12/01/2026
ට්‍රම්ප් මහත්තයා ඊයෙ උදේ මේ post එක share කරද්දිම මට මතක් උනේ මුන්නැහේ ලතින් ඇමරිකාවේ දැනටමත් ඔය Monroe Doctrine ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියලා...
MONROE DOCTRINE කියන්නේ ජෙම්ස් මොන්රෝ ජනාදිපතිගේ කාලේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ගැන ඔහු දුන්න අලුත් අර්ථකතනයට කියපු නම.
ඇමරිකාව නිදහස ලැබුනයින් පස්සෙ ඔවුන් විස්වාස කලා ආපහු බ්‍රිතාන්‍ය ආක්‍රමනයක් එල්ලවෙයි කියල.ඉතින් මොන්රෝ අලුත් ප්‍රතිපත්තියක් ගෙනාවා ඇමරිකාවෙ විදේශ ප්‍රතිපත්තිය යුරෝපයේ අබ්‍යන්තර කටයුතුවලට මැදිහත්වෙන්නැ කියල.ඒවගේම ඊට පිලිතුරු ලෙස බ්‍රිතාන්‍ය ,ප්‍රංශවගෙ රටවල ලතින් ඇමරිකානු රටවලට යුරෝපෙ රටවල් මැදිහත් නොවී යටත්විජිත පිහිටුවගන්නෙ නැතිවිය යුතුබව.
ඒ හරහා ඇමරිකාව උපායමාර්ගිකව පෙන්නුව අපි යුරෝපෙට බාදාවක් වෙන්නෑ කියල ඒත්තු ගන්නවල පුලුවන් තරම් තමන්ගෙ රට ඇතුලෙ බලය වර්දනය කරගැනීමයි ඇමරිකාවෙ අරමුන උනෙ. එතකොට ලතින් ඇමරිකාවට බ්‍රිතාන්‍යය විසින් බලපෑම් නොකරන නිසා, කල් යනකොට ඇමරිකාව විතරයි ඔය කලාපෙ බලවතා වෙන්නෙ.ඔන්න ඔය දවසෙ ඉදන් තමා ලතින් ඇමරිකාව යුරෝපෙ ග්‍රහනෙන් නැතිවෙලා step by step ඇමරිකානු ග්‍රහනයට ලක් වෙන්නෙ .
වෙනිසියුලාවේ රජයේ වැඩ බලන ජනාධිපතිනිය ලෙස ඩෙල්සිව පත්කරල තියෙද්දී මෙයා මේම කියන්නෙ..🤔 කොහොමහරි වෙනිසියුලාවේ නිකලස් මධුරෝ තෙල් වලට ඩොලර් පිළිගත්තෙ නැති එකත් මේකට බලපෑවා..
ට්‍රම්ප් මේ ලෝකේ තෙල් ඔක්කොම ඩොලරීකරණය (පෙට්‍රො ඩොලර් සංකල්පය) කරොත්, ඒකත් රාජ්‍යන්ට බලපෑම් කළ හැකි අතකොලුවක් කරගනී..!
#යහපාලනය😂