Zmart

Zmart Special Mobile Phones and Mobile Phones Accessories online Dealers

*හෙට අපේ කාලය එයි*හෙට අපේ කාලය එයි - අපි වීදි බල්ලෙක් වගේ ජීවත් වුණත්මුදල් සහ කීර්තිය ඇති අය - අපි සුළු රෝගයකින් මිය ගිය...
29/08/2026

*හෙට අපේ කාලය එයි*

හෙට අපේ කාලය එයි - අපි වීදි බල්ලෙක් වගේ ජීවත් වුණත්

මුදල් සහ කීර්තිය ඇති අය - අපි සුළු රෝගයකින් මිය ගියත්...!

හෙට අපේ කාලය එයි - අපි වීදි බල්ලෙක් වගේ ජීවත් වුණත්...

දෙවියෙක් නැහැ කියන අය - අපි මෙහෙ දෙවියෙක් කියලා කතා කළත්

සහ මන්දිරයක් ඇති රජතුමා - අපි දුවලා කොහේ හැංගුනත්, මරණය එයි...

හෙට අපේ කාලය එයි - අපි වීදි බල්ලෙක් වගේ ජීවත් වුණත්

අපි වටකුරු සඳක් මිලදී ගැනීමට එන්නෙමු - අපි රන් ඇඳක් මත නිදාගන්නෙමු - අපි අපේ ඇහිබැමි කපන විට දුවන්නෙමු - අපි පුණ්‍ය කටයුතු ද කරන්නෙමු

හෙට අපේ කාලය එයි - අපි වීදි බල්ලෙක් වගේ ජීවත් වුණත්

Pray 🙏🏽 for Nepal 🇳🇵 තප්පර කිහිපයකින් වෙනස් වූ නේපාල ජන ජීවිතය..මෙලොව කිසිවක් සදා කාලික නොවනු ඇත.🥹🥹🥹🙏🏽🙏🏽🌍
27/08/2026

Pray 🙏🏽 for Nepal 🇳🇵 තප්පර කිහිපයකින් වෙනස් වූ නේපාල ජන ජීවිතය..මෙලොව කිසිවක් සදා කාලික නොවනු ඇත.🥹🥹🥹🙏🏽🙏🏽🌍

29/07/2026
14/07/2026


❤️නෝම්බි අත්හැර දිව ආ වෛද්‍ය ෂාෆිගේ 'තත්පර 60' හාස්කම: මවකගේ සහ බිළිඳකුගේ ජීවිතය මරණයෙන් බේරා ගනියි!අධි රුධිර පීඩනය සහ ව...
01/05/2026

❤️නෝම්බි අත්හැර දිව ආ වෛද්‍ය ෂාෆිගේ 'තත්පර 60' හාස්කම: මවකගේ සහ බිළිඳකුගේ ජීවිතය මරණයෙන් බේරා ගනියි!

අධි රුධිර පීඩනය සහ වලිප්පු තත්ත්වය හේතුවෙන් මාරාන්තික අනතුරකට මුහුණ දී සිටි සති 34ක ගැබිනි මවක සහ ඇගේ බිළිඳා බේරා ගැනීමට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා සමත්ව තිබේ. මාවතගම රෝහලෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර එවූ මෙම මවගේ තත්ත්වය කොතරම් බරපතළ වූයේ ද යත්, ශල්‍යාගාරයට ඇතුළත් කරන විටත් ඇගේ හෘද ස්පන්දනය නතර වී තිබුණි. ඒ මොහොතේ නෝම්බි අත්හැරීමට සූදානමින් සිටි වෛද්‍ය ෂාෆි, හදිසි කැඳවීමක් ලද සැණින් මිනිත්තු 5ක් ඇතුළත රෝහලට පැමිණ ඇති අතර, මවගේ දිවි බේරා ගැනීම සඳහා වහාම වැදෑමහ ඉවත් කළ යුතු බව තීරණය කර ඇත.

ප්‍රමාද වන සෑම තත්පරයක්ම මරණය සමීප කරන මොහොතක, වෛද්‍ය ෂාෆි විසින් අතිශය වේගවත් සිසේරියන් සැත්කමක් සිදුකර තිබේ. තත්පර 30ත් මිනිත්තුවත් අතර ඉතා කෙටි කාලයකදී සැත්කම නිමා කිරීමට ඔහු සමත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මවගේ හෘද ස්පන්දනය යළි ආරම්භ වී ඇගේ ජීවිතය සුරක්ෂිත විය. සති 34කින් උපන් නොමේරූ බිළිඳා ද මේ වන විට නිරෝගීව පසුවන අතර, වෛද්‍යවරයාගේ ක්ෂණික තීරණය සහ දක්ෂතාවය හේතුවෙන් පියෙකුට තම බිරිඳත් දරුවාත් යන දෙදෙනාම අහිමි වීමට තිබූ අවස්ථාව වැළකී ගොස් තිබේ.

අලුත් අවුරුදු උදාවත් සමඟ  #කොබෙයිගනේ ප්‍රදේශයෙන්  #දැදුරුඔයේ ඇඹලයාගම මංකඩේ දිය නෑමට ගිය පුද්ගලයන් අට දෙනාගේ සිරුරු අද දහ...
17/04/2026

අලුත් අවුරුදු උදාවත් සමඟ
#කොබෙයිගනේ ප්‍රදේශයෙන් #දැදුරුඔයේ ඇඹලයාගම මංකඩේ දිය නෑමට ගිය පුද්ගලයන් අට දෙනාගේ සිරුරු අද දහවල්වන විට සොයාගත් බව පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් පිරිමි හය දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇති අතර ඉන් හත් දෙනකුම එකම පවුලේ සාමාජිකයන් වේ.

මෙසේ මියගොස් ඇත්තේ කොබෙයිගනේ තෙළහැර ගොපල්ලෑව ගම්මානයේ
එල්. සමීර ප්‍රදීප් පුෂ්ප කුමාර(49)
ඔහුගේ බිරිඳ එම්.එල්. ශ්‍යාමලී කුසුම් සුමුදු කුමාරි(34)
ඔවුන්ගේ දරුවා එල්. අශේන් නිම්සර(10)
සමීර මහතාගේ පියා එල්. ධර්මදාස(72)
සමීර මහතාගේ සහෝදරයාගේ බිරිඳ බී. වී. නිරෝශා ලක්මාලි ආනන්ද(42)
ඇගේ දරුවා එල්. දිනෙත් මදුෂාන්(13)
නිරෝශා මහත්මියගේ පියා බී.වී. ආනන්ද(70)

ඔවුන්ගේ හිතවතෙකුගේ දරුවකු වන ඩී.එස්.ඒ.එම්. සෙනුර කවින්ද ප්‍රභාත්(18) යන අට දෙනා මෙම අනතුරෙන් මියගොස් ඇත.
🇱🇰

🛑 සංවේදී අය නැරඹීමෙන් වළකින්න 🛑දැදුරු ඔයේ දිය නෑමට ගිය පිරිසකට අවාසනාවන්ත ඉරණමක්! 😥💔නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුර...
17/04/2026

🛑 සංවේදී අය නැරඹීමෙන් වළකින්න 🛑
දැදුරු ඔයේ දිය නෑමට ගිය පිරිසකට අවාසනාවන්ත ඉරණමක්! 😥💔

නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ මංකඩක දිය නෑමට ගිය පිරිසක් ඊයේ (16) දින දියේ ගිලීමෙන් දරුණු අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙම අවාසනාවන්ත අනතුරින් පුද්ගලයින් අට දෙනෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබේ. අලුත් අවුරුදු සිරිය මැද මෙවැනි පුවත් ඇසීමට ලැබීම සැබවින්ම කනගාටුදායකය.
⚠️ විශේෂ මතක් කිරීම: නිවාඩු සමයේ දිය නෑමට යන ඔබ, ජලාශ සහ ගංගාවල පවතින අනතුරුදායක තත්ත්වයන් පිළිබඳව අතිශයින්ම සැලකිලිමත් වන්න. ඔබගේ නොසලකා හැරීම මුළු පවුලකටම කඳුළක් විය හැකිය.
අකාලයේ සමුගත් සැමට අමා මහ නිවන් සුව අත් වේවා! 🕯️🙏

"අනේ මහත්තයෝ... මම දන්නේ නැහැ මොනවා වුණාද කියලා. මට හුස්ම ගන්න බැරුව මම අත් දෙක උඩට දාලා වතුර යට ගිලෙනවා විතරයි මට මතක.ඒ...
16/04/2026

"අනේ මහත්තයෝ... මම දන්නේ නැහැ මොනවා වුණාද කියලා. මට හුස්ම ගන්න බැරුව මම අත් දෙක උඩට දාලා වතුර යට ගිලෙනවා විතරයි මට මතක.

ඒ වෙලාවේ මට ඇහුණා මගේ ලොකු පුතා කෑගහනවා 'අන්න තාත්තා ගිලෙනවා... මල්ලි පැනපන්!' කියලා. ඒ එක්කම තුන්දෙනාම වතුරට පැන්නා. එකෙක් මගේ අතින් අල්ලගත්තා, අනිත් දෙන්නා මාව ගොඩට තල්ලු කළා. මම වතුර පෙවිලා සිහිය නැති වේගෙන එද්දී මට ඇහුණේ අන්තිම වතාවට පුතා මගේ අත අතෑරපු එක විතරයි...

'තාත්තේ... බය වෙන්න එපා අපි ඉන්නවා...' කියලා මාව බේරලා උඹලා තුන්දෙනාම එකටම ගියේ ඇයි පුතේ? මම මොනවා කරන්නද මේ පණ තියාගෙන? මගේ පණට වඩා වටිනා උඹලා තුන්දෙනාම මාව බේරලා දියේ ගිලිලා ගියානේ... මට දැන් කවුද තාත්තා කියලා කියන්න ඉතිරි වුණේ?"

එතන හිටපු ඇසින් දුටු සාක්ෂිකරුවෙක්

"මහත්තයෝ... අපි බලන් හිටියේ පණ ගැහෙන හිතින්. ඒ තාත්තා වතුරේ ගිලෙද්දී ඒ කොල්ලෝ තුන්දෙනා තත්පරයක්වත් හිතුවේ නැහැ. පිරිමි ළමයි තුන්දෙනාම එක පේළියට වතුරට පැනලා ගිහින් තාත්තව වට කරගත්තා.

ඇත්තටම වතුර ගොඩක් සැරයි. ඒත් ඒ තුන්දෙනා ඒ සැර වතුර එක්ක සටන් කරලා තාත්තව කොහොම හරි මිනිස්සු ඉන්න පැත්තට තල්ලු කළා. මම දැක්කා ලොකු පුතා අනිත් දෙන්නට කෑගහනවා 'පොඩ්ඩක් ඉවසපන්... තාත්තව බේරගමු... බය වෙන්න එපා' කියලා.

තාත්තා ගොඩට ආවා විතරයි... ඒත් එක්කම ආපු ලොකු රළකින් ඒ කොල්ලෝ තුන්දෙනාවම යට කරගත්තා. පස්සේ අපි බලද්දී කවුරුවත් පේන්න හිටියේ නැහැ. අම්මා තාත්තා වෙනුවෙන් පණ දෙනවා කියලා දරුවෝ කිව්වට, ඇත්තටම තමන්ගේ පණ දීලා තාත්තව බේරගත්ත පුතාලා තුන්දෙනෙක් මම අදයි දැක්කේ. මහා පුදුම සහෝදරකමක් මහත්තයෝ ඒක... පපුව පිච්චිලා යනවා මේක මතක් වෙද්දී..."

තමන්ගේ ජීවිතේ පූජා කරලා තාත්තව බේරගත්ත ඒ වීර පුතාලා තුන්දෙනාට නිවන් සුව අත්වේවා! ❤️🥹

22/03/2026

Singer Sri Lanka කුරුණෑගල අපි - Kurunegala Api

Address

Kurunegala

Telephone

+94770404473

Website

Alerts

Be the first to know and let us send you an email when Zmart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zmart:

Shortcuts

Share