23/01/2026
තාක්ෂණික ලෝකයේ පෙරළියක් ඇති කරමින්, වසර ගණනාවක් පුරා ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ගේ විශ්වාසය දිනාගත් iPhone 11 මාදිලිය සඳහා නිල මෘදුකාංග යාවත්කාලීන කිරීම් ලබා දීම අවසන් කිරීමට ඇපල් (Apple) සමාගම තීරණය කර තිබේ.
අලංකාර නිමාව, සුවිශේෂී කැමරා පද්ධතිය සහ දිගුකාලීන බැටරි ධාරිතාව නිසාම ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල අතිශය ජනප්‍රිය වූ මෙම දුරකථනය, ස්මාර්ට්ෆෝන් ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ මාදිලියකි.
වසර පහකට අධික කාලයක් එකලෙස කාර්යක්ෂමව ක්‍රියා කිරීමේ හැකියාව.
"Night Mode" සහ "Ultra Wide" කාච හරහා ජංගම දුරකථන ඡායාරූපකරණය නව මාවතකට යොමු කිරීම.
විවිධ වර්ණ රැසකින් පැමිණි මෙහි නිමාව තරුණ පරපුර අතර අතිශය ආකර්ෂණයට ලක් වීම.
වැනි හේතූන් නිසා එකල i phone 11 යනු දැවැන්ත ආකර්ශණයක් දිනාගත් මොඩලයක් වුණා.
යාවත්කාලීන කිරීම් නතර වුවද, දැනට පවතින තත්ත්වය මත තවමත් භාවිතයට සුදුසු මට්ටමේ පවතින iPhone 11, අපෙන් සමුගන්නේ "වටිනාකමට සරිලන උපරිම සේවය" (Value for Money) ලබා දුන් විශිෂ්ටතම දුරකථනයක් ලෙසයි. 🤎