නොදුටු පෙම

නොදුටු පෙම නිහඩව බලාහිදීම ප්‍රේමයේ අරුත්බරම කොටසයි 🤍

ඉතින් මට හැකියිඔබ මුණනොගැසුන,ඒ පාරෙආයි ආයි යන්න....අපි හමු වුණානම් කෙලෙසදැයි නැවත නැවතහිතන්න....කතාකරන්නේ මොනවදැයිහිනාවෙ...
24/07/2026

ඉතින් මට හැකියි
ඔබ මුණනොගැසුන,
ඒ පාරෙ
ආයි ආයි යන්න....

අපි හමු වුණානම්
කෙලෙසදැයි නැවත නැවත
හිතන්න....

කතාකරන්නේ මොනවදැයි
හිනාවෙන්නේ කොහොමදැයි
එකඟ වෙන්නේ කුමටදැයි
හිත හිතා කල්යවන්න....

ඇත්තමයි ඒනිසා
මම ගොඩක් කැමතී
අපි හමු නොවී තිබෙනවිට..... 🖤

කවියේ අයිතිය ~ චමරි ප්‍රියභාශිනී

මේ නෞකාවක අවසාන නවාතැන්පළයි !සියලු ගනුදෙනු අවසන් කර දැන් එය  නික්මෙයි.නැංගුරම් ලන්නට වූ කුඩා දූපත්මහා වරායන්මඟ කියූ ප්‍ර...
16/07/2026

මේ නෞකාවක අවසාන නවාතැන්පළයි !
සියලු ගනුදෙනු අවසන් කර දැන් එය නික්මෙයි.

නැංගුරම් ලන්නට වූ කුඩා දූපත්
මහා වරායන්
මඟ කියූ ප්‍රදීපාගාර පහන් කණු

සියල්ල අතරින්.....

සෑම නැවතුම්පොළකදීම
ප්‍රේමයෙන් ,කරුණාවෙන්,
පමාවට සමාව ඇයැදීමෙන්

ඒ ඒ බහාලූම් නිසි පරිදි
අදාළ අයවලුන් වෙත බාර දී අවසානයි

"ආදරය" එයට හිමිකම් කියූ හදවතට ද
"සමාව" රිදවූ -රිදුම් ලද අයටද
"මතකයන්" කාලයට ද

සිනහව, කඳුළු, ස්තුතිය,
මතක මලු ,බර සුසුම්
ඒ ඒ වරායන් හීඳී එකතු කරගත් දේ
පුරුදු දියඹටම බාර දී එය ඇදෙයි...........

දැන් ඒ නෞකාව හිස් ය
පිහාටුවක් තරම් සැහල්ලුය

බරක් නැති නෞකාවකි
නැංගුරම් අහිමියි
රළ ට බිය නොවෙයි
සුළඟත් බාධාවක්ව නොදැනෙයි

භාරදිය යුතු කිසිවක් ඉතිරි නැතියෙන්
එය තවදුරටත් වරායන් සොයන්නේ නැත

එය නිහඬව, ආලෝකයෙන් පිරුණු ක්ෂිතිජයක් දෙසට පාවෙයි
ඉතිරි වන්නේ සුළඟත්, සාගරයත්, නිහඬ බවත් පමණි.

දැන් නෞකාව රළ සමඟ සටන් කරන්නේ නැත.

එය රළම බවට පත්වෙයි

මුහුද තරණය කරන්නේ නැත
මුහුද සමඟ එකතු වෙයි.

එය පරාජයක් නොවෙයි !

නුබෙන් විතරක් පිරෙන හිස්තැන් හැමදා ඔහේ හිස්ව තිබුනාදෙන්... 🖤
11/07/2026

නුබෙන් විතරක් පිරෙන හිස්තැන්
හැමදා ඔහේ හිස්ව තිබුනාදෙන්... 🖤

නුබට මා නොදැනිය යුතුය 🩶
06/07/2026

නුබට මා නොදැනිය යුතුය 🩶

+ අද මං එයාව දැක්කා.... 🥺🤍- එයා කිව්වේ...?+ කලෙකට කලින් මම පනටත් වැඩියේ ආදරේකරපු කෙනා...- ඉතිං.. එයා කතා කරාද...?+ නෑ.. ...
18/06/2026

+ අද මං එයාව දැක්කා.... 🥺🤍

- එයා කිව්වේ...?

+ කලෙකට කලින් මම පනටත් වැඩියේ ආදරේ
කරපු කෙනා...

- ඉතිං.. එයා කතා කරාද...?

+ නෑ.. 😊

- එහෙනම්..?

+ මං ඈතින් ඉදන් එයා දිහා බලාන් හිටියා... මාත් එයාව දැක්කා.. එයත් මාව දැක්කා මං හිනා උනා ඒත් එයා හිනා උනේ නෑ..

- එයාගේ මොනාවද තවත් බලාන් උන්නෙ...?

+ එයා තාමත් ඉස්සර වාගේම ලස්සනයි... එයාගේ හිනාවට තමා මම කැමතිම... ඒ හිනාව‚ ඒ ලස්සන තාමත් එහෙම්මයි...

_ආදරේයිද තාම එයාට....?

+ඔව් ආදරෙයි මම

_ඉස්සර තරමටම...?

+ නෑ.. 😊

- එහෙනම් ආදරේයි කිව්වේ...?

+මං ආදරේ මාව දලා යන්න නිමේශයකට කලින් හිටපු එයාට... ·

_ඇයි එහෙම කියන්නෙ...?

+ඒ නිමේශයට කලින් හිටපු එයා හරි ආදරනියයි... .·

_දැන්....?

+දැන් ඒ ආදරණිය කෙනා නෑ...

_දුකින්ද ඉන්නෙ ඔයා...?

+ නැ... 😊

- එහෙනම්...

+ මේ හමුවිම මාගේ මුලු හිතම ගොලු කරා.. සමහර හැගිම් වචන වලින් කියා ගන්න බැරි තරමටම...

- එයා අයේ එයිද...?

+ නෑ...

- අවොත්...?

+ එයාට අයේ එන්න කිසිම හේතුවක් නෑ...

_ මතක් වෙනවාද තාම..?

+ අමතක වෙන්න මැරිලා ඉපදිලා නැ... සමහර මතක තමයි අදටත් මාව ජිවත් කරවන්නේ....

_ එයා අයේ අවොත්...?

+ ඒ එන්නෙ මං ආස කෙනා නෙවෙයි.. ඒ නිසා මම බලාපොරොත්තු තියන් ඉන්නේ නෑ ඒ ගැන.... 😊

- වෛර කරනවාද එයාට...?

+ කවදාවත් නෑ...

- එහෙනම්...?

+ ගතිනුයි අතහැරියේ... හිතේ පරිස්සමට ඇති....
තාමත් ආදරේ වැඩිපුරම ඒ මතක වලට... ඒ තමයි මම සතුටින් හිටපු දවස්.. ආදරේ කියන්නෙ මොකක්ද කියල මං ඉගනගත්තෙ එයාගෙන්....

ඉතිම් කොහොම වෛර කරන්නද... මතක තමයි හුගක් හිත් අදටත් ජිවත් කරවන්නෙ ජිවිතේම දරාගෙන....

- එයා අයේ මුණගැහෙයිද...?

+ සමහර විට මුණගැහුනත් අපි කතා නොකරාවී...

_ඇයි...?

+ කතා කරන්න හෙතුවක් අපිට නැති වෙවී... අපි වෙන් වෙලා හුගක් දුර ගිහින් ඉදිවී.. හැමදාටම හිතවල විතරක්ම තියෙවී..... 🤍😊

මතකයන් කියන්නේ හුදෙක් කෞතුකාගාරයක් විතරයි...පාළුව සහ හුදෙකලාව හිත බිඳින හැම මොහොතකම, අපිට ඉබේටම මතක් වෙන්නේ අපේ ජීවිතවලි...
01/06/2026

මතකයන් කියන්නේ හුදෙක් කෞතුකාගාරයක් විතරයි...

පාළුව සහ හුදෙකලාව හිත බිඳින හැම මොහොතකම,
අපිට ඉබේටම මතක් වෙන්නේ අපේ ජීවිතවලින් ඈත්වෙලා ගිය පරණ මිනිස්සුන්ව.

ඒ අතීතයේ දවස්වල අපිට ලැබුණු ආදරය,
උණුසුම සහ රැකවරණය ආයෙමත් විඳින්න තියෙන පෙරේතකමට අපේ හිත අපිටත් නොදැනිම ඒ පරණ මතකයන් හාරන්න පටන් ගන්නවා.

මතකය කියන්නේ හිත ඇතුළේ තියෙන ලස්සන කෞතුකාගාරයක් විතරයි.

කෞතුකාගාරයක තියෙන දේවල් කොච්චර වටිනවා වුණත්,
කොච්චර ලස්සන වුණත්,
ඒ හැමදෙයක්ම අයිති අතීතයට.
අපිට පුළුවන් ඒ දිහා බලලා මොහොතකට සතුටු වෙන්න හෝ සුසුමක් හෙලන්න විතරයි. ඒත් ඒවා අද අයිති කරගන්න හෝ නැවත ජීවත් කරවන්න අපිට බැහැ.

ඒ මතකයන් එකල ඉතාමත් සුන්දර වෙන්න ඇති.
ඒ ආදරය සැබෑවක් වෙන්න ඇති.
හැබැයි අද වෙනකොට ඒ හැමදෙයක්ම හුදෙක් "අතීතයක්" විතරයි.

අතීතයේ ජීවත් වෙන්න උත්සාහ කරන එක හරියට හෙවනැල්ලක් බදාගන්න හදනවා වගේ වැඩක්.

පරණ මිනිස්සුන්ගේ මතකයන් අස්සේ රිංගලා, ඒ ආදරය අදත් ඒ විදිහටම හොයන්න ගියොත් ඉතිරි වෙන්නේ තවත් ලොකු රිදවීමක් සහ තනිකමක් විතරයි.

ඒවා ඔබේ ජීවිතයේ ලස්සනම කාල පරිච්ඡේදයන් විය හැකියි.

කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා, ජීවිත ඉස්සරහට යනවා.

අද දවසේ ඔබ වටා සිටින, ඔබට ආදරය කරන මිනිස්සු වෙනුවෙන් ඔබේ හදවත විවෘත කරන්න.

පාළුවක් දැනෙන හැම වෙලාවකම අතීතයේ දූවිලි අවුස්සන්නේ නැතුව,
තමන්ට තමන් ඉන්නවා කියන ආදරණීය හැඟීමෙන් වර්තමානයට මුහුණ දෙන්න.
මොකද,
ජීවිතයේ ලස්සනම හරය රැඳී තිබෙන්නේ ගෙවීගිය තැනක නෙවෙයි,
ඔබ දැන් ඉන්න මෙන්න මේ මොහොත ඇතුළේයි! ❤️ ✨

ජීවිතය හැමදාම එකම විදිහට ගලාගෙන යන්නේ නැහැ...සමහර දවස්වලට අපි හරිම සතුටින්, ශක්තිමත්ව ඉන්නවා. ඒ වෙලාවට අපේ වටේ ඕනෑතරම් ම...
12/01/2026

ජීවිතය හැමදාම එකම විදිහට ගලාගෙන යන්නේ නැහැ...
සමහර දවස්වලට අපි හරිම සතුටින්, ශක්තිමත්ව ඉන්නවා. ඒ වෙලාවට අපේ වටේ ඕනෑතරම් මිනිස්සු ඉන්නවා...
=================
හැබැයි තවත් දවස් එනවා අපිට අපිවම එපා වුණු, අපි ගොඩක් දුර්වල වුණු, පරාජය වුණු මොහොතවල්. අන්න ඒ වගේ අසීරු කාලවලදී අපේ ළඟ ඉතිරි වෙන්නේ කවුද?

“Remember that the right person will never get tired of you even in the worst times..” (මතක තබා ගන්න, නිවැරදි පුද්ගලයා ඔබ ජීවිතයේ අසීරුතම කාල පරිච්ඡේද පසු කරද්දී පවා කිසිවිටෙකත් ඔබෙන් විඩාවට පත් වන්නේ නැත.)
==================
දරාගැනීම යනු ආදරයේ එක් ස්වරූපයකි
ආදරය කියන්නේ හිනාවෙලා ඉන්න එක විතරක් නෙවෙයි. ආදරය කියන්නේ තව කෙනෙකුගේ බිඳුණු කොටස් (Broken pieces) එකතු කරන්න උදව් වෙන එකයි.
====================
නිවැරදි පුද්ගලයා ඔබව හඳුනන්නේ ඔබේ හොඳම ස්වරූපයෙන් විතරක් නෙවෙයි. ඔහු ඔබේ අඳුරු පැතිකඩවල්, ඔබේ වැරදීම් සහ ඔබේ දුර්වලකම් පවා දන්නවා. ඔවුන් ඔබව පිළිගන්නේ "සම්පූර්ණ පැකේජයක්" විදිහටයි.
====================
සැබෑ ආදරය කියන්නේ බරක් බෙදාගැනීම මිසක් බරක් පැටවීම නෙවෙයි. ඔබ වැටිලා ඉන්න වෙලාවට ඔබව රඳවා තබා ගන්නා ඒ දෑත්වල තියෙන උණුසුම, මුළු ලෝකයකටම වඩා වටිනවා. එවැනි මිනිසුන් ලෝකයේ හරිම දුර්ලභයි. ඔබට එවැනි කෙනෙක් ඉන්නවා නම්, ඔහු හෝ ඇයව කිසිම දිනක අහිමි කරගන්න එපා.
==================
ඔබත් එවැනි කෙනෙකු වන්න
අනෙක් අයගෙන් මේ දේ බලාපොරොත්තු වෙනවා වගේම, ඔබත් තවත් කෙනෙකුගේ අසීරු කාලයකදී ඔවුන්ව අත්නොහරින "
==================
අවසාන වශයෙන්, ඔබේ ජීවිතයේ අසීරුම කාල පරිච්ඡේදවලදී ඔබේ අත අත්හැරපු මිනිස්සු ගැන දුක් වෙන්න එපා. ඔවුන් අතහැරලා ගියේ ඔබේ අගය ඔවුන්ට දරාගන්න බැරි වුණු නිසයි. ඒ වෙනුවට, ඔබ කොතරම් රළු වුණත්, කොතරම් දුර්වල වුණත් තවමත් ඔබේ අත තදින් අල්ලාගෙන ඉන්න ඒ මිනිසුන්ට ආදරය කරන්න.

කාලය විසින් හැමෝමව පෙරනවා. අවසානයේ ඉතිරි වෙන්නේ ඔබෙන් කිසිදා විඩාවට පත් නොවන ඒ සැබෑ මිනිසුන් පමණයි.

"ඇයි එයාව පිළිනොගන්නෙ.."මට එයාව එපා..""ඒත්, ඔයා එයාව ignore කරන මොහොතෙ පවා එයා ඔයාව පිළිගන්නවා.. ඔයාගෙ නරකම ස්වරූපය පෙන්...
12/01/2026

"ඇයි එයාව පිළිනොගන්නෙ..

"මට එයාව එපා.."

"ඒත්, ඔයා එයාව ignore කරන මොහොතෙ පවා එයා ඔයාව පිළිගන්නවා..
ඔයාගෙ නරකම ස්වරූපය පෙන්නුවටත් පස්සෙත් ඔයාව තාමත් පිළිගන්නවා.. Then, what else?"

"දැන් එයා.. මට වැඩක් නෑ.."

"ඔයා ඔය ignore කරන්නෙ මේ ලෝකෙ තියෙන ගෞරවණීයම හැඟීමක් ළඟ තියෙන මනුස්සයෙක්ව.."

"මං එයාව පිළිගන්න ලෑස්ති නෑ.."

දන්නවද, අපේ නරකම ස්වරූපය පෙන්නුවට පස්සෙත්, අපි ignore කලාට පස්සෙත් අපිව පිළිගන්න මනුස්සයෙක් ඉන්නව නම් මගහැරගන්න එපා..

"මගහැරගෙන ආයෙ හොයන්නත් එපා.."

එහෙම මනුස්සයෙක් අපිට ලැබෙන්නෙ ජීවිතේටම එක පාරක් වෙන්න පුලුවන්..

අපිව තෝරගන්න, අපි වෙනුවෙන් බැඳීම් හදාගන්න හැම කොනාම අපි ළඟ තියෙන නරකම මනෝභාවයන් පිළිගෙන අපි වෙනුවෙන්ම පෙනී හීටින්න කොහෙත්ම ලෑස්තියි නෑ.."

හදෙහි අවසන් දොරටුව හැරියේ නුබට පමනයි කියමි මා ප්‍රේමියේමෙතැන් පසුවට නුඹත් නොමැති නම්තනිව යන්නම් දිවි ගමන පාඩුවේ 🖤
30/12/2025

හදෙහි අවසන් දොරටුව හැරියේ
නුබට පමනයි කියමි මා ප්‍රේමියේ
මෙතැන් පසුවට නුඹත් නොමැති නම්
තනිව යන්නම් දිවි ගමන පාඩුවේ 🖤

Address

Horana
Horana

Opening Hours

Monday 06:00 - 23:00
Tuesday 06:00 - 23:00
Wednesday 06:00 - 23:00
Thursday 06:00 - 23:00
Friday 06:00 - 23:00
Saturday 06:00 - 23:00
Sunday 06:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when නොදුටු පෙම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share