15/08/2026
Ax Amplifier ...........
Amplifier Pcb එක හැදුව .
100 W + 100 W .
8 Oms Speakers .
With protection circuit .
36 v to 56 v . 6 A to 8 A .
Dual supply .
( ඇම්ප්ලිෆයරය වෙත අපි ලබාදෙන සයිනාකාර ස්‍රව්‍ය තරංගය ධන අර්ධ භාගයකින් සහ සෘන අර්ධ හාගයකින් සමන්විත වෙනව .
npn transistor උපතින්ම ධන විදුලියට සංවේදියි
pnp transistor උපතින්ම සෘන විදුලියට සංවේදියි
මේ තත්ත්වය උපයෝගී කරගෙන උසස් ස්‍රවන තත්ත්වයේ ඇම්ප්ලිෆයර් නිර්මාණය කරන්න පුළුවන් .
එනම් ස්‍රව්‍ය තරංගය අඩුපාඩු නැතිව සම්පූර්ණයෙන් වර්ධනය කරන්න පුළුවන් .
ස්‍රව්‍ය තරංගයේ ධන අර්ධ භාගය වර්ධනය සදහා මූලිකව npn transistor අවකලන වර්ධකයක්ද
සෘන අර්ධ හාගය වර්ධනය සදහා pnp transistor අවකලන වර්ධකයක්ද බාවිතා කරන්න පුළුවන් .
මෙහිදී අවකලන වර්ධකයේ non inverter input තරංගය input ලෙස බාවිතා කලහොත් inverter input ප්‍රතිශෝෂකය ( feedback ) ලෙස බාවිතා කර ඇම්ප්ලිෆයර් වර්ධනය පාලනය කරන්න පුළුවන්
අවකලන වර්ධකයෙන් වර්ධනය කල තරංගයේ ධාරාව තවදුරටත් වර්ධනය කරගැනීමට තවත් transistor එකක් හෝ දෙකක් බාවිතා කරන්න පුළුවන් .
එය ධාරාව ගනනය මගින් සොයාගන්න පුළුවන් .
අවසන් අධියර ලෙස ස්පීකරය ක්‍රියාමක කිරීමට අවශ්‍ය ධාරාව ලබාගන්න සහ ධන සහ සෘන තරංග අර්ධභාග එකට එකතු කරන්න power transistor යොදාගන්න පුළුවන් .
power transistor ක්‍රියාමක කරන්න වැඩි ධාරාවක් අවශ්‍ය වෙනව . ඒ සදහා උපක්‍රමයක් ලෙස darlington transistor ක්‍රමය බාවිතා කරන්න පුළුවන් .
මෙහිදී darlington transistor යොදාගැනීම මගින් බීටා එනම් ධාරා වර්ධන අනුපාතය වැඩිකරගන්න පුළුවන් .
අවසාන අධියර class B තත්ත්වය ගන්න බැවින් බේස් වෝල්ටීයතාව 0.7 තත්ත්වය පවත්වා ගන්න උපක්‍රමයක් බාවිතා කරන්න වෙනව .
ඔන්න මම උසස් තත්ත්වයේ ඇම්ප්ලිෆයර් නිර්මාණය කරන්න මූලික තත්ත්වය පැහැදිලි කලා .
පුළුවන් අය ගනනය කරල ඇම්ප්ලිෆයර් නිර්මාණය කරන්න .
මම නිර්මාණය කල Class AB ඇම්ප්ලිෆයරය සහ සදහා Pcb එක )