Soft Detroits

Soft Detroits Your partner in innovation! We specialize in web development, ERP systems, mobile app development, and publishing. Let’s build something amazing together!

Our mission is to create seamless, high-quality software solutions.

🚀 Git Commit Messages සහ Branching Strategy එක ඔයා හිතනවාට වඩා වැදගත් වෙන්නේ ඇයි?Software projects වල විශේෂයෙන්ම team එක...
21/06/2026

🚀 Git Commit Messages සහ Branching Strategy එක ඔයා හිතනවාට වඩා වැදගත් වෙන්නේ ඇයි?

Software projects වල විශේෂයෙන්ම team එකක් විදිහට වැඩ කරද්දී, code ලියනවා කියන්නේ job එකෙන් කොටසක් විතරයි. Code කරනවට අමතරව තවත් ප්‍රදාන දෙයක් තමයි ඔයා කරපු වැඩේ අනිත් අයට තේරුම් ගන්න පුළුවන්, Trace කරන්න පුළුවන් සහ ලේසියෙන් Collaborate කරන්න පුළුවන් විදිහට තියාගන්න එක. සරලව කිව්වොත් maintainability එක පවත්වා ගන්න එක.

අන්න ඒකට ඉතාම වැදගත් දෙයක් තමයි Git Commit Messages සහ Branching Strategy එකක් පවත්වාගෙන යන එක.

📌 1. මේක වැදගත් වෙන්නේ ඇයි?

Developers ලා 5–10 ක් ඉන්න project එකක වැඩ කරනවා කියලා හිතන්න.
හරි structure එකක් නැති වුණොත්:

❌ කවුද, මොනවාද වෙනස් කළේ කියලා හොයාගන්න බැරි වෙනවා.
❌ Debugging කරන එක එපා වෙනවා.
❌ Code conflicts පට්ට විදිහට වැඩි වෙනවා.
❌ Releases කරන එක අවදානම් සහගත වෙනවා.

Clean Git workflow එකකින් මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන්.

✍️ 2. Commit Messages – ඔයාගේ Code History එකේ කතාව

Commit message එකක් කියන්නේ ඔයා code එකේ කළේ මොන වගේ වෙනස්කමක්ද සහ ඒක කළේ ඇයිද කියලා පැහැදිලි කරන කෙටි සටහනක්.

❌ වැරදි උදාහරණ:

git commit -m "update"
git commit -m "fix"
git commit -m "changes"

✅ නිවැරදි උදාහරණ:

git commit -m "Add weather data preprocessing pipeline"
git commit -m "Fix employee leave calculation bug"
git commit -m "Update API validation for user registration"

> 💡 මේ විදිහට හිතන්න:
> කවුරු හරි කෙනෙක් මාස 6කට පස්සේ ඔයාගේ commit එකක් කියෙව්වත්, ඔයා එදා මොකක්ද කළේ කියලා ඒ අයට එකපාරින්ම තේරෙන්න ඕනේ.

📐 3. Standard Commit Format එකක්

⭕️ type: short description

Example types:

feat: අලුත් feature එකක් එකතු කිරීම
fix: bug එකක් fix කිරීම
docs: documentation update කිරීමක්
refactor: code එකේ performance හෝ quality එක improve කිරීම
test: tests එකතු කිරීම

උදාහරණ:

feat: integrate weather forecasting API
fix: resolve login validation issue

🌿 4. Branching කියන්නේ මොකක්ද?

Branch එකක් කියන්නේ main project එකට කිසිම බලපෑමක් කරන්නේ නැතුව, ඔයාට අලුත් features හදන්න හෝ bugs fix කරන්න පුළුවන් වෙනම workspace එකක් වගේ දෙයක්.

Simple structure එකක්:

main
├── develop
├── feature/weather-module
├── feature/user-auth
└── bugfix/login-error

🔧 5. Basic Git Workflow එක

අලුත් feature branch එකක් හදාගන්න විදිහ:

git checkout develop
git pull origin develop
git checkout -b feature/weather-module

වැඩ කරලා commit කරන විදිහ:

git add .
git commit -m "feat: implement weather data processing"

Changes ටික push කරන විදිහ:

git push origin feature/weather-module

ඊට පස්සේ review එකක් සඳහා Pull Request එකක් open කරන්න.

⚠️ 6. Common Mistakes

❌ Changes ගොඩක් එකතු කරපු Huge commits දැමීම.
❌ "fix" වගේ කිසිම තේරුමක් නැති messages දැමීම.
❌ කෙලින්ම main branch එකේ වැඩ කිරීම.
❌ Branch naming structure එකක් නැති වීම.

✅ 7. Best Practices

✔ Commit එකක් කරද්දී small and meaningful changes විතරක් කරන්න.
✔ හැමෝටම තේරෙන එකම naming conventions පාවිච්චි කරන්න.
✔ හැමතිස්සෙම feature branches ඇතුළේ වැඩ කරන්න.
✔ Main branch එක හැමවෙලේම stable මට්ටමක තියාගන්න.
✔ Merge කරන්න කලින් code එක review කරන්න.

💡 අවසාන අදහස

Git කියන්නේ code save කරන්න විතරක් තියෙන tool එකක් නෙවෙයි,ඒක developers ලා අතර තියෙන communication system එකක්.

හොඳට ලියපු commit message එකකට සහ clean branching strategy එකකට ඔයාගේ පැය ගණනාවක confusions, debugging සහ rework ඉතුරු කරලා දෙන්න පුළුවන්.

👉 ඊළඟ පාර commit එකක් කරද්දී ඔයාගෙන්ම මෙහෙම අහන්න:

මාසෙකට පස්සේ බලන කෙනෙකුට මේක තේරෙයිද?

Follow for more tips

‼️You're Probably Wasting Claude Code Tokens Without even Realizing it...Claude Code පාවිච්චි කරද්දී ඔයත් නොදැනුවත්වම To...
08/06/2026

‼️You're Probably Wasting Claude Code Tokens Without even Realizing it...

Claude Code පාවිච්චි කරද්දී ඔයත් නොදැනුවත්වම Tokens නාස්ති කරනවාද?

"Prompt එක short කරාම සල්ලි ඉතුරු වෙනවා" කියලා ඔයා තවමත් හිතන් ඉන්නවද ?! 😱

ඔයා ලියන හැම "Fix this bug" prompt එකකින්ම ඔයාගේ Tokens වැඩි ප්‍රමාණයක් නොදැනුවත්වම ඉවර වෙනවා. මොකද Claude ඔයාගේ අන්තිම message එක විතරක් නෙවෙයි කියවන්නේ , ඒක කාලයත් එක්ක ගොඩනැගෙන සම්පූර්ණ Working Context එකක් carry කරනවා සහ analyze කරනවා.

ඒ කියන්නේ මේ හැමදේම context එකට එකතු වෙනවා:

🔒Session එකේ කලින් කරපු messages
🔒Claude open කරපු හෝ edit කරපු files
🔒Terminal output සහ logs
🔒Test results සහ errors
🔒Tool outputs
🔒කලින් කරපු වැරදීම් සහ attempts

ඉතින් ඔයා "fix this bug" වගේ පොඩි request එකක් දැම්මත්, ලොකු Hidden Cost එකක් යන්න පුළුවන්. මොකද Claude action එකක් ගන්න කලින් මුළු situation එකම reconstruct කරන්න උත්සාහ කරන නිසා.

🧠 The Real Insight
👉 Token usage එක තීරණය වෙන්නේ ඔයාගේ prompt length එක මත විතරක් නෙවෙයි.
👉 ප්‍රධානම දේ තමයි ඔයා කොච්චර irrelevant context ප්‍රමාණයක් carry කරනවද කියන එකයි.

සරලවම කිව්වොත්:

Messy context = tokens වැඩියෙන් යනවා + Claude ට දේවල් figure out කරන්න අමාරු වෙනවා.

Clean context = faster + cheaper + more accurate results.

⚡ Claude Code එක බබා වගේ Clean එකට, පට්ටම ලාබෙට පාවිච්චි කරන්න රහස් 7ක්.

1️⃣ Be specific with scope

Prompt එක කෙටි කරනවාට වඩා scope එක සීමා කරන එක වටිනවා.

❌ වැරදි ක්‍රමය: "Fix the login issue"
✔️ නිවැරදි ක්‍රමය: "Fix the login validation issue in AuthController.php. Do not modify middleware or routes. Validate using existing auth test cases."

Why this works:
Claude ට අනවශ්‍ය files scan කරන්න ඕන වෙන්නේ නැහැ. Exploration එක අඩු වෙන නිසා accuracy එක වැඩි වෙලා token usage එක අඩු වෙනවා.

2️⃣ Project එක පටන් ගනිද්දීම /init run කරන්න 🚀

ලොකු project එකක වැඩ පටන් ගන්නකොටම මේ command එක run කරන්න:

/init

මේකෙන් structured CLAUDE.md file එකක් generate වෙනවා. ඒකෙන් Claude ට ඔයාගේ project structure එක, coding standards, common commands (test, build, lint) සහ workflows ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා.

Why it matters:
මේක නැත්නම් හැම session එකකදීම Claude ට ඔයාගේ project එක ගැන අලුතෙන් "re-learn" කරන්න වෙනවා. මේ file එක තිබ්බොත් context එක stable වෙනවා.

3️⃣ Heavy work වලට /agents පාවිච්චි කරන්න (Very Powerful)*

මේ command එක run කරලා වැඩේට විතරක් specialized වුණු subagents ලා හදාගන්න:

/agents

🧑‍💻 code-reviewer → code quality එක විතරක් review කරන්න.
🐞 debugger → errors සහ logs ගැන විතරක් focus කරන්න.
🧪 test-runner → test failures handle කරන්න.
📊 analyzer → logs හෝ data process කරන්න.

Why this reduces tokens:
හැම agent කෙනෙක්ම වැඩ කරන්නේ තමන්ගේම isolated context එකක. එයාලාගේ heavy outputs එයාලා ඇතුළෙන්ම handle කරලා ප්‍රධාන chat එකට දෙන්නේ clean summary එකක් විතරයි. එතකොට ඔයාගේ main chat එක logs සහ noise වලින් flood වෙන්නේ නැහැ.

4️⃣ CLAUDE.md එක clean එකට තියාගන්න

CLAUDE.md කියන්නේ project rules තියෙන තැනක්, diary එකක් නෙවෙයි.

ඇතුළත් කරන්න: Setup commands, coding standards, architecture rules, conventions.
අයින් කරන්න: Debugging history, random notes, past issues සහ experiments.

Why:
CLAUDE.md එක bloated (පිරිලා) තිබ්බොත්, ඒක හැම session එකකදීම permanent context overhead එකක් (අමතර බරක්) වෙනවා.

5️⃣ ලොකු logs blindly පේස්ට් කරන්න එපා

දහස් ගණන් line තියෙන logs එකපාර dump කරන්න එපා.

❌ වැරදි ක්‍රමය: Full CI/CD output එකම දාන එක.
✔️ නිවැරදි ක්‍රමය: Error message එක, stack trace එක සහ relevant file section එක විතරක් දෙන එක.

Why:
Claude වැඩ කරන්නේ signals එක්ක, noise එක්ක නෙවෙයි. Input එක අඩු වෙනකොට අනවශ්‍ය දේවල් parse කරන්න යන tokens ඉතිරි වෙනවා.

6️⃣ Long sessions reset හෝ compact කරන්න

Session එක ගොඩක් දිග වුණාම මේ commands පාවිච්චි කරන්න:

/compact → දිග context එක intelligent විදිහට compress කරනවා.
/clear → දේවල් messy වුණාම fresh session එකක් පටන් ගන්නවා.

Why:
දිග session වල "context debt" එකතු වෙනවා. පරණ irrelevant තොරතුරු නිසා නිහඬවම ඔයාගේ tokens කැපිලා යනවා.

7️⃣ One session = One goal ප්‍රතිපත්තිය තියාගන්න

එකම session එක අස්සේ මේ හැමදේම එකපාර කරන්න යන්න එපා:

Bug fixing + Feature development + Refactoring + Research

Why:
Intent එක mixed වුණාම Claude ට unrelated context carry කරන්න වෙනවා. ඒකෙන් tokens නාස්ති වෙනවා වගේම Claude confuse වෙන්නත් පුළුවන්.

🔥 The Big Mental Shift
Claude Code expensive වෙන්නේ ඔයා ඒක වැඩියෙන් පාවිච්චි කරන නිසාම නෙවෙයි... කාලයත් එක්ක ඒක ඇතුළේ අනවශ්‍ය context එකතු වෙන නිසයි.

ඉතින් නියම optimization එක:

❌ "Write shorter prompts" නෙවෙයි.

✔️ "Maintain cleaner, smaller, more relevant context" කියන එකයි.

🎯 Final Takeaway:

Better context design always beats shorter prompts.
Context එක හරියට manage කරොත් token usage එක අඩු වෙනවා, responses fast වෙනවා, accuracy එක වැඩි වෙනවා වගේම workflow එක predictable වෙනවා!

Follow for more.....

🪔 Happy Vesak! 🌕May this blessed Vesak bring peace, happiness, and prosperity to you and your family.Warm Wishes from th...
30/05/2026

🪔 Happy Vesak! 🌕

May this blessed Vesak bring peace, happiness, and prosperity to you and your family.

Warm Wishes from the Soft Detroits Family 💙

🎉✨ Happy New Year ✨🎉As we step into a brand new year, we wish you success, happiness, and endless opportunities. Thank y...
14/04/2026

🎉✨ Happy New Year ✨🎉

As we step into a brand new year, we wish you success, happiness, and endless opportunities. Thank you for trusting us and being part of our journey.

Let’s innovate, grow, and achieve greater heights together in the coming year!

Cheers to new beginnings and exciting possibilities ahead! 🥂

🎆 New Year, New Dreams, Fresh Beginnings! ✨Get ready to step into a year filled with hope, growth, and powerful possibil...
31/12/2025

🎆 New Year, New Dreams, Fresh Beginnings! ✨

Get ready to step into a year filled with hope, growth, and powerful possibilities as we celebrate courage, creativity, and determination that keeps moving us forward. 🚀💙

A brighter journey of innovation, inspiration, and endless opportunities begins now!

🌟 Happy New Year from the SoftDetroits family!
Let’s continue to innovate, inspire, and grow — together. 🚀🎉

🎄 Merry Christmas from SoftDetroits! 🎄This joyful season fills our hearts with warmth, gratitude, and celebration. ✨ We ...
25/12/2025

🎄 Merry Christmas from SoftDetroits! 🎄

This joyful season fills our hearts with warmth, gratitude, and celebration. ✨ We are truly thankful for everyone who has believed in us and been a part of our journey. 🙏❤️
May this Christmas bring you endless happiness, new hopes, beautiful moments, and success in everything you do. 🎁✨
Sending love and festive cheer to everyone celebrating around the world! 🌍🎅

Warmest wishes,
SoftDetroits Family ❤️🎄✨

Address

Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Soft Detroits posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share