Sanma Book Mart

Sanma Book Mart අපේම දරුවන් වෙනුවෙන් හොදම දේ අඩුවට

Powered by, SANMA TEAM..🤜🤛

21/05/2026

මෙවර වෙසක් පොහොය නිසවෙන් sanma book mart වෙතින් වෙසක් සැරසිලි සඳහා වට්ටම් රැසක්

වෙසක් කුඩු සඳහා 10% ක් දක්වා
Buckets වර්ග 15% දක්වා
Light වැල් සඳහා ද සුවිශේෂ වට්ටම්

076 579 7308 වීදාගම - බණ්ඩාරගම
25/03/2026

076 579 7308 වීදාගම - බණ්ඩාරගම

076 579 7308වීදාගම - බණ්ඩාරගම
25/03/2026

076 579 7308
වීදාගම - බණ්ඩාරගම

076 5797308 කතා කර වෙන්කරවා ගන්න
20/03/2026

076 5797308 කතා කර වෙන්කරවා ගන්න

බණ්ඩාරගමින්  👉 12 ට 06 ක් Free  / 06 ට 03 ක් Free 🌿💐මෙම දීමනාව පාසල් සිසුන් සදහා පමණි.🙋‍♀️🤷‍♂️
03/03/2026

බණ්ඩාරගමින් 👉 12 ට 06 ක් Free / 06 ට 03 ක් Free 🌿💐
මෙම දීමනාව පාසල් සිසුන් සදහා පමණි.🙋‍♀️🤷‍♂️

31/01/2026
Dumindu පොත් සදහා 25% ක් Rathna පොත් සදහා 25% ක් Atlas  පොත් සදහා 20% ක් අනිකුත් ලිපි ද්‍රව්‍ය සදහා 5% ක මිල අඩු කිරීමක්...
04/01/2026

Dumindu පොත් සදහා 25% ක්
Rathna පොත් සදහා 25% ක්
Atlas පොත් සදහා 20% ක්
අනිකුත් ලිපි ද්‍රව්‍ය සදහා 5% ක
මිල අඩු කිරීමක් 076 579 7308

දුරුතු පොහොයේ වැදගත්කම ..🙏🌸1. බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිද...
03/01/2026

දුරුතු පොහොයේ වැදගත්කම ..🙏🌸

1. බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම.

2. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.

3. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම.

4. බුදුන් වහන්සේ දහසක් ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

5. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.

6. තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කළ බුදුරජාණන් වහන්සේ මිය ගිය ඥාතී ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීම අනුමත කළ අතර, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ආරම්භ වූයේ ද දුරුතු මාසයේ දී ය

ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහෝ දින උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප නම් වූ තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් පිරිසට ලොව්තුරු දහම් මාර්ගයේ පහස ස්පර්ශය ලබා දීමෙන් අනතුරුව ප්‍රථම වරට ලංකාවට වැඩම කර එහිදී යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිදන් කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ දහසක් සමඟ රජගහ නුවරට වැඩමවීම, ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍ය අසල දී රජ බවට පත්වීම, ආදී ආගමික සිදුවීම් රාශියක් සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.

" බෝධිතො නවමේ මාසෙ - ඵුස්ස දුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං - ලංකාදීප මුපාගමි "

දුරුතු පුර පසළොස්වක පොහෝ දා මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කළ ඓතිහාසික සිදුවීම් මහාවංසයෙහි පළමු පරිච්ඡේදයෙහි ඒ ආකාරයෙන් සඳහන් ව ඇත. මිණිපේ සෙල් ලිපියේ ද මේ බව සනාථ කොට ඇත.

“දුරුතු පුන් පොහෝ දා උරුවෙල් දනව් පියසෙහි වූ උරුවෙල් කසුප් - නදී කසුප් ගයා කසුප් යන තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් සව්වන් සිය දහම් මඟට හරවා ඔවුන් හැම අරී සලා ගණ බවට පත්කොට ඉක්බිති ව එයින් අතුරුදහන් ව හෙළදිව බින්තැන්නේ මාවැළි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ගුවන් ගැබින් පහළ ව පුන්සඳ මඬලක් සේ සවනක් ගන බුදු රැස් මාලාවන්ගෙන් දිලිහි දිලිහී වැඩහුන් සේ. මහානාග වන නමින් හැඳින්වෙන උයන් බිමට රැස් වූ යක් හා කුල සෙබළෝ සිය පරවෙණි උරුමය කරගෙන සිටි බිම් පියසෙහි පත්කඩ අතුරා රන්වන් රැස් කඳින් දිලිසෙමින් වැඩ හිඳිනා තිලෝගුරු බුදුරදුන් වෙත විරුදුව මහා සටනකට එළඹිය.

එහෙත් සඳකිරණ පරයන සිසිල් සුදෝ සුදු බුදුරැස් දහරා විහිදුවමින් කුලුණුබර දම් රදාණෝ මිහිරි නදින් දහම් දෙසා ඔවුන්ගේ තෙදබල බිඳලූහ. මේ අනඟි බුදුසිරි නැරඹීමට එහි පැමිණ සිටි සමනොළ පවු වැසි සුමන සමන් දෙව්රදාණෝ දහම්රස වදාළ සෝවාන් ව අරිසව්වකු බවට පත්වූහ. එදවසට බුදුහිමිපාණෝ සුමන සමන් දෙවි රදුන්ගේ ඇයැදුම් පරිදි සුරතින් සිය සිරස පිරිමැද කෙස් කලඹක් ප්‍රදානය කළහ. සුමන සමන් දෙවියෝ ඒ නිල්මිණිවන් කෙස් කලඹ රන් සුමුනෙකින් පිළිගෙන බුදුරදුන් වැඩ සිට දහම් අමාවැසි වැස් වූ බිම රුවන් රැසක් අතුරා ඒ මත තබා ඉඳුනිල්වන් ගලින් සත්රියන් උසැති සෑයක් බන්දා කේසධාතු නිදන් කොට පුද පෙරහර දැක්වූහ.”

ඒ අනුව සුමන සමන් දිව්‍ය රාජයා විසින් ස්වාමිනී, අපට පූජාර්භ වස්තුවක් දුන්හ. මැනැවැ'යි ආයාචනා කළ විට බුදුරජාණන් වහන්සේ ඔහුට කේශධාතු මිටක් දීමෙන් අනතුරු ව උරුවෙල් දනව්ව බලා වැඩම කළහ.

කේශ ධාතු මේ භූමිය තුළ නිධන් කිරීම ස්ථූප නිර්මාණයේ ප්‍රථම අවස්ථාව එළි දක්වන ස්ථානය ලෙසින් ද මහියංගන ස්ථූපයට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව මහාවංසයේ පමණක් නොව පූජාවලිය ද දක්වන අතර ධාතු වංසයේ ද එම තොරතුරු තවදුරටත් සනාත කරගත හැකි ය.

අප ලොව්තුරා සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයෙන් අනතුරුව මගධයේ අධිපති බිම්බිසාර මහ රජතුමාගේ ආරාධනාව මත දහසක් ජටිල රහතන් වහන්සේ සමඟ රජගනුවරට වැඩම කරනු ලැබුවේ ද දුරුතු මාසයේ දී ය. බිම්බිසාර මහරජතුමා විසි දහසක් පමණ පිරිසක් පිරිවරා ගෙන බුදුරදුන් වෙත පැමිණි අතර උන්වහන්සේ රජු ප්‍රධාන වූ පිරිසට ධර්ම දේශනා කළහ. ශ්‍රද්ධාවන්ත මහෝපාසකයකු වූ බිම්බිසාර මහරජතුමා වේළුවනාරාමය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරන්නට විය. භික්ෂූන් වහන්සේට ආරාම පුජාව පිළිගැනීම සුදුසු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ ද එම සුවිශේෂී අවස්ථාවේ දී ය.

වේළුවනාරාමය බුදුරජාණන් වහන්සේ වෙත පූජා කළ දින පින් බලාපොරොත්තුවෙන් සිටි මහරජතුමාගේ ඥාති ප්‍රේතයන් රාශියක් වැලපෙන්නට විය. ඥාතී ප්‍රේතයන් වැලපෙන බව දුටු බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහ රජතුමාට පෙන්වා දුන්හ. අනතුරුව බුද්ධ අවවාද පරිදි බුදුපාමොක් මහ සඟනට දන් පූජා කළ රජු ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කළේ ය.

මිය ගිය ඥාතී ප්‍රේතයන්ට තිරෝකුඩ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතර මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ආරම්භ වූයේ ද දුරුතු මාසයේ දී ය.

Address

145, Weedagama, Bandargama
Bandaragama
12530

Opening Hours

Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sanma Book Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share