21/06/2026
🚀 Git Commit Messages සහ Branching Strategy එක ඔයා හිතනවාට වඩා වැදගත් වෙන්නේ ඇයි?
Software projects වල විශේෂයෙන්ම team එකක් විදිහට වැඩ කරද්දී, code ලියනවා කියන්නේ job එකෙන් කොටසක් විතරයි. Code කරනවට අමතරව තවත් ප්‍රදාන දෙයක් තමයි ඔයා කරපු වැඩේ අනිත් අයට තේරුම් ගන්න පුළුවන්, Trace කරන්න පුළුවන් සහ ලේසියෙන් Collaborate කරන්න පුළුවන් විදිහට තියාගන්න එක. සරලව කිව්වොත් maintainability එක පවත්වා ගන්න එක.
අන්න ඒකට ඉතාම වැදගත් දෙයක් තමයි Git Commit Messages සහ Branching Strategy එකක් පවත්වාගෙන යන එක.
📌 1. මේක වැදගත් වෙන්නේ ඇයි?
Developers ලා 5–10 ක් ඉන්න project එකක වැඩ කරනවා කියලා හිතන්න.
හරි structure එකක් නැති වුණොත්:
❌ කවුද, මොනවාද වෙනස් කළේ කියලා හොයාගන්න බැරි වෙනවා.
❌ Debugging කරන එක එපා වෙනවා.
❌ Code conflicts පට්ට විදිහට වැඩි වෙනවා.
❌ Releases කරන එක අවදානම් සහගත වෙනවා.
Clean Git workflow එකකින් මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන්.
✍️ 2. Commit Messages – ඔයාගේ Code History එකේ කතාව
Commit message එකක් කියන්නේ ඔයා code එකේ කළේ මොන වගේ වෙනස්කමක්ද සහ ඒක කළේ ඇයිද කියලා පැහැදිලි කරන කෙටි සටහනක්.
❌ වැරදි උදාහරණ:
git commit -m "update"
git commit -m "fix"
git commit -m "changes"
✅ නිවැරදි උදාහරණ:
git commit -m "Add weather data preprocessing pipeline"
git commit -m "Fix employee leave calculation bug"
git commit -m "Update API validation for user registration"
> 💡 මේ විදිහට හිතන්න:
> කවුරු හරි කෙනෙක් මාස 6කට පස්සේ ඔයාගේ commit එකක් කියෙව්වත්, ඔයා එදා මොකක්ද කළේ කියලා ඒ අයට එකපාරින්ම තේරෙන්න ඕනේ.
📐 3. Standard Commit Format එකක්
⭕️ type: short description
Example types:
feat: අලුත් feature එකක් එකතු කිරීම
fix: bug එකක් fix කිරීම
docs: documentation update කිරීමක්
refactor: code එකේ performance හෝ quality එක improve කිරීම
test: tests එකතු කිරීම
උදාහරණ:
feat: integrate weather forecasting API
fix: resolve login validation issue
🌿 4. Branching කියන්නේ මොකක්ද?
Branch එකක් කියන්නේ main project එකට කිසිම බලපෑමක් කරන්නේ නැතුව, ඔයාට අලුත් features හදන්න හෝ bugs fix කරන්න පුළුවන් වෙනම workspace එකක් වගේ දෙයක්.
Simple structure එකක්:
main
├── develop
├── feature/weather-module
├── feature/user-auth
└── bugfix/login-error
🔧 5. Basic Git Workflow එක
අලුත් feature branch එකක් හදාගන්න විදිහ:
git checkout develop
git pull origin develop
git checkout -b feature/weather-module
වැඩ කරලා commit කරන විදිහ:
git add .
git commit -m "feat: implement weather data processing"
Changes ටික push කරන විදිහ:
git push origin feature/weather-module
ඊට පස්සේ review එකක් සඳහා Pull Request එකක් open කරන්න.
⚠️ 6. Common Mistakes
❌ Changes ගොඩක් එකතු කරපු Huge commits දැමීම.
❌ "fix" වගේ කිසිම තේරුමක් නැති messages දැමීම.
❌ කෙලින්ම main branch එකේ වැඩ කිරීම.
❌ Branch naming structure එකක් නැති වීම.
✅ 7. Best Practices
✔ Commit එකක් කරද්දී small and meaningful changes විතරක් කරන්න.
✔ හැමෝටම තේරෙන එකම naming conventions පාවිච්චි කරන්න.
✔ හැමතිස්සෙම feature branches ඇතුළේ වැඩ කරන්න.
✔ Main branch එක හැමවෙලේම stable මට්ටමක තියාගන්න.
✔ Merge කරන්න කලින් code එක review කරන්න.
💡 අවසාන අදහස
Git කියන්නේ code save කරන්න විතරක් තියෙන tool එකක් නෙවෙයි,ඒක developers ලා අතර තියෙන communication system එකක්.
හොඳට ලියපු commit message එකකට සහ clean branching strategy එකකට ඔයාගේ පැය ගණනාවක confusions, debugging සහ rework ඉතුරු කරලා දෙන්න පුළුවන්.
👉 ඊළඟ පාර commit එකක් කරද්දී ඔයාගෙන්ම මෙහෙම අහන්න:
මාසෙකට පස්සේ බලන කෙනෙකුට මේක තේරෙයිද?
Follow for more tips