08/11/2024
ඔබේ ව්‍යාපාරය අවුරුදු 5 කින් Closed ද?
Open කරගෙන ඉන්න අවශ්‍ය අය කරනවා..
අකමැත්තෙන් හෝ Rebranding!
කාවෙනුවෙන්ද ?
Gen Z වෙනුවෙන්..
Gen Z?
2000 න් පස්සෙ හෝ සුනාමියෙක් පස්සෙ අයවලුන් විතරක් නෙවෙයි 1996 ඉදන් 2012 දක්වා මේ කාණ්ඩයට අයිති වෙනවා..
කොහොමද මෙයාලට තමන්ගෙ සේවාව හෝ භාණ්ඩය Market කරන්නේ?
Boomers, Gen X හෝ Millenials (Previous Generations)
වලට Market කරපු විදිහට වඩා වෙනස්ද?
ඔව්, කුඩාකාලයේ සිටම තාක්ශණය හා සමාජ මාධ්‍ය වැනි දේවල් සමගින් වැඩුණ පිරිසකගෙ මිලදීගැනීමේ රටා හා හැසිරීම් අනිවාර්යෙන් වෙනස්..
ඔවුන්ගේ සිත් දිනාගැනීමට ඔබ පහත පියවරයන් ව්‍යාපාරයට ගැලපෙන ලෙස ගලපාගෙන කල්පනාකාරීව අනුගමනය කළ යුතුය!
01. ඔබගේ ව්‍යාපාරයේ විනිවිද පෙනෙන සුළු බව..
සාමාන්‍යයෙන් මුලාවට පත්කිරීමට අපහසු මෙම කණ්ඩායම ව්‍යාපාරයක විනිව්ද පෙනෙන සුළු බව හා සත්‍යවාදී බවට බොහෝ ප්‍රිය කරයි.
උදා: ඔබ Soft Drink සමාගමක හිමිකරුවෙකුනම්
ඔබගේ පානයේ රහසිගත වට්ටෝරුව ඔබගේ ව්‍යාපාරයෙහි සමාජ මාධ්‍ය නාලිකා මගින් බෙදාගන්න
එය බොහෝ විට ඔබගේ ව්‍යාපාරයෙහි විශාල දියුණුවකටම හේතුවෙයි..
More Transparency = More Loyalty
02. වටිනාකමක් ඇතුලත් Shareable Content..
සන්නාමය ආරක්ශා කරගත් තරමක් හාස්‍ය එක් කල වටිනාකමක් හෝ අධ්‍යාපනික තොරතුරු බෙදාගත බෙදාගන්න.
ඔබගේ ගණුදෙණුකරුවන්ගේ නිර්දේශ කිරීම්ද බෙදාගැන්මට අමතක නොකරන්න.
03. ඔබගේ ව්‍යාපාරය නඩත්තු කරන්නා වූ වටිනාකම්..
සේවකයන්ව ආදරණීයව රැකබලාගැනීම, ඉහළ වැටුපක් ලබාදීම හා ව්‍යාපාරික අරමුණු මුසු නොවූ පුණ්‍ය කටයුතු සිදුකිරීම් හා පරිසරය රැකගැන්මට ආයතනය විසින් සපයන යහපත් දායකත්වයද ඔවුන් අගය කරයි.
නැවතත්: ඔබගේ පුණ්‍ය කටයුතු Marketing Campaigns නොවීමට තරයේ වගබලා ගත යුතුය!
04. නව්‍යකරණයක් හෝ වෙනසක්..
තාක්ශණය සමග මුසුවී හෝ වෙනත් ආකාරයකින් නව්‍ය මානයක් ඔවුන්ට ලබා දීම ඔවුන් ප්‍රිය කරයි.
මොවුන්ගේ විශේෂත්වය නම් ඇතැම් අවස්ථාවල ඉතාමත් පැරණි හා මහා පරිමාණ සන්නාමයන් පසුකරමින් මොවුන්හට නව්‍ය හා වෙනස් අත්දැකීමක් ලබාදෙන ව්‍යාපාර වල භාණ්ඩ හා සේවා අත්හදා බලයි හා ඒ හා බැදෙයි.
05. ඔවුන් සමග සබදතාව..
ඔබහට ලැබෙන Feedbacks, හෝ සමාජ මාධ්‍යවලට ලැබෙන Comments සමගින් ව්‍යාපාරයේ අනන්‍ය වූ ස්වරය හා භාශාවට අනුකූලව ස්තූතිවන්ත හෝ මිත්‍රශීලීව සම්බන්ද වීම ඔවුන් ප්‍රිය කරයි.
06. නව්‍යකරණය වූ දෘෂ්‍ය අනන්‍යතාවය..
නව්‍යකරණය වූ සරල ලාංජ්නයක්(Logo) හා සරල Color Pallets සහ Designs සමගින් සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිය වැනි දෑ නව්‍යකරණය වීම ඔවුන්ව ආකර්ශනය කරගැන්මට හේතුවේ.
07. ස්වරය හා භාශාව
මිත්‍රශීලී ස්වරයක් හා හාස්‍යය ඔවුන් ප්‍රිය කරයි.
නමුත් මෙහිදී ඔබ ඔබගේ සන්නාමයේ රැකගත් යම් අනන්‍යතාවයක් වේනම් ඒ පිලිබදව කල්පනාකාරී විය යුතුය!
08. නිරන්තර යාවත්කාලීන විම..
ඔවුන්ගේ අදහස් වලට සවන්දෙමින් යාවත්කාලීන වන ඔබගේ භාන්ඩ හා සේවාවන් Generation Z බොහෝ සෙයින් ප්‍රීතියට පත් කරයි.
Bonus Tip:
ව්‍යාපාරය පිටුපස වූ Personal Brand(Founder) සම්බන්ධව දැනගැනීමට හා ඔහුගේ සමාජ මාධ්‍ය සක්‍රීයව තිබීම මෙම පරම්පරාව සන්නාමයට ලබාදෙන විශ්වාසය හා බැදීම ශක්තිමත් කරයි.
මෙම කරුණු ඔබගේ ව්‍යාපාරය හා එහි සංස්කෘතිය හා වටිනාකම් සමගින් ගලපාගනිමින් බුද්ධිමත්ව යොදාගැනීමට අමතක නොකරන්න!
ඔබට ජය!
08/11/2024.Dilshan Wijerathne
ව්‍යාපාර ස්වයංක්‍රීයකරණ පද්ධතීන්
[Business Automation Systems (BAS)]
හා
ආයතන වෙබ් අඩවි
Company Websites/Applications
ඔබගේ සන්නාමයට ගැලපෙන ලෙස
නිමවා ගැනීම සදහා සම්බන්ධ වීමට අවශ්‍ය නම්..
Web:
www.apaldsoft.com
Contact No:
070 2 422 722
Email: [email protected]
FB Page:
Apaldsoft
Whatsapp:
070 242 2722