13/08/2026
🎯 Sale එකක්ද නැතිනම් මිලියනයක්ද අදාළ නැත!!
විකුනුම් වාර්තාවක් සකස් නොකරන්නේ නම් යන දිශාව නොදැන අන්ධකරයේ ගුවන් යානාවක් පදවනවා වැනිය..
❗ලාභය පිළිබඳ මිත්‍යාව:
නිෂ්පාදන පිරිවැය (COGS) සහ ලාභ ආන්තික (Margins) ගැන සොයා බැලීමක් නොමැතිව, ඔබ විකුණන සෑම භාණ්ඩයකින්ම ලැබෙන්නේ ලාභයක්ද නොඑසේනම් පාඩුවක්ද යන්න හඳුනාගත නොහැක.
❗තීරණ ගැනීමේ අපහසුව:
නැවත නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ මොනවාද හෝ සාර්ථක වන්නේ කුමන වෙළඳ ප්‍රචාරණ ක්‍රමවේදද යන්න තීරණය කිරීමට සිදුවන්නේ අනුමාන මත පමණි.
❗අනාගත අවදානම:
දත්ත නොමැතිව ව්‍යාපාරය දියුණු කිරීම ඉතා අවදානම් සහගතය;
ඔබ අඩු ලාභයක් ලැබෙන නිෂ්පාදන සඳහා වැඩි සම්පත් නාස්ති කරමින් සිටිය හැකිය.
එතරම් වටිනා විකුණුම් වාර්තාව!!
පොතක් හා පෑනක් භාවිතයෙන් සාදාගන්නා ආකාරය..
1. මෙම තීරු ඇඳගන්න!
* දිනය,
* රිසිට්පත් අංකයක් අංකයක්(පසු විපරම් සඳහා)
* භාණ්ඩයේ නම,
* අලෙවි කළ ඒකක ගණන,
* ඒකකයක විකුණුම් මිල,
* මුළු ආදායම
(ඒකක ගණන × ඒකකයක විකුණුම් මිල),
* ඒකකයක පිරිවැය / COGS
* මුළු පිරිවැය / Total COGS
(ඒකක ගණන × ඒකකයක පිරිවැය) සහ
* දළ ලාභය (Gross Profit) (මුළු ආදායම - මුළු පිරිවැය).
2. කිසිදු ඇණවුමක් මඟ නොහැරෙන සේ, විකුණුම් සිදු වූ වහාම මාසයක් පුරා සටහන් කර තබා ගන්න.
3. සතිපතා එකතුව සලකන්න
(සෑම සතියක් අවසානයේම,
මුළු ආදායම එකතු කර මුළු පිරිවැය අඩු කිරීමෙන් ව්‍යාපාරයේ සමස්ත දළ ලාභය ලබා ගන්න.)
4. මාසික සාරාංශය සහ ශුද්ධ ලාභය (Net Profit):
(මස අවසානයේදී,
මෙම අංක සියල්ල එකතු කිරීමෙන් ඔබේ සමස්ත ව්‍යාපාරික කාර්යසාධනය හඳුනා ගන්න.
ඔබ අතට ලැබෙන සැබෑ ලාභය (ශුද්ධ ලාභය) සෙවීමට, ඔබේ මාසික දළ ලාභයෙන් ව්‍යාපාරික වියදම් (විදුලි බිල්, කුලිය, වැටුප්, අලෙවිකරණ වියදම් ආදිය) අඩු කළ යුතුය!)
5. ලාභ ආන්තික විශ්ලේෂණය (Margin %)
ඔබේ සාර්ථකම භාණ්ඩ මොනවාදැයි පැහැදිලිව හඳුනා ගැනීමට,
එක් එක් භාණ්ඩය සඳහා ලැබුණු දළ ලාභය එහි මුළු ආදායමෙන් බෙදා 100න් ගුණ කර භාණ්ඩයේ ලාභ ප්‍රතිශතය ගණනය කරන්න.)
❗මේ සදහා ඔබට කාලය වෙන්කිරීමට අපහසුයි නම්??
කාර්යබහුල ව්‍යවසායකයන්ගේ දිනකට පැය 6 ක් එනම් වසරකට මාස තුනක් ඉතිරි කර දෙන,
තත්පර ගණනක් ඇතුලත ඔබගේ විකුණුම් වාර්තාව ඇතුළු සියළුම ගිණුම්කරණ කටයුතු සිදුවන, පාරිභෝගිකයන්, ඔබගේ නිෂ්පාදන සහ ඇනවුම් පහසුවෙන් කළමණාකරණය කළ හැකිවන, AI සමගින්ද සන්නද්ධ වූ වෙබ් අඩවියක්ද ඔබට හිමිවන,
ශ්‍රී ලාංකික ඕනෑම වයස් සීමාවක ව්‍යාපාරිකයෙකු හට ඉතාමත් සරලව භාවිතා කළ හැකි ලෙස සැකසූ
DHIRO | ධෛරෝ නම්
ඔබගේ ව්‍යාපාර කළමණාකරන පද්ධතිය,
සති දෙකක් සම්පූර්ණ නොමිලයේ භාවිතා කර බලන්න!!👇
🔐 dhiro.org/signup
(නොමිලයේ ලියාපදිංචි වීමට ගතවන්නේ විනාඩි 3 කට අඩු කාලයක් පමණි!!)
#ධෛරෝ |
2026 Siharaja DHIRO (Pvt) Ltd.
PV - 00360288