30/07/2026
හුලං විතරක් දීලා යකඩ චීස් වගේ කපන මේ අරුම පුදුම වැඩකාරයා කවුද?
අද අපි කතා කරන්නෙ Plasma Cutter එක ගැන.
බොහෝ දෙනෙක් හිතනවා මේ මැෂිම යකඩ කපන්න ගෑස් භාවිතා කරනවා කියලා. නමුත් ඇත්තටම Plasma Cutter එකකට අවශ්‍ය වෙන්නෙ Compressed Air (හුලං) සහ විදුලිය විතරයි.
ඉතින් හුලං විතරක් යොදාගෙන මිලිමීටර් ගණනක් ඝන යකඩයක් චීස් කපනවා වගේ කපන්න පුළුවන් වෙන්නෙ කොහොමද?
Plasma කියන්නෙ මොකක්ද?
ලෝකයේ ද්‍රව්‍ය පවතින ප්‍රධාන තත්ත්ව 4ක් තියෙනවා.
ඝන Solid,,,ද්‍රව Liquid,,,වායු Gas,,,ප්ලාස්මා Plasma
Plasma කියන්නෙ අධික උෂ්ණත්වයකින් විද්‍යුත් ආරෝපිත Ionized වායුවක්.
සූර්යයා, අකුණු සහ Arc Welding එකේ Arc එකත් Plasma තත්ත්වයේ උදාහරණ විදිහට ගන්න පුලුවනී.
Plasma Cutter එක වැඩ කරන්නෙ කොහොමද?
01.Compressor එකෙන් හුලං Plasma Cutter එකට එනවා.
02.Torch එක ඇතුළේ Electrode එක සහ Nozzle එක අතර High Voltage Arc එකක් ඇති වෙනවා.
03.එම Arc එක හරහා යන හුලං Ionize වෙලා Plasma Jet එකක් බවට පත් වෙනවා.
04.Plasma Jet එකේ උෂ්ණත්වය දහස් ගණනක Celsius අගයකට (සාමාන්‍යයෙන් 20,000°C පමණ හෝ ඊට වැඩි) ළඟා වෙනවා.
05.ඒ අධික උෂ්ණත්වයෙන් යකඩය ක්ෂණිකව උණු වෙලා දියවෙනවා.
06. Compressor එකෙන් එන අධිවේගී හුලං එම උණු ලෝහය පිටතට පිඹලා ඉවත් කරනවා.
ඒ නිසා කැපීම ඉතා වේගවත් සහ පිරිසිදු වෙනවා
Plasma Cutter එකෙන් කපන්න පුළුවන් ලෝහ මොනවද කියලත් බලමුකෝ
Mild Steel,, Stainless Steel,, Galvanized Steel,,Aluminium,,Copper,, Brass
යකඩ ඝනකමට ගැලපෙන අවශ්‍ය ධාරවත් සදහන් කරන්නම්කෝ, එතකොට ඔයාලට මැෂිමක් මිලදි ගැනීමේදී අවශ්‍ය cut ඇම්පියර් එක තීරනය කරන්න පුලුවන්නී
යකඩ ඝනකම Current
1 mm 15–20A
2 mm 20–25A
3 mm 25–30A
5 mm 30–40A
6 mm 40–45A
8 mm 45–50A
10 mm 50–60A
12 mm 60–70A
16 mm 70–80A
20 mm 80–100A
මේවා සාමාන්‍ය අගයන්. මැෂිමේ Cut Capacity, Air Pressure සහ Consumables අනුව වෙනස් වෙන්න පුළුවන් කියන එකත් අනිවාර්යයෙන් මතක තියාගන්න.
Air Pressure කොච්චර ඕනෙද?
බොහෝ Plasma Cutter වල
65–75 PSI (ආසන්න වශයෙන් 4.5–5.2 bar)
වායු පීඩනය හොඳින් තිබිය යුතුයි.
ලොකු යකඩ කපනවනම් 200L වලින් උඩ තියනවනම් ඉතින් ගොඩ තමයී.
Air Pressure අඩු නම්
Cut Quality අඩුවෙනවා,,, Slag වැඩි වෙනවා,,,Consumables ඉක්මනින් නරක් වෙනවා.
හොඳ කැපුමක් ලබාගන්න
01.Torch එක සෘජුව තබන්න.
02.Nozzle එක යකඩයට අධික ලෙස තද නොකරන්න.
03.Cut Speed එක නියතව තබන්න.
04.Air Pressure නියම අගයට සකස් කරන්න.
05.Consumables (Electrode / Nozzle) ගෙවී ඇත්නම් මාරු කරන්න.
ආරක්ෂාව ගැන නම් අනිවාර්යයෙන් හිතන්න ඕනී.
Plasma Arc එක ඉතා භයානකයි.
අනිවාර්යයෙන්ම මේ ආරක්ෂක උපකරන භාවිතා කරන්න.
01.Plasma Cutting Helmet (Shade 8–12)
02.Leather Gloves
03. Flame Resistant ඇඳුම්
04.Safety Shoes
05.හොඳ Ventilation හෝ Fume Extraction
06. Ear Protection තියනවනම් හොදයී ඉතින්.
Plasma Cutter එකේ විශේෂ වාසි මොනවද කියලත් අපි බලමුකො.
01. ඉතා වේගවත් කැපුමක් ලබාගන්න පුලුවන්.
02. Heat Distortion අඩුයි
03.Stainless සහ Aluminium පහසුවෙන් කපන්න පුළුවන්
04.Gas Cylinder අවශ්‍ය නැහැ
05.CNC Plasma Table වලටත් භාවිතා කළ හැකියි.
ඔබ Plasma Cutter එකක් භාවිතා කරලා තියෙනවද? නැත්නම් තවමත් Gas Cutting ද භාවිතා කරන්නෙ?
ඔබේ අත්දැකීම Comment එකකින් අපිටත් කියන්න ❤
ඉතින් අපිව follow ,like,shear කරන්නත් අමතක කරන්න එපා.
ජයවේවා ඔබ සැමට❤
WELD DOC – Welding Technology | Repair | Education