22/05/2026
ගම්පහ, මිනුවන්ගොඩ, දිවුලපිටිය අවටින් කුඩා නිවසක් හෝ ඇනෙක්ස් එකක් ඉක්මනින් අවශ්‍යයි! 🏡
මම තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්රයේ නිවසේ සිට රාජකාරි කරන (Work from home) කෙනෙක්. මගේ වැඩ කටයුතු පාඩුවේ කරගෙන යන්න පුළුවන්, නිස්කලංක පොඩි ගෙයක් හෝ ඇනෙක්ස් එකක් ඉක්මනින්ම හොයනවා.
📌 මාසික කුලිය: රු. 20,000 - 25,000 ත් අතර (උපරිමය)
විශේෂ ඉල්ලීමක්:
මට එකපාර ලොකු අත්තිකාරම් මුදලක් (Key money) ගෙවන්න අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා:
අත්තිකාරම් මුදල (මාස 1ක හෝ 2ක වගේ) අඩු තැනක් නම් ගොඩක් හොඳයි.
එහෙම නැත්නම්, Key money එක මාසික කුලියට ටික ටික එකතු කරලා ගෙවන්න එකඟ වෙන්න පුළුවන් නම් ඒක මට ලොකු සහනයක්.
ගෙදර පොඩි අඩුපාඩු තිබ්බත්, ගේ පොඩි වුණත් මට ගැටලුවක් නෑ. අත්තිකාරම් මුදල අඩු නම් මට පුළුවන් ඒ දේවල් පිළිවෙළක් කරගෙන පාඩුවේ ඉන්න.
නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ඔළුව නිදහසේ තියාගන්න පුළුවන් තැනක් වෙන්නයි ඕනේ.
අදම උනත් කමක් නැහැ ඉතා හදිස්සියි.
වාහනයක් නවත්වන්න පොඩි ඉඩක් තියෙනවා නම් වඩාත් හොඳයි.
කිසිම කරදරයක් නැතුව, වෙලාවට කුලිය දීගෙන, ගේත් තමන්ගේම වගේ බලාගෙන පාඩුවේ ඉන්න කෙනෙක්ට දෙන්න කැමති මහත්මයෙක්/මහත්මියක් ඉන්නවා නම් කරුණාකර මට කතා කරන්න. ඉක්මනින්ම නිවසට පැමිණීමට අවශ්‍යයි.
📞 WhatsApp: 0766509894