LGS Vidanagamage ICT Academy

LGS Vidanagamage ICT Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LGS Vidanagamage ICT Academy, kataragama, Kataragama.

09/09/2022
09/08/2021
20/06/2021

💥එක වාහනයක් වත් අයිති නැති ලෝකේ තියෙන ලොකුම කූලි රථ සේවාව. (Largest Taxi Servise in World Uber)
👇👇👇

https://youtu.be/OnCaeWGSXv4

ඇමරිකානු ඩොලර් 399කට Moto G Stylus 5G දුරකතනය එලි දැක්වීමට Motorola සමාගම කටයුතු කරයි
12/06/2021

ඇමරිකානු ඩොලර් 399කට Moto G Stylus 5G දුරකතනය එලි දැක්වීමට Motorola සමාගම කටයුතු කරයි

ගොඩක් අය ඇහුවා වට්ස්ඇප් කේස් එක ගැන, ඒක වෙනුවෙන් මේ ලිපිය👍🙂🛑තවදුරටත් Whatsapp භාවිත කළ යුතු ද..?⭕ Whatsapp කියන්නෙ මේ වෙ...
10/01/2021

ගොඩක් අය ඇහුවා වට්ස්ඇප් කේස් එක ගැන, ඒක වෙනුවෙන් මේ ලිපිය👍🙂

🛑තවදුරටත් Whatsapp භාවිත කළ යුතු ද..?

⭕ Whatsapp කියන්නෙ මේ වෙද්දි ලෝකෙ වැඩි වශයෙන්ම Masseging සඳහා භාවිත වන App එක. කෙටියෙන්ම 2020 වසරේ පෙබරවාරි වෙද්දි මාසිකව බිලියන දෙකකටත් වඩා වැඩී ප්‍රමාණයක් Whatsapp භාවිත කරන්න පටන් ගන්නව..

⭕ ඉතින් මේ වෙද්දි හැමෝටම තියෙන ප්‍රශ්න තමයි මොකක්ද මේ Whatsapp කරන්න යන්නෙ 🙄 මොකක්ද මේකෙන් වෙන්නෙ🤔 කියන දේවල් 🤷

🔵 අපි හැමෝම දන්න Mark Zuckerberg තමයි මෙතන ප්‍රධානිය. Mark 2012 වසරෙදි ඩොලර් මිලියනයකට Instagram මිළදී ගන්නව.. එතනින් පස්සෙ 2014 දි Mark, ඩොලර් මිලියන 19කට Whatsapp සමාගමත් මිළදී ගන්නව. ඉතින් මේ Company කිහිපයේම හිමිකරුව වෙන්නෙ Mark Zuckerberg.

⭕ Mark Zuckerberg, Whatsapp මිළදී ගනිද්දි ප්‍රකාෂ කරේ Whatsapp භාවිත කරන්නන්ගේ පෞද්ගලිකත්වය කෙරෙහි වෙනසක් සිදු නොකරන බව. 2016 දි Whatsapp , Facebook සමග Data Share කරන්න පටන් ගන්නව. නමුත් Whatsapp භාවිත කරන අය අකමැති නම් මේ විදියට Data Share වෙන එක නවත්තන්න පහසුකම තිබුනා. නමුත් දැන් මේ පහසුකම ඉවත් කරල තියෙනව. එ කියන්නෙ අපේ Whatsapp Data Facebook එක්ක Share වෙනව.

🔵 දින කිහිපයකට කළින් තමයි Whatsapp වල මේ Terms And Conditions අලුත් වෙන්නෙ. එ වගේ ම Whatsapp භාවිත කරන හැමෝටම මේ Terms And Conditions වලට Agree වෙන්නම වෙනව. එහෙම නැති උනොත් මාසයක් වගේ ඇතුළත් ඔයාව Whatsapp වලින් Ban වෙනව. ගොඩක් අයට මේ වෙද්දි Terms And Conditions Massge එක ඇවිත් ඇති. එ මැසේජ් එකෙ දාල තියෙනව එයාලගෙ අලුත් නීති රීති/කොන්දේසි. එ තමයි අපේ Whatsapp Data Facebook සහ ඊට අදාල සමාගම් සමග Share වෙනව කියන එක. පෙබරවාරි මාසෙ 8 වෙනිද ඉඳන් තමයි සියල්ල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. ඊට කළින් හැමෝටම මේ Notification එක එයි. සරලව Whatsapp Open කරද්දි තමයි මෙ Notification එක පෙන්නන්නෙ.

✳️ Whatsapp අපෙන් උස්සන Data මොනවද 🙄
➡️ ඔයාගෙ Phone Model එක
➡️ Operating System එක (Os)
➡️ Battery Status
➡️ Signal Strength
➡️ Time Zone
➡️ IP Address
➡️ Whatsapp Usage (අපි වට්සැප් භාවිත කරන ආකාරය, කොච්චර වෙලා පාවිච්චි කරනවද, මොනවද කරන්නෙ, මොන මොන වෙලාවටද ඔන්ලයින් එන්නෙ.. මේ වගේ දේවල්)
➡️ Payment And Transitions (ගෙවීම් කටයුතු)
➡️ Status Updates 😁
➡️ Group Details 😐
➡️ Profile Pictures
➡️ About Info
මෙ වගේ දේවල් එයාල අපෙන් ගන්නව.

⭕ ඉතින් මේ විදියට අපෙන් ගන්න Data වලින් මෙයාල ගොඩක් දේවල් කරනව. උදාහරණයක් විදියට අපේ Data අලෙවි කරන්නත් පුලුවන්. (දැනටත් එහෙම වෙනව) මෙ විදියට Terms And Conditions වලින් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි මුදල් උපයන එක. කෙටියෙන්ම අපි Whatsapp වල Chat කරන්නෙ මොනවද කියල Facebook සමාගමට නිරීක්ෂණය කරන්න පුලුවන්. ඉතින් මේ නිසා අපෙ Chat එකට අනුකූලව විවිධ Adds Fb හරහා ඉදිරිපත් කරන්න මෙයාලට පුලුවන්. Whatsapp විතරක් නෙමෙයි , Massenger වලදි ඔයා යාලුවෙක් එක්ක අලුත් Phone එකක් ගැන, අලුත් Monitor එකක් ගැන, Tv එකක් ගැන ටිකක් Chat කරල Facebook, Instagram ගිහින් බලන්න, එතකොට ඔයාට කළින් Chat එකට අදාලව Adds ගොඩක් පෙන්නයි.

🔵 ලෝකයෙ දැනට ධනවත්ම පුද්ගලය වෙන Elon Musk පවා මෙ වෙද්දි කියන්නෙ Whatsapp වලින් අයින් වෙලා Signal Massenger App එක භාවිත කරන්න කියල. එ වගේ ම twitter වල Mark Zuckerberg ව උපහාසයට ලක් කරල තිබුන(Meme). 2018 වෙනකම් Tesla, Space X සමාගම් වලට නිළ page තිබුනත් Elon Musk මේ සියල්ලම ඉවත් කරන්න නියෝග කරා. එතනින් පස්සෙ Space X , Tesla වලට pages තිබුනෙ නෑ. එ වගේ ම 2020 වසරෙ පෙබරවාරි මාසෙදිත් "සමාජ මාධ්‍ය දැවැන්තයා කොර" යනුවෙන් පවසමින් Musk විසින් Zuckerberg ව උපහාසයට ලක් කර තිබුනා.....

⭕ ඉතින් සරලව මේක තමයි අලුත්ම Whatsapp ක්‍රියාවලිය. ආයිත් එ ගැන කියනව නම් අපේ තොරතුරු Facebook හා ඊට අදාළ සමාගම් එක්ක Share වෙනව කියන එක. මේකෙන් ඔයාලට ලොකු අදහසක් ගන්න පුලුවන් වෙයි කියල හිතනව.. මොකද සමහරු Page එකට Massge, Comments කරල අහල තිබුන Whatsapp ප්‍රශ්නය ගැන🙂

ඉතින් තවදුරටත් Whatsapp භාවිත කරනවද නැද්ද කියල ඔයා හිතල බලන්න. එ වගේ ම Whatsapp වෙනුවට භාවිත කරන්න පුලුවන් වෙනත් Apps මොනවද කියල දැනගන්න කැමති නම් පහළින් Comment කරන්න. . ඉක්මනටම ඒ ගැනත් ඔයාලව දැනුවත් කරන්නම්.

Address

Kataragama
Kataragama
91400

Alerts

Be the first to know and let us send you an email when LGS Vidanagamage ICT Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LGS Vidanagamage ICT Academy:

Share