21/07/2022
ලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Microsoft Teams) සේවා බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මයික්‍රොසොෆ්ට් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි.
මේවනවිට 4,800 කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණිලි ලැබී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශනය කරන බව ද මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, පරිශීලකයින් කොපමණ සංඛ්‍යාවකට මින් බලපෑම් එල්ල වී ඇත්දැයි මයික්‍රොසොෆ්ට් සමාගම තොරතුරු හෙළි කර නොමැත.