01/06/2025
🔌🛠️ IOT project එකකට නැතුවම බැරි module එකක් - Relay Module 🛠️🔌
Relay module එක සරලවම coil එකක්, armature එකක්, spring එකක් හා contact දෙකකින් සමන්විත වේ. ⚡ coil එකට current එක ලබා දුන් විට එමගින් ජනනය වන විද්‍යුත් ක්ශේත්‍රය 🧲 armature එක coil එක දෙසට ආකර්ෂණය කර ගනී.
නියමයක් ලෙස contact points සාමාන්‍යයෙන් විවෘත (NO – Normally open) 🔴, සාමාන්‍යයෙන් සංවෘත (NC – Normally close) 🟢 ලෙස වර්ග කෙරේ. මෙමගින් අදහස් වන්නේ එම relay එකේ starting position එක, එහෙමත් නැත්තම් ආරම්භක පිහිටුම.
Relay coil එක energize වූ විට, contact points වල ආරම්භක පිහිටුම වෙනස් වේ. මේ වෙනස සිදුවන්නේ NO ↔️ NC අතරයි. මෙමගින් අපේ load එක power supply එකට සම්බන්ධ වීම හෝ විසන්දි වීම සිදුවේ.
💡 එය සිදුවන්නේ මේ ආකාරයටයි. Relay එකේ ආරම්භක පිහිටුම NC නම්, load එක power supply එකට ආරම්භ අවස්ථාවේදී සම්බන්ධ වී තිබේ. 🟢 පසුව coil එක energize වූ පසු relay එක NO අවස්ථාවට පත්වී load එක power supply එකෙන් disconnect වේ. 🔴
🗂️ Relay module වර්ග
විවිධ වර්ග වල relay modules තිබේ. ඒවා අපේ අවශ්‍යතාවය පරිදි තෝරගත හැක.
1️⃣ Electromagnetic Relay Modules – සුලභව භාවිතා වෙන relay වර්ගය මෙය වන අතර එය Electromagnetic induction යන නියමය පාදක කරගෙන ක්‍රියා කරයි. Electromagnetic induction යන්නේ කුමක්දැයි අපි වෙනම post එකකින් කථා කරමු.
2️⃣ Solid-State Relay Modules – Electromagnetic relay module වල තිබෙන contact mechanism එක මෙම relay module වල නැත. මේවා semiconductors භාවිතා කර switching circuits එහෙම නැතිනම් contact mechanism එකට වඩා වැඩි speed එකකින් ක්‍රියාකරන circuit එකකින් සමන්විත වේ. මේවා Electromagnetic relay modules වලට වඩා වැඩි කාලයක් භාවිතා කල හැක.
3️⃣ Reed Relay Modules – 🌪️ මේවා Reed Switch නම් මූලධර්මය පාදක කරගෙන ක්‍රියා කරයි. මෙහි very short response time එකක් ඇති නිසා ඉතාමත් වේගයෙන් ක්‍රියා කරයි.
4️⃣ Time-Delay Relay Modules – ⏱️ මෙම relay module වල විශේෂත්වය නම් එහි අප ලබා දෙන signal එක හා relay එක operate වෙන කාලය අතර අන්තර්ගත කාල පරාසයක් තිබීමයි. මේවා වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ අපේ output එක යම් කිසි කාලයකට පසුව අවශ්‍ය වන projects සදහායි. උදා – Motor start/stop circuit.
5️⃣ Latching Relay Modules – 🖇️ මෙම relay module එක මතකයක් (Memory) ලෙස ක්‍රියා කරයි. Control signal එක නැතිවූ අවස්තාවේදී එය පෙර පැවති පිහිටුම වෙනස් නොකර එම අවස්තාවේම රැදී සිටී.
6️⃣ Polarised Relay Modules – ➕➖ මෙම relay modules, control signal එකෙ polarity එකට, එහෙම නැතිනම් +, - වලට සංවේදී වේ. එම නිසා මේ කාණ්ඩයේ relay module ක්‍රියා කරනු ලබන්නේ නිවැරදි polarity එකෙන් ලබාදෙන control signal එකකට පමනයි.
🤖✨ එහෙනම් තවත් tech post එකකින් හමුවෙමු. ✨🤖