ජය ..තෙරුවණ් සරණයි.

⛈️⛈️.අකුණු අකුණු ⛈️⛈️.........😝😝🤔🤔තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්...
13/10/2024

⛈️⛈️.අකුණු අකුණු ⛈️⛈️.........
😝😝🤔🤔
තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ.
සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණය? ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් තමයි වළාකුලත් චාජ් වෙන්නෙ.
ඒක හුළඟින් ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවෙන්නත් පුළුවන් වළාකුළු 2ක් එකිනෙක ඇතිල්ලීගෙන යද්දි ඇතිවෙන ඝර්ෂණයෙන් වෙන්නත් පුළුවන්. තවත් හේතුවක් තියෙනවා. අහල ඇතිනෙ රත්වූ වාතය / ජලය එහෙම ඉහළ යනවා, සීතල දේවල් පහළට එනව කියල. ඔය තියරියම වළාකුල ඇතුලෙත් සිද්ධවෙනවා.
වළාකුලේ යට හරියෙ තියෙන්නෙ සාපේක්ෂව උණුසුම් ජල වාෂ්ප. වළාකුලේ උඩ හරියෙ තියෙන්නෙ ඉතාම සිසිල් ice crystals. ඉතින් කලින් කිව්වා වගේ ජල වාෂ්ප උඩට යනවා, අයිස් ස්ඵටික යටට එනවා. ඒ එන අතරමගදි මේ දෙගොල්ලො එකිනෙක ඇතිල්ලීගෙනයි එන්නෙ. ඉතින් ඒ ඇතිවෙන ඝර්ෂණය නිසාත් ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නවා.
ආරෝපණ කිව්වම ධන (+) ආරෝපණ සහ ඍණ (-) ආරෝපණ 2ම වළාකුලේ විසිරිලා තියෙනවා. මේ විසිරුණු ආරෝපණ වලින් ධන අරෝපණ ටික වළාකුලේ ඉහළට ගිහින් ඍණ ආරෝපණ ටික පහළට ඇවිත් වළාකුල දෙකට බෙදනවා හරියට බැටරියක උඩ පැත්ත ධන හා යට පැත්ත ඍණ වගේ.
ඇයි වළාකුලේ පොළොවට ලඟ යට පැත්තම ඍණ වෙන්නෙ? මොකද පෘථිවි පෘෂ්ඨය වළාකුලට සාපේක්ෂව ධන ආරෝපිතයි. ධන කෙනා ලඟට ආකර්ෂණය වෙන්නෙ ඉතින් ඊට විරුද්ධ ඍණ කෙනානෙ. හැබැයි මේ ආරෝපණ බෙදීම නිශ්චිතවම වෙන හැටි ගැන තාමත් හොයාගෙන නෑ.
අකුණු වළාකුලක් කිට්ටු වෙද්දි පොළොවෙ තියන ධන ආරෝපණ ටිකත් යකා නටන්න ගන්නවා. මොකද එයත් කැමති සෘණ අයටනෙ. ඉතින් ඒ ධන ආරෝපණ ටිකත් ගස් උඩට, ඇන්ටනා වලට, වහලවල් උඩට, අකුණු සන්නායක උඩට වගේ වළාකුලට ලඟම තැන් වලට පුළුවන් තරම් එකතු වෙනවා. විශේෂයෙන් උල් හා දාර ඇති සන්නායක තුඩු වලට. ගිහින් අර වළාකුලේ තියෙන සෘණ ආරෝපණ තමන් ලඟට එනකල් ආසාවෙන් බලන් ඉන්නවා.
හැබැයි යන්නෙ "පොළොවට සම්බන්ධ" සන්නායක දිගේ.
උදාහරණ : යකඩ දිගේ, කඳු උඩට,
ගස් දිගේ (ගස් ඇතුලෙ වතුර තියෙනවනෙ. වතුර හොඳ සන්නායකයක්),
මිනිස්සු දිගේ (අපේ ශරීරයෙනුත් 70%ක් විතර ජලයනෙ).
අකුණු වළාකුලකට වෝල්ට් "මිලියන" 100කට වඩා වැඩි විභවයක් තියාගන්න පුළුවන්. ඒ වගේම කූලෝම් 5ක 15ක වගේ සෘණ ආරෝපණයකුත් තියෙනවා.
ඉතින් මේ සෘණ ආරෝපණත් අර ඇන්ටනා උඩට වෙලා තමන් එනතුරු බලන් ඉන්න ධන ආරෝපණ ටික දැක්ක ගමන් ඉක්මණට එයාල ලඟට පනිනවා (ප්‍රභල අකුණකට සැතපුම් කිහිපයක් දුරට පනින්න පුළුවන්).
ඕකට තමයි සරළව අකුණක් කියන්නෙ.
අකුණක් හටගන්නෙ එක්කො වළාකුළු 2ක් අතර (එක වළාකුලක සෘණ පැත්ත හා තව වළාකුලක ධන පැත්ත අතර පනින පුළිඟුවක් හෙවත් spark එකක් ලෙස). නැත්තං වළාකුලක් හා පොළොව අතර.
>දැන් ටිකක් කතාවෙ ගැඹුරට යමු.
අකුණු සැරයක උෂ්ණත්වය සෙල්සියස් 20000ට වැඩියි. ඒ උෂ්ණත්වය නිසා අකුණ ගහද්දි ඒ අවට වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. ඒක තමයි අපිට අකුණක සද්දෙ විදියට ඇහෙන්නෙ.
ඇයි අකුණක් zigzag ආකාරයට ගමන් කරන්නෙ? මේකත් සිදුවන හැටි තාම හොයාගෙන නෑ. හැබැයි වෙන්නෙ මේකයි. අකුණ ඉතාම ප්‍රභල වුණාට මොලේ කළඳක් නෑ. අකුණ ටික දුරක් පහළට එනවා. ඇවිත් තත්පරයෙන් 1/20000ක පමණ කාලයක් ඔළුව කස කස වටපිට හොයල බලනව කොහෙද පොළොවට සම්බන්ධ ළඟම ධන ආරෝපණය (පොළොවට යන ලේසිම පාර) තියෙන්නෙ කියල. ඒ කාලයෙ තමයි zigzag එකේ තිරස් ඉර හැදෙන්නෙ. ගමනාන්තය හොයාගන්න බැරිවුණොත් ආපහු ටික දුරක් පහළට ඇවිත් ලැජ්ජ නැතුව තව තත්පරයකින් 1/20000ක කාලයක් කස කස හොයනව පොළොවට යන ලේසිම පාර කොහෙද කියල. ඔන්න දෙවනි zigzag එකත් හැදුනා. ඕක පාර හොයාගන්නකන්ම වෙනවා.
ඒ වගේම අකුණක් ගහක මුල් පද්ධතිය වගේ අතු බෙදෙනවා. බෙදිල ගිහින් හොයනව කොහෙද පොළොවට යන ලේසිම පාර කියල. ඒක නම් හැමෝම දැකල ඇතිනෙ.
තව ප්‍රශ්නයක්.. කලින් කිව්ව වගේ වළාකුලෙන් පොළොවට එන්නෙ සෘණ ආරෝපණ. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන. ඒත් ධාරාව (current) ගමන් කරන්නෙ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවටනෙ. එහෙම නම් ඇත්තටම අකුණ වදින්නෙ අහසින් පොළොවටද? නැත්තං පොළොවෙන් අහසටද?
>Return Stroke
අතු බෙදිලා zigzag හදල ඔක්කොම වැඩ දාලා අකුණ කරන්නෙ පොළොවට තියෙන ළඟම පාර හොයාගන්න එකයි. කොහොමහරි කරල පාර හොයාගෙන ගමනාන්තයට ආවම පොළොවත් වළාකුලත් අතර සෘජු සම්බන්ධයක් හැදෙනවා. දැන් ඉතාම දීප්තිමත් අති ප්‍රභල විදුලි ධාරාවක් (ඇම්පියර් 30000 පමණ) පොළොවේ අකුණ වැදුණු තැන සිට වළාකුලට ඉතාම කෙටි කාලයක් තුල අතු නොබෙදී ගමන් කරනවා. ඉතින් ගෙවල් දොරවල් අළු නොවී තියෙයිද?
>Trip Switch
"අපේ ගෙදර trip switch එක නියමෙට වැඩ. පොඩි අකුණක් ගැහුවත් ඕෆ් වෙනවා" ඕක ඕන තරම් අය කියනවනෙ. කියන්න කණගාටුයි මිත්‍රවරුනි ට්‍රිප් ස්විච් එකේ රස්සාව කිසිසේත්ම අකුණු වලින් පරිපථ බේරාගැනීම කියන දේ නම් නෙමෙයි.
එයා කරන්නෙ මෙහෙම වැඩක්. හිතන්න ඔයාගෙ ගෙදර toilet එකක් නෑ 😛 . දැන් ඔයාගෙ ගෙදරට ටැප් ලයින් එකෙන් "එන වතුර ලීටර් ගානයි" නාලා රෙදි හෝදල කානුවෙන් "යන වතුර ලීටර් ගානයි" අතර වෙනස බැලුවොත් ඒ වෙනසින් එන්නෙ ඔයා බීපු වතුර ලීටර් ගාන නේද? ඔයා අධිකව වතුර බිව්වොත් ඔයාට මොකක්හරි ලෙඩක් හැදෙයි කියල බයට water board එකෙන් ඔයාගෙ ගෙදරට එන water supply එක කපනවා.
ඕකම තමයි ට්‍රිප් ස්විච් එකෙන් වෙන්නෙත්. ගෙදර ඇතුලට Live එකෙන් යම්කිසි ඇම්පියර් ගානක විදුලියක් ගිහින් ගෙදරින් එළියට Neutral එක දිගේ එන්නෙ ඊට අඩු ගානක් නම් ඒ කියන්නෙ කාගෙහරි ඇඟ හරහා විදුලිය භූගත වෙලා (කාටහරි කරන්ට් එක වැදිලා).
ඉතින් Live එකයි Neutral එකයි අතර වෙනස (කරන්ට් එක වැදුනු කෙනා හරහා යන ධාරාව) මිලිඇම්පියර් 30ක් වෙච්ච ගමන් මුළු ගෙදරටම දෙන විද්‍යුත් සැපයුම ක්ෂණිකව විසන්ධි කරනවා. ට්‍රිප් ස්විච් එකේ රස්සාව ඔය ගණන් හැදිල්ල කරල අනතුරකදි ඕෆ් වෙන එක මිසක් අකුණු වලින් බේරන එක නම් නෙමෙයි පුතී.
හත්ඉලව්වේ ඒ වුනාට අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවනෙ. ඔව් ඉතින් අකුණු ගහද්දි ලොකු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් අවට පරිසරයේ පැතිරෙනවනෙ. ඒ ක්ෂේත්‍රය නිසා අපේ ගෘහස්ථ විදුලි පරිපථයෙ එක එක තැන් වල ධාරාවන් ප්‍රේරණය වෙන්න ගන්නවා. මේ ට්‍රිප් ස්විච් එක හරහා ගේ ඇතුලට ආපු CEB එකෙන් දීපු ධාරාවක් නෙමෙයිනෙ. දැන් ඉතින් කොහොමත් ගෙදරට ආපු ප්‍රමාණයයි පිටවෙන ප්‍රමාණයයි වෙනස් වෙනවනෙ. ඉතින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා.
ඉතින් ට්‍රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වුණොත් හොඳයි. CEB line එක දිගේ එන අකුණකින් බේරෙන්න ඕන නම් එක්කො අකුණු ගහද්දි ප්ලග් ටික ගලවල main switch එක/ circuit breakers off කරන්න. නැත්තං SPD (Surge Protection Device) එකක් ස්ථාපනය කරගන්න.
>Phone එකටත් අකුණු වදිනවද?
වයර් එකකින් connect වුණු ඒ කියන්නෙ Land phones වලට අකුණු වදිනවා. මොකද පාරෙ තියෙන telephone line එකට අකුණක් වැදුනොත් ඒක ශෝක් එකට වයර් දිගේ අපේ ගෙදර ෆෝන් එකටත් එනවනෙ. ඒ නිසා අකුණු ගහද්දි ඒව විසන්ධි කරන්න.
Mobile phone වලට අකුණු වදින්නෙ charger එකට ගහල තියෙන වෙලාවට ගෙදරට හෝ පාරෙ power line එකකට අකුණක් වැදුනොත් විතරයි. Charger එකෙන් ගලවගෙන හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද රේඩියෝ තරංග හරහා අකුණු එන්නෙ නෑ. එහෙම එන්න පුළුවන් නම් ගෙදරට current එක දෙන්න වයර් මොකටද? රේඩියෝ තරංග වලින්ම කරන්ට් එකත් දෙනවනෙ.
"ඔහොම කිව්වට අකුණු ගහද්දි අපේ සියගෙ පෝං එක ඩෝං ගාල පුපුරල ගියානෙ"
අකුණු ගහද්දි ඒ සංඛ්‍යාත වලට අනුනාද වෙලා ගෙදර ජනේල් එහෙම දෙදරන හැටි දැකල තියෙනව නේද? වායුගෝලයේ විද්‍යුත් චුම්භක අනුනාද සංඛ්‍යාතය 7.83 Hzක් වගේ. ඒකට 1.43Hz, 20.8Hz, 27.3Hz හා 33.8Hz වගේ harmonics තියෙනවා.
ඉතින් ෆෝන් එකත් බැරිවෙලාවත් ඔය සංඛ්‍යාත වලට දරුණු ලෙස අනුනාද වුනොත් බැටරිය පුපුරලා විනාශ වෙන්න පුළුවන්. ඒකට ඉතින් බාල ෆෝන් නොගෙන TRC approval තියෙන සෞඛ්‍යාරක්ෂිත ෆෝන් එකක් ගන්න.
>හරකුන්ට වැඩිපුර අකුණු වදින්නෙ ඇයි?
කොහෙහරි තැනකට අකුණක් වැදුනම එහි ප්‍රභලතාවය අඩුවෙමින් අවට භූමිය පුරාම වලල්ලක් වගේ පැතිරෙනවා. හරියට භූමි කම්පාවක් වගේ. භූමි කම්පාවෙ කේන්ද්‍රයට තමයි වැඩිම බලපෑම (අකුණ වැදුන තැන වගේ. අපි හිතමු එතන වෝල්ට් 100000 කියල).
කේන්ද්‍රයේ ඉඳල ටිකක් දුරින් පිහිටි ලක්ෂ්‍යයකට භූමිකම්පාව දැනෙන්නෙ කේන්ද්‍රයට වඩා ටිකක් අඩු ප්‍රභලතාවයකින් (අකුණත් එහෙමයි. වැදුණු තැන ඉඳල මීටර් 10ක් දුරින් ලක්ෂ්‍යයක වෝල්ටීයතාවට වෝල්ට් 50000 වෙන්න පුළුවන්.)
අකුණ වැදුන තැනින් තවත් ටිකක් දුරට ගියොත් වෝල්ටීයතාවය තවත් අඩුයි. හරක් වගේ සත්තුන්ගෙ ඉස්සරහ කකුල් 2යි පිටිපස්සෙ කකුල් 2යි අතර සැලකිය යුතු දුරක් තියෙනවනෙ. ඉතින් ඉස්සරහ කකුල් 2 තියෙන්නෙ එක වෝල්ටීයතා කලාපයක, පිටිපස්සෙ කකුල් 2 තියෙන්නෙ තවත් වෝල්ටීයතා කලාපයක.
සරලවම කිව්වොත් හරකගෙ කකුල් අතරෙ විභව අන්තරයක් (Voltage Difference) ඇතිවෙලා. සන්නායකයක් හරහා විභව අන්තරයක් ඇතිවුණාම ඒ හරහා ධාරාවක් ගමන් කරනවනෙ. ඉතින් හරකගෙ ඇඟ හරහා කරන්ට් එකක් ගමන් කරලා ඌව පිළිස්සිලා මැරෙනවා.
කකුල් ලං කරගෙන තියාගන්න පුළුවන් සතෙක්ට මේ ප්‍රශ්නෙ නෑ.
සංවෘත වාහනයක හිටියොත්
වාහනයක් කියන්නෙ Faraday Cage එකක්. ඒ කියන්නෙ සන්නායකයකින් සංවෘත වූ ප්‍රදේශයක්. ෆැරඩේ කුටීරයක ඇතුලෙ තියෙන ආරෝපණ ඔක්කොම මතුපිට පෘෂ්ඨයට යනවා. ඒ නිසා ඇතුලෙ ඉන්න අයට කිසිම බලපෑමක් නෑ.
ඒ නිසා අකුණු ගහද්දි පුළුවන් නම් ගෙදර විදුලි /දුරකථන සැපයුම් ඔක්කොම විසන්ධි කරල සංවෘත වාහනේකට වෙලා හිටියත් කමක් නෑ (බයික් එකේ නෙමෙයි

නොදුටු මිතුරිය-----------------මා කුඩා කාලයේදී, මුළු ගම්මානයටම තිබුණු එකම දුරකථනය තිබුණේ අපේ ගෙදරය. ඉහල මාලයට නගින පියගැ...
28/09/2024

නොදුටු මිතුරිය
-----------------
මා කුඩා කාලයේදී, මුළු ගම්මානයටම තිබුණු එකම දුරකථනය තිබුණේ අපේ ගෙදරය. ඉහල මාලයට නගින පියගැට පෙළ ලග බිත්තියේ සවි කොට තිබුණු, ඕක් ලීයෙන් හදා ඔපදැමූ පෙට්ටිය මට තවමත් මතකය. ඒ පෙට්ටියේ එක පැත්තකින් දිළිසෙන රිසීවරයක් එල්ලෙමින් තිබිණ. මට එහි අංකය පවා තවමත් මතකය. අපේ දුරකථනයේ අංකය 105 විය. ඒ දුරකථනයට ලං වෙන්නට මට උස මදිය. එහෙත් අම්මා මේ අපූරු උපකරණයට කතා කරන අයුරු මම ආසාවෙන් අහගෙන උන්නෙමි. වරෙක තාත්තා ව්‍යාපාරික කටයුත්තක් සදහා දුරක ගොස් උන් අවස්ථාවක, අම්මා මාව එතැනට ඔසවා දුරකථනයෙන් තාත්තා සමග කතා කරන්නට මට ඉඩ දුන්නේය. එය මට ඉන්ද්‍රජාලයක් මෙන් විස්මිත දෙයක් වීය.
එයින් පසු මට තවත් දෙයක් සොයා ගන්නට හැකි විය. මේ විස්මිත උපකරණය ඇතුලේ අපූරු කෙනෙක් ජීවත් වෙයි. ඇගේ නම “ඉන්ෆොමේෂන් ප්ලීස්” ය. ඇය නොදන්නා දෙයක් නැත. අම්මා ඇයට කතා කර කාගේ හෝ අංකයක් අහන පරක්කුවට “ඉන්ෆොමේෂන් ප්ලීස්” අම්මාට ඒ සියල්ල සොයා දෙයි.
මේ “රිසීවරයේ භූතයා” සමග මා පළමු වරට කතා කළේ අම්මා අසල්වැසියෙකු හමුවෙන්නට ගොස් සිටි අවස්ථාවකය. එදා මම බිම් ගබඩාවේ ඇති තාත්තාගේ වඩු ආම්පන්න සමග සෙල්ලම් කරමින් සිටියෙමි. හදිසියේම මගේ අතේ ඇගිල්ලක් මිටියට තැලී ගියේය. වේදනාව ඉවසන්නට බැරි තරම්ය. එහෙත් හැඩීමෙන්ද පලක් නැත. මා නලවා ගන්නට ගෙදර කවුරුවත්ම නැත. වේදනාවෙන් පුපුරු ගහන ඇගිල්ල උරමින් මම ගේ පුරා ඇවිද්දෙමි.
අන්තිමේදී මම පියගැට පෙල ඇති තැනට ආවෙමි.
දුරකථනය එතැනය.
ඉක්මනින්ම සාලයට දිව ගිය මම එහි වූ මිටි කනප්පුව ඇදගෙන දුරකථනය ඇති තැනට ආවෙමි. මිටි කනප්පුව උඩට නැගගත් මම දුරකථනයේ රිසීවරය අතට ගත්තෙමි.
ඉන්පසු මා දන්නා අර අමුත්තියට කතා කළෙමි. “ඉන්ෆොමේෂන් ප්ලීස්.?”
ඊලග මොහොතේ මට අර අපූරු ලයාන්විත, පැහැදිළි කටහඩ ඇසිණ.
“ඉන්ෆොමේෂන්.”
“මගේ ඇගිල්ල තුවාල වුණා..” මම දුරකථනයට කියමින් හඩන්නට පටන් ගත්තෙමි. මගේ ඇසින් නොනවත්වා කදුළු ගලා ආවේය. දැන් ඉතින් මගේ දුක අහන්නට කෙනෙකු සිටී.
“ඔයාගෙ අම්ම ගෙදර නැද්ද.?” රිසීවරයෙන් ප්‍රශ්නයක් මතු විය.
“මං විතරයි ගෙදර ඉන්නෙ..” මම ගොත ගසමින් කීවෙමි.
“ඔයාගෙ අතෙන් ලේ එනවද.?”
“නෑ..” මම උත්තර දුන්නෙමි. “මගේ අතේ මිටිය වැදුණා. ඒක ගොඩක් රිදෙනවා..”
“ඔයාට අයිස් පෙට්ටිය අරින්න පුළුවන්ද.?” ඇය ඇසුවාය. මම පුළුවන් බව කීවෙමි.
“එහෙනම් පොඩි අයිස් කැටයක් ගන්න. ඒක ඔයාගෙ ඇගිල්ලට තියලා තද කරන්න.. ඒකෙන් රිදෙන එක අඩු වෙයි. හැබැයි පරිස්සමින්..” ඉන්පසු ඇය නැවතත් මෙසේද කීවාය. “දැන් ඉතින් අඩන්න එපා. ඔයාට ඉක්මනින්ම සනීප වෙයි..”
ඒ සිදුවීමෙන් පසුව, මම “ඉන්ෆොමේෂන් ප්ලීස්” ට කතා කොට සියලු දේම කියන්නට පුරුදු වීමි. ලෝක සිතියමේ ඇති එක එක තැන් සොයා ගන්නට මම ඇගෙන් උදව් ඉල්ලුවෙමි. කවදා හෝ මා ලොකු වූ විට මා ඒ තැන්වලට යන බවද ඇයට කීවෙමි. මගේ ගණිතය ගෙදර වැඩ කරන්නටද මම ඇයගේ උදව් සෙව්වෙමි. දවසක්දා මට උද්‍යානයේදී හමුවුණු දඩු ලේන් පැටියා ගෙදර ගෙන ආ විට මම ඇයට කතා කොට ඒ බව කීවෙමි. ඌ කන්නේ පළතුරුත් රටකජුත් බව මට කීවේ ඇයයි.
මා සුරතලයට ඇති කළ කැනරි කුරුල්ලා මිය ගිය විටත් මා දුක බෙදාගන්නට කතා කළේ “ඉන්ෆොමේෂන් ප්ලීස්” ටය. ඇය මා අඩමින් කියූ කතාව අසා සිට, පොඩි ළමයෙකු සනසවන්නට සාමාන්‍යයෙන් වැඩිහිටියන් කියන දේවල් සියල්ලම මට කීවාය. එහෙත් මට එයින් සිත හදා ගත නොහැකි විය.
“කුරුල්ලො ඉන්න ඕන සින්දු කියන්නනෙ.. පිහාටු ගොඩක් විදිහට කූඩුව පතුලෙ වැටිලා ඉදගෙන ගෙදර අයව අඩවන්න නෙවෙයිනෙ...” මම ඉකිබිදිමින්ම කීවෙමි.
ඇයට මගේ සිතේ ඇති ගැඹුරු වේදනාව වැටහෙන්නට ඇත. ඇය හීන් හඩින් යලිත් කතා කළාය. “පෝල්.. මතක තියාගන්න.. සින්දු කියන්න ඕන මේ ලෝකෙට විතරක් නෙවෙයි.. ඒ ලෝකෙටත් කැනරි කුරුල්ලාගේ සින්දු ඕනනේ..” ඇගේ ඒ වචන වලින් මගේ සිතට අස්වැසිල්ලක් දැනිණ.
තවත් දිනක මම “ඉන්ෆොමේෂන්” ට ඇමතීමි.
“මට ෆික්ස් කියලා ලියන්නේ කොහොමද කියලා කියල දෙනවද..?”
“එෆ් අකුර, අයි අකුර, එක්ස් අකුර.. ෆික්ස්..” ඉන්ෆොමේෂන් මට කියා දෙමින් උන්නාය. ඒ මොහොතේම මගේ අක්කා ඇවිදින් මහ හඩක් නගමින් මා බය කළාය.
අනපේක්ෂිත හඩට මා කොතරම් බය වුණාදැයි කිවහොත් මා සිටගෙන උන් මිටි කනප්පුවෙන් බිමට ඇද වැටුණේ, රිසීවරයත් අත තිබියදීමය. රිසීවරය වයරයෙන්ම දුරකථනයෙන් ගැලවී ඇවිත්ය. දුරකථන පෙට්ටියද බිම වැටී ඇත.
අනේ “ඉන්ෆොමේෂන් ප්ලීස්” ට තුවාල වුණාද.? මගේ සිතට පළමුවෙන්ම ආවේ ඒ සිතිවිල්ලය.
විනාඩි ගණනක් යන්න කලියෙන් කවුදෝ දොරට තට්ටු කරන හඩ ඇසිිණ. දොර විවර කරන විට දොර ලග උන්නේ නාදුනන පුද්ගලයෙකි.
“මම දුරකථන අලුත්වැඩියා කරන කෙනෙක්..” ඔහු තමාව හදුන්වා දුන්නේය. “මම මේ පාරෙ කෙළවර තැනක වැඩ කර කර හිටිියේ.. ඒ වෙලාවෙ ඔපරේටර් කිව්වා මේ අංකෙ තියෙන ටෙලිෆෝන් එක තිියන තැන ප්‍රශ්නයක් කියලා. මං ආවෙ ඒක බලන්න. මොකද වුණේ..?”
මම ඔහුට සියල්ල කීවෙමි.
“හොදයි.. මට පුළුවන් ඉක්මනට මේක හදලා දෙන්න..” ඔහු කීවේය. ඉන්පසුව ඔහු දුරකථන පෙට්ටිය විවර කළේය. මගේ බලාපොරොත්තු කඩ විය. වයර් වලින් සැදුණු අවුල් ජාලයක් මිසක “ඉන්ෆොමේෂන් ප්ලීස්” යැයි මා සිතා සිටි අන්දමේ කෙනෙකු එහි සිටියේ නැත. විනාඩියක් දෙකක් කුඩා නියනකින් ඒ වයර් කෑලි සමග හරඹයක් කළ දුරකථන අලුත්වැඩියා කරන්නා නැවතත් දුරකථනය බිත්තියේ සවි කළේය. ඉන්පසුව රිසීවරය ගෙන කතා කළේය.
“මං මේ කතා කරන්නෙ පීටර්. අංක 105 තියන තැන කිසි ප්‍රශ්නයක් නෑ. එයාගෙ අක්කා එයාව බය කරලා. එච්චරයි..”
දුරකථනය තැබූ ඔහු මගේ හිස අතගා ඔහු යන්නට ගියේය.
----------------------------------------------------------
මේ සියල්ල සිදු වූයේ වයඹදිග පැසිෆික් හි ක්‍රඩා නගරයකදීය. මට වයස අවුරුදු නවයක් වන විට අපේ පවුල බොස්ටන් වල පදිංචිය පැමිණියේය. මට ඉදහිටක මගේ උපදේශක මිතුරිය මතක් නොවුණා නොවේ. එහෙත් “ඉන්ෆොමේෂන් ප්ලීස්” අයත් වූයේ අර පරණ ලී දුරකථන පෙට්ටියටය. මේසය මත ඇති අලුත් හීන් දුරකථනයට මගේ අවධානය එතරම් යොමු වූයේ නැත.
තරුණ වියට පැමිණි පසුද මට ඇයව අමතක වූයේ නැත. කුඩා දරුවෙකුගේ ප්‍රශ්න වලට ඉවසිලිවන්තව සවන් දී, හැම දෙයක්ම තේරුම් ගත්, ආදරයෙන් පහදා දුන් ඒ කරුණාවන්ත බව කෙලෙසින් අමතක කරන්නද.?
ඉනුත් වසර ගණනාවකට පසු, මා නව විශ්ව විද්‍යාලය කරා යද්දී, මා ගිය ගුවන් යානය සියැටල් වෙත ගොඩ බස්වන ලදී. ඊලග ගුවන්යානයට මාරු වෙන්නට තව පැය ගාණක් ඉතිරිව තිබිණ. ඉතින් මම, ඒ වන විට විවාහ වී දරු සුරතල්ද බලමින් උන් මගේ අක්කාට දුරකථන ඇමතුමක් ගත්තෙමි. ඇය සමග විනාඩි ගණනක් ආගිය තොරතුරු කතා කළ පසුව මම වැඩි දුර නොසිතාම මා උපන් නගරයේ දුරකථන ක්‍රියාකරු සම්බන්ධ කරගන්නට අංකය කරකැවූයෙමි. “ඉන්ෆොමේෂන් ප්ලීස්..” එහා පැත්තෙන් රිසීවරය එසවෙන විට මම ඇසීමි.
පුදුමයකි. මට නැවතත් අර හුරු පුරුදු පැහැදිලි ලයාන්විත කටහඩ ඇසුණි. “ඉන්ෆොමේෂන්..”
මෙය මා කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. ඊලග මා කී කතාවද එලෙසම මා කියන්නට බලාපොරොත්තු වූ දෙයක් නොවේ.
“මට ෆික්ස් කියලා ලියන්නේ කොහොමද කියලා කියල දෙනවද.?”
ඉන්පසු ඇතිවූයේ දිගු නිහඩතාවයකි. මිනිත්තුවකට දෙකකට පසු ඒ නිහඩතාවය බිදිමින් අර කටහඩ නැවතත් ඇසිණ. “මං හිතන්නෙ...” ඉන්ෆොමේෂන් ප්ලීස් කීවාය. “දැන් ඔයාගෙ ඇගිල්ල හොදටම සනීප ඇති නේද..?”
මම සිනාසුණෙමි. “ඇත්තටම මේ ඔයාමද.? ඔයා දන්නවද ඒ දවස් වල ඔයා මට කොච්චර වැදගත් කෙනෙක්ද කියලා..”
“ඔයා දන්නවද ඔයා මට කොච්චර වැදගත් කෙනෙක් වුණාද කියලා..? මට දරුවො නෑ. ඉතින් මං ඔයාගේ කෝල් එක එනකල් හැමදාම ආසාවෙන් බලාගෙන හිටියා.”
ඒ කතාබහ අවසානයේ මම මගේ පළමු අධ්‍යන වාරය අවසන් වූ පසුව ඇයව බලන්නට එන බව කීවෙමි.
“අපොයි එන්න. මං බලා ඉන්නවා. මේ අංකයට කතා කරලා සැලී කියලා අහන්න..” ඇය කීවාය.
එයින් තුන් මසකට පසුව, මම නැවතත් සියැටල් වෙත ආවෙමි. මෙවර අර අංකයට කතා කළ විට පිළිතුරු දුන්නේ ආගන්තුක කටහඩකි.
“සැලී ඉන්නවද.?” මම ඇසුවෙමි.
“මට බොහොම කණගාටුයි.. සැලී පහුගිය කාලෙ තිස්සෙම හිටියෙ අසනීපෙන්.. මීට සති තුනකට කලින් එයා නැතිවුණා..” ආගන්තුක කටහඩ කීවේය. “ඔයා කවුද.? එයාගෙ යාලුවෙක්ද..?”
“ඔව් පරණ යාලුවෙක්.”
“ඔයාගෙ නම විලියාර්ඩ්ද.?” ඔහු ඇසුවේය.
“ඔව්. කොහොමද දැනගත්තෙ..?” මම ඇසුවෙමි.
“එයා ඔයාට පණිවිඩයක් ලියලා ගිහින් තියනවා..” ඔහු කීවේය. “මේ තියෙන්නෙ.. මං ඒක කියවන්නං.. “එයාට කියන්න සින්දු කියන්න ඕන මේ ලෝකෙට විතරක් නෙවෙයි කියලා.” “
ඉන්පසුව ඔහු මෙසේද කීය. “එයා ලියල තියනවා ඔයා මේකෙ තේරුම දන්නවා කියලා..”
ඔව්. මම එහි තේරුම දනිමි. ඇය මේ වන විට තවත් ලොවක සිට, ඒ ලොවට යහපතක් කරමින් සිටින බව මට විශ්වාසය.
(1966 වසරේ Reader’s Digest සගරාවේ පළවුණු සත්‍ය කතාවක් ඇසුරිනි.)

-නිම්මි මුදිතා හේරත්

10/03/2024
😍😍😍😍
31/12/2023

😍😍😍😍

🤔🤔🤔🤔
04/12/2023

🤔🤔🤔🤔

සෙල්ෆෝන් ගැන ඒ කාලේ පොතක තිබුන විස්තරේ.....🤪🤪🤪🤪
09/10/2023

සෙල්ෆෝන් ගැන ඒ කාලේ පොතක තිබුන විස්තරේ.....🤪🤪🤪🤪

Address

Nugegoda
NUGEGODA

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Power Telecom Systems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Power Telecom Systems:

Share