Phone බාස්

Phone බාස් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Phone බාස්, Maradana.

26/08/2025

Tlog ceylon අපි අපේ පලවෙනි යාපනය අර්ධද්වීපයේ සංචාරය සූදානම් කරලා තියෙනවා. ලංකාවේ ජීවත් වෙන අපි හැමොම එක් වරක් හරි ගිහින් එන්න ඕන තැනක් තමයි යාපනය කියන්නේ.

මේ ගමනෙදි අපි යාපනය අර්ධද්වීපයේ සහ ඩෙල්ෆ් දූපතේ තියෙන අපි යායුතු වටිනාම නැරබුම් ස්ථාන සියල්ලටම වාගේ යන්න අදහස් කරනවා.

මේ සංචාරය දින 3 ක සංචාරයක් වන අතර ඒ සදභා යොදා ගෙන තියෙන්නේ ඔක්තෝබර් 24,25 සහ 26 වෙනිදා. අපි ඔක්තෝබර් 23 වෙනිදා රාත්‍රි 9.00ට මාකුඹුරෙන් ගමන් ආරම්භ කරලා එතනින් පසුව කිරුලපන, නුගේගොඩ හරහා කොළඹ කොටුවට ඇවිත් කොටුවෙ දුම්රිය පල ඉදිරියෙන් රාත්‍රි 10.00 ට අපි පිටත් වෙනවා.
එතනින් පසුව කිරිබත්ගොඩ , නිට්ටබුව , පස්යාල හරහා කුරුනෑගලට ගිහින් එතනින් අනුරාධපුර මැදවච්චිය හරහා යාපනයට යනවා.

මේ ගමනේදී අපි සංගුපිඩ්ඩි පාලම, යාපනය බලකොටුව, යාපනය පුස්තකාලය , නල්ලූර් කෝවිල, රියෝ Ice Cream, කීරමලෙයි පොකුන, දඹකොලපටුන විහාරය, පේදුරු තුඩුව ප්‍රදීපාගාරය සහ පේදුරු තුඩුව තැපැල් පෙට්ටිය පිහිටි ස්ථානය, KKS දුම්රිය ස්ථානය, අරාලි තුඩුවේ ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය, අලිමංකඩ රනවිරු ස්මාරකය පමනක් නෙවෙයි හැමන්හිල් බලකොටුව, කැසුරිනා වෙරළ තීරය,නාගදීප විහරස්තානය වගේම ඩෙල්ෆ් දූපතේ සියලූම නැරබුම් ස්ථාන වලටත් යන්න අදහස් කරනවා ඊට අමතරව යාපනය සංචාරයකදී ගමන් කරන සියලූම ප්‍රධාන ස්ථාන වලට මේ ගමනේදී අපි ඔයාලත් සමග යන්න අදහස් කරනවා.

මේ ගමනෙදි අපි කොළඹ ඉදන් AC බස් රථයකින් ගමන් කරන අතර ප්‍රධාන කෑම වේල් 6 අපි විසින් ලබා දෙනවා , එහි නතර වෙන දින දෙකේම රාත්‍රි ආහාරය ඔයාල කැමති විදිහට ලබා ගන්න පහසු වෙන්න තමයි අපි මේ ගමනේදී රාත්‍රි ආහාරය මේකට එකතු කලේ නැත්තේ. ඒ වගේම නවාතැන් ලබාගන්නේ සුඛෝපභෝගී AC කාමර , Swimming Pool එකක් සහිත හෝටලයක. මේ නවාතැන් පහසුකම් sharing basis විදිහට තමයි ලෑස්ති කරලා තියෙන්නේ.

යාපනය අර්ධද්වීපයේ රාත්‍රි 2ක් ගතකරලා 26 වෙනිදා අපි නැවත කොළඹ බලා පිටත් වෙන්න අදහස් කරනවා..

මේ සම්පුර්ණ ගමනටම සුඛෝපභෝගී බස් රථ ගමන, ප්‍රධාන ආහාර වේල් 6 සහ සියලූම පිවිසුම් ටිකට් පත් වියදම් ද ඇතුළත්ව ඔබගේ ආසනය වෙනුවෙන් සම්පුර්ණ මුදල රුපියල් 36,500ක් වන අතර අත්තිකාරම් මුදල විදිහට රුපියල් 11,500 ක නැවත ලබා නොදෙන මුදලක් අපිට ගෙවු පසු බස් රථයේ ඔබ කැමැතිම තැනකින් ආසනයක් ( ඒ වන විට ඉතිරි වී ඇති ආසන වලින්) වෙන් කරගන්න පුලුවන්.. ඉතිරි මුදල බස් රථයේදී ලබා දෙන්න පුලුවන්.

මුදල් බැර කල යුතු ගිනුම් තොරතුරු

Name : H.M.K.Upathissa Herath
Account No:102653891751
Bank : Sampath Bank
Branch : Panadura

මුදල ගෙවු පසු රිසිට් පත 0777755009ට වට්ස්ඇප් කරන්න සහ වැඩි විස්තර දැනගන්නත් ඉහත අංකයට කතා කරන්න.

වෙනදා වගේම මේ ගමනෙත් ඔයාලගේ මතකය හැමදාමත් තියාගන්න පුලුවන් වෙන විදිහේ ලස්සනම video එකකුත් අපි කරලා ඒක අපේ Page එකේ පළකරනවා.

07/08/2025

ලංකාවේ තියෙන ලස්සනම ගම්මානයට ගිහින් එමුද?
Tlog ceylon අපි ලංකාවේ ලස්සනම පරිසර කලාප කීපයකටම සාර්ථක සංචාර ගනනාවක් ගිහින් තියෙනවා . අපී මේ මාසේ 02 වෙනිදා තවත් ලස්සනම ගමනාන්තයකට ගිහින් ආවා ඒ මීමුරේ ගම්මානයට. ඒ සංචාරයට සහභාගි වෙන්න බැරි උන අය වෙනුවෙන් අපි ආයෙත් මීමුරේ ගම්මානයට යන්න තවත් සංචාරයක් සූදානම් කරලා තියෙනවා. මේ ගමන අපි සුදානම් කරලා තියෙන්නේ අගෝස්තු මාසේ 30 වෙනිදා. මේක දින දෙකක සංචාරයක් අපි අගෝස්තු 30 සහ 31 කියන දින දෙකේම මීමුරේ ගම්මානයේ තියන ලස්සන ස්ථාන වලට යන්න අදහස් කරනවා.

අගෝස්තු මාසේ 30 වැනිදා පාන්දර 2.00ට අපි මාකුඹුරෙන් පිටත් වෙනවා, එතනින් පසුව නුගේගොඩ, කිරුලපන හරහා කොළඹ කොටුවට ඇවිත් කොටුවෙ දුම්රිය පල ඉදිරියෙන් පාන්දර 2.30 ට පිටත් වෙනවා.
එතනින් පසුව කිරිබත්ගොඩ , නිට්ටබුව , පස්යාල හරහා කුරුනෑගලට ගිහින් එතනින් කටුගස්තොට හරහා ගිහින් අපි මීමුරේ ගම්මානයට යනවා.

මීමුරේ ගම්මානය අවට තියෙන සොදුරු ස්ථාන ගනනාවකටම මේ ගමනේදී අපි යනවා.

මේ ගමනේදී අපි ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය, මීමුරේ ඇලි හත, Corbert Gap view point , මීමුරේ ගම්මානයේ සවාරිය, දිය කැරැල්ල දිය ඇල්ල අසල adventure experience එකක් ගන්නත් පුලුවන් අතර දවස් දෙකේම අපිට ලස්සන දිය පහරවලින් නාන්න අවස්ථාව තියෙනවා.

මේ සංචාරයේදී අපි ප්‍රධාන ආහාර වේල් 5ක් සහ සියලුම පිවිසුම් ටිකට් පත් එයට අදාළ සියලූම පහසුකම් සපයනවා. දින දෙකේම දිවා ආහාරය ගමේ විදිහටම ගන්න අපි සුදානම් කරලා තියෙනවා. මේ සංචාරයේදී අපි නවාතැන් ගන්නේ Corbert Resort Hotel එකේ sharing basis විදිහට.

මේ සම්පුර්ණ ගමනටම ප්‍රධාන ආහාර වේල් සහ ඉහත සදහන් සියලූම ක්‍රියාකාරකම් වලට යන වියදම්ද ඇතුලත්ව ඔබගේ ආසනය වෙනුවෙන් සම්පුර්ණ මුදල රුපියල් 23,500ක් වන අතර අත්තිකාරම් මුදල විදිහට රුපියල් 10,000ක නැවත ලබා නොදෙන මුදලක් අපිට ගෙවු පසු බස් රථයේ ඔබ කැමැතිම තැනකින් ආසනයක් ( ඒ වන විට ඉතිරි වී ඇති ආසන වලින්) වෙන් කරගන්න පුලුවන්.. ඉතිරි මුදල බස් රථයේදී ලබා දෙන්න පුලුවන්.

මුදල් බැර කල යුතු ගිනුම් තොරතුරු

Name : A.H.M.T.K Herath
Account No: 8024648321
Bank : Commercial Bank
Branch : Boralesgamuwa

මුදල ගෙවු පසු රිසිට් පත 0777755009ට වට්ස්ඇප් කරන්න සහ වැඩි විස්තර දැනගන්නත් ඉහත අංකයට කතා කරන්න.

වෙනදා වගේම මේ ගමනෙත් ඔයාලගේ මතකය හැමදාමත් තියාගන්න පුලුවන් වෙන විදිහේ ලස්සනම video එකකුත් අපි කරලා ඒක අපේ Page එකේ පළකරනවා.

07/08/2025

Tlog ceylon අපි ලංකාවේ තියෙන ලස්සන පරිසර කලාප වලට මේ වන විට සංචාර ගනනාවක්ම ඔයාලත් එක්ක ගිහින් තියෙනවා , අපි මේ සැරේ තවත් ලස්සනම පරිසර කලාපයක් වන විල්පත්තු වනාන්තරයේ Full Day Safari සංචාරයක් සුදානම් කරලා තියෙනවා.

මේ ගමනෙදි අපි කුවේනිය සිටියා යැයි පැවසෙන ස්ථානය වගේම විජය රජතුමා ලංකාවට ගොඩ බැහැපු ස්ථානය අසල තියෙන කුදිරමලේ තුඩුවත් බලන්න යනවා ඊට අමතරව මුලු දවස පුරාම විල්පත්තු වනාන්තරයේ සොදුරු දසුන් බලන්න අදහස් කරනවා .

දිනය සැප්තැම්බර් මාසේ 06 වැනිදා.අපි මාකුඹුරෙන් අපි උදෑසන 01.30 ට පමන පිටත් වෙනවා..කිරුලපන, නුගේගොඩ හරහා කොළඹ කොටුවට ඇවිත් කොටුවෙ දුම්රිය පල ඉදිරියෙන් උදෑසන 2.30 ට අපි පිටත් වෙනවා.
එතනින් පසුව මීගමුව , හලාවත , පුත්තලම හරහා ගමන් කරලා අපි විල්පත්තුව වනාන්තරයට ගමන් කරනවා

මේ සම්පුර්ණ ගමනම සෆාරි ගමනක් ( Full Day Safari Tour) වන අතර ඒ සදභා පලපුරැදු රියදුරු මහත්වරු අපිත් එක්ක මේ ගමනට එකතු වෙනවා.

මේ සම්පුර්ණ ගමනම උදෑසන සහ දවල් ආහාරය වගේම සියලූම පිවිසුම් ටිකට් පත් වියදම් ද ඇතුළත්ව ඔබගේ ආසනය වෙනුවෙන් සම්පුර්ණ මුදල රුපියල් 13,500ක් වන අතර අත්තිකාරම් මුදල විදිහට රුපියල් 5,000 ක නැවත ලබා නොදෙන මුදලක් අපිට ගෙවු පසු බස් රථයේ ඔබ කැමැතිම තැනකින් ආසනයක් ( ඒ වන විට ඉතිරි වී ඇති ආසන වලින්) වෙන් කරගන්න පුලුවන්.. ඉතිරි මුදල බස් රථයේදී ලබා දෙන්න පුලුවන්.

මුදල් බැර කල යුතු ගිනුම් තොරතුරු

Name : H.M.K.Upathissa Herath
Account No: 102653891751
Bank : Sampath Bank
Branch : Panadura

මුදල ගෙවු පසු රිසිට් පත 0777755009ට වට්ස්ඇප් කරන්න සහ වැඩි විස්තර දැනගන්නත් ඉහත අංකයට කතා කරන්න.

වෙනදා වගේම මේ ගමනෙත් ඔයාලගේ මතකය හැමදාමත් තියාගන්න පුලුවන් වෙන විදිහේ ලස්සනම video එකකුත් අපි කරලා ඒක අපේ Page එකේ පළකරනවා.

07/08/2025

Tlog ceylon අපි ලංකාවේ තියෙන ලස්සන පරිසර කලාප වලට යන සංචාර ගණනාවක් සංවිධානය කරලා තියෙනවා , ඔන්න අපි ලංකාවේ තියෙන ලස්සනම පරිසර කලාපයක් වන ලූල්කදුර ප්‍රදේශයට යන්න සංචාරයත් සුදානම් කරලා තියෙනවා .

ලංකාවේ පළවෙනි තේ ගහ රෝපණය කරපු මේ ලූල්කදුර තේ වතු යාය කේන්ද්‍ර කරගෙන තමයි ලංකාවේ තේ වගාව ව්‍යාප්ත උනේ.ජේම්ස් ටේලර් විසින් ගොඩනැගු මේ තේ වතු යායට ගමන් කරන මාර්ගයත් ඉතාමත් සුන්දර පරිසරයක් මැදින් තමයි වැටිලා තියෙන්නේ , මහනුවර සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලය මැදින් ගලහ දක්වා ගමන් කරලා එතනින් දෙල්තොටට ගමන් කරන අපි ඊට පසුව ලූල්කදුර වතු යායට පිවිසීමට නියමිතයි.

මේ ගමනෙදි අපි ලූල්කදුර වතුයායෙ තියෙන ජේම්ස් ටේලර් ජීවත් වුන නිවසේ නටබුන් , ජේම්ස් ටේලර් ආසනය , ලංකාවේ පලමු තේ වගාව වගේම මේ වතු යායේ තියෙන මනස්කාන්ත ස්ථාන ගණනාවක් බලාගන්න බලාපොරොත්තු වෙනවා . ඒ වගේම බෙල්වුඩ් view point වගේම හන්තාන තේ කෞතුකාගාරය බලන්න යන්නත් අදහස් කරනවා ඊට අමතරව මේ ගමනෙදි අපි මුලු දවස පුරාම මීදුමෙන් පිරි සොදුරු පරිසරයක අපි කාලය ගත කරනවා .

දිනය සැප්තැම්බර් මාසේ 13 වැනිදා.අපි මාකුඹුරෙන් අපි උදෑසන 03.00 ට පමන පිටත් වෙනවා..කිරුලපන, නුගේගොඩ හරහා කොළඹ කොටුවට ඇවිත් කොටුවෙ දුම්රිය පල ඉදිරියෙන් උදෑසන 04.00 ට අපි පිටත් වෙනවා.
එතනින් පසුව නිට්ටබුව , වරකාපොළ , කෑගල්ල , පේරාදෙණිය හරහා ගමන් කරලා අපි ගලහ සහ ලූල්කදුරට ගමන් කරනවා.

මේ සම්පුර්ණ ගමනම උදෑසන සහ දවල් ආහාරය වගේම සියලූම පිවිසුම් ටිකට් පත් වියදම් ද ඇතුළත්ව ඔබගේ ආසනය වෙනුවෙන් සම්පුර්ණ මුදල රුපියල් 10,600ක් වන අතර අත්තිකාරම් මුදල විදිහට රුපියල් 5,000 ක නැවත ලබා නොදෙන මුදලක් අපිට ගෙවු පසු බස් රථයේ ඔබ කැමැතිම තැනකින් ආසනයක් ( ඒ වන විට ඉතිරි වී ඇති ආසන වලින්) වෙන් කරගන්න පුලුවන්.. ඉතිරි මුදල බස් රථයේදී ලබා දෙන්න පුලුවන්.

මුදල් බැර කල යුතු ගිනුම් තොරතුරු

Name : H.M.K.Upathissa Herath
Account No: 102653891751
Bank : Sampath Bank
Branch : Panadura

මුදල ගෙවු පසු රිසිට් පත 0777755009ට වට්ස්ඇප් කරන්න සහ වැඩි විස්තර දැනගන්නත් ඉහත අංකයට කතා කරන්න.

වෙනදා වගේම මේ ගමනෙත් ඔයාලගේ මතකය හැමදාමත් තියාගන්න පුලුවන් වෙන විදිහේ ලස්සනම video එකකුත් අපි කරලා ඒක අපේ Page එකේ පළකරනවා.

07/08/2025

Tlog ceylon අපි ලංකාවේ තියෙන ලස්සන පරිසර කලාප වලට යන සංචාර අතරේ තවත් වෙනස්ම විදිහේ පරිසර කලාපයකට යන්න සංචාරයක් සුදානම් කරලා තියෙනවා , මේ සැරේ අපි යන්නේ රිටිගලට.

ලංකාවේ අපේ ඉතිහාසයේ විශේෂ ස්ථානයක් වන රිටිගල වනාන්තරය ඉතාමත් සංවේදී පරිසර කලාපයක තමයි පිහිටලා තියෙන්නේ මේ රක්ෂිතය තුල පුරාණ විහාර ඇතුළු ඉදිකිරීම් වල නටබුන් බලාගන්න පුලුවන්. මේ පරිසරය අපි හැමෝගෙම ගත සිත නිවන ස්ථානයක් බව කිව යුතුමය.

මේ ගමනෙදි අපි උදෑසන රිටිගල වනාන්තරය තුළ ගත කරන අතර හවසට මින්නේරිය Safari jeep tour එකකට සහභාගි වෙනවා. හබරණ කැලේ ඉන්න අලි බලන්න යන්න සුදුසුම කාලයක තාමයි අපි මේ ගමන සුදානම් කරලා තියෙන්නේ. හවසට අපි එන අතරේ දඹුල්ල ලෙන් විහාර සංකීර්ණයට යන්න අදහස් කරනවා.

දිනය සැප්තැම්බර් මාසේ 20 වැනිදා.අපි මාකුඹුරෙන් අපි උදෑසන 03.00 ට පමන පිටත් වෙනවා..කිරුලපන, නුගේගොඩ හරහා කොළඹ කොටුවට ඇවිත් කොටුවෙ දුම්රිය පල ඉදිරියෙන් උදෑසන 04.00 ට අපි පිටත් වෙනවා.
එතනින් පසුව නිට්ටබුව, කුරුනෑගල, දඹුල්ල හරහා ගමන් කරලා අපි රිටිගලට ගමන් කරනවා.

මේ සම්පුර්ණ ගමනම උදෑසන සහ දවල් ආහාරය වගේම සියලූම පිවිසුම් ටිකට් පත් වියදම් ද ඇතුළත්ව ඔබගේ ආසනය වෙනුවෙන් සම්පුර්ණ මුදල රුපියල් 10,800ක් වන අතර අත්තිකාරම් මුදල විදිහට රුපියල් 4,800 ක නැවත ලබා නොදෙන මුදලක් අපිට ගෙවු පසු බස් රථයේ ඔබ කැමැතිම තැනකින් ආසනයක් ( ඒ වන විට ඉතිරි වී ඇති ආසන වලින්) වෙන් කරගන්න පුලුවන්.. ඉතිරි මුදල බස් රථයේදී ලබා දෙන්න පුලුවන්.

මුදල් බැර කල යුතු ගිනුම් තොරතුරු

Name : H.M.K.Upathissa Herath
Account No: 102653891751
Bank : Sampath Bank
Branch : Panadura

මුදල ගෙවු පසු රිසිට් පත 0777755009ට වට්ස්ඇප් කරන්න සහ වැඩි විස්තර දැනගන්නත් ඉහත අංකයට කතා කරන්න.

වෙනදා වගේම මේ ගමනෙත් ඔයාලගේ මතකය හැමදාමත් තියාගන්න පුලුවන් වෙන විදිහේ ලස්සනම video එකකුත් අපි කරලා ඒක අපේ Page එකේ පළකරනවා.

07/08/2025

Address

Maradana

Telephone

0770838181

Website

Alerts

Be the first to know and let us send you an email when Phone බාස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Phone බාස්:

Share