10/09/2022
මේ වගේ කෙල්ලොත් ඉන්නවා ලෝකේ😫
මන් කැම්පස් ටිකක් දුර පලාතක. මගේ boyfriend එක්ක බැඳීම අවුරුදු 6 ක්. Uni එන්න කලින් ඉදන්ම. එයා සාමාන්‍ය අපේ ගමේම කෙනෙක්. සාමාන්‍ය රැකියාවක් කරනවා. කියන්න තරම් වරදක් නෑ. මගේ ඉගෙන ගන්න වැඩ වලට එයා ගොඩක් වියදම් කලා. නමුත් එයා දියුනු වෙන්න උනන්දුව අඩුයි වගේ දෙයක් පේන්න තිබුනා.
නමුත් මන් කැම්පස් ආවම මේහෙ ඉදපු final year අයියා කෙනෙක් එක්ක බැඳුනා. ඇයි මන් එහෙම උනේ කියන දේ අදටවත් දන්නෙ නෑ. එයා දැන් out වෙලා රැකියාවක් කරනවා. අපි living together විදියට මෙහේ තැනක් අරගෙන ඉන්නවා. මන් කැම්පස් යනවා එයා වැඩට යනවා අපි මෙහෙම එකට දැන් අවුරුද්දක් තිස්සෙ ඉන්නවා. එයා මගේ ගමේ relationship එක ගැන දන්නවා.
නමුත් මට දැන් ඕන මෙයාගෙන් ඈත් වෙලා අවුරුදු 6 ක් ඉදපු මගේ ආදරේ එක්ක ඉන්න. ඒත් මන් මේ මනුස්සයට මනසින් බඳිලා, ජීවිතයම වෙලා. ඒත් මට එදා ඉදලා මාව බලපු මන් වෙනුවෙන් ඉදපු කෙනාට බොරු කරන්න ඕන නෑ. එයා හිතන්නෙ මට වැඩ නිසා කතා කරනවා අඩුයි කියලා. මන් දන්නවා යම් වරදක් උනා. ඒත් මට ඕන ඒක හදාගන්න.
මෙයාගෙන් අයින් වෙන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බෑ. මෙයාගෙත් කියන්න තරම් වරදක් නෑ. මන් අතරමන් වෙලා. මැරෙන්න තරම් දුකක් එනවා එක වෙලාවක. කාටවත් කියන්න බෑ. මෙහේ මාව දන්න අය හිතන්නෙ මෙයා තමයි boy කියලා. ගමේ කෙනාව අතාරින්න හැදුවට එයා කරපු දේවල් මතක් වෙද්දි තද වේදනාවක්, වරදකාරී හැගීමක් එනවා. ඔයාල බැන්නත් කමක් නෑ. මේක තේරුම් ගන්න පුළුවන් කිහිප දෙනෙක් හරි කරන්න හොදම දේ පැහැදිලි කරලා දෙන්න.