05/08/2026
රු.3000.00,4000.00 මාසෙටම දාලා ඇඩ් කැම්පෙන් කරලා බිස්නස් එකක් සාර්ථක කර ගන්න පුළුවන් ද?
කෙනෙක්ගේ බිස්නස් එකක බිස්නස් එකේ ස්භාවය නැත්තම් ව්‍යාපාරයේ ස්භාවය අනුව ඇඩ් එකක් Run කරද්දී එයාට ඇඩ් Run කරන්න ඕන බජට් එක වෙනස් වෙනවා.
මේක ගොඩක් අය තේරුම් ගන්නේ නැති දෙයක්.
කෙනෙක් කෙනෙක්ගෙන් අහන්නවා.
කීයක්ද ඔයා මාසෙට ඇඩ් වලට වියදම් කරන්නේ?
රු. 10000.00 යි.
එතකොට එයත් හිතනවා මමත් රු.10000.00 වියදම් කරොත් ඇති කියලා.
නමුත් ඇඩ් බජට් කියන එක තීරණය වෙන්නේ එයාගේ ව්‍යාපාරයේ ස්භාවය අනුව, එයාගේ ව්‍යාපාරය කොච්චර දුරට පැතිරිලාද කියන එක අනුව, කොච්චර දුරට ප්‍රසිද්ධද කියන එක අනුව, එයා විකුණන්නේ මොකක්ද කරන්නේ කියන එක අනුව, ඒ විකුණන එක products එක විකුණන Path එක මිනිස්සුන්ට කොච්චර දුරට වැදගත්ද කියන එක සහ ඒ products එක මොන මනුස්සයෝ ලඟට යවන්න පුලුවන්ද කියන එකත් එක්ක සහ අනිවාර්ය පදනම තමා මිල
එතකොට රු.500000.00 ක වියදමක් යන භාණ්ඩයක් මනුස්සයෙක්ට පෙන්නන්න රු.3000.00 මාසෙටම වියදම් කරලා ඇද්ද?
ඇත්තටම රු.3000.00 ක් කියන්නේ මාසේකට වියදම් කරන්න පුළුවන් මුළු ප්‍රමාණයක් නෙමෙයි.
එතකොට සති දෙකක් විතරක් අපි ඇඩ් එක Run කරා කියලා හිතමුකෝ.
එතකොට ඒක ඇතිද?
ඒක අනිවාර්යයෙන්ම මදි. එතකොට බිස්නස් Owners ලා හිතන්න ඕනා දෙයක් තමයි. එයාලා ඇඩ් Run කරද්දී ඇඩ් Run කරන ඇඩ් වලට අදාළව Amount එක එහෙම නැතිනම් ඒ බජට් එක කොච්චර දුරකට හරියටම කල්පනා කරලා හදා ගන්න ඕනද කියන එක....