SAYU 🌍 මහපොලව මත ඉපදී ජීවත්වන සාහිත්‍යමය නිර්මාණ.
✍️පන්හිදෙන් කෙරෙන විවිධ ප්‍රවර්ගවල කතා හා නවකතා රචනය.

09/08/2026

අලුත් කතාව මොන වගේ එකක් වෙන්නද ඕනි...?ඔයාගෙ අදහස කමෙන්ට් කරලා තියන්න...ඔයාලා කැමති චරිත....කැමති පරිසරය.....අබිරහස්?ගුප්ත?එහෙම නැත්තම් ගමේ පැරණි කතාවක්..න්දැන් කාලෙ ප්‍රේම කතාවක්?නැත්නම් හොල්මන් කතාවක්...?හිත නිවෙන හැගුම්බර එකක්?අනේ මන්දා එකී මෙකී නොකී ඕනි එකක්...කමෙන්ට් කරලා තියන්න..වැඩිම මනාප එකක් අපි ඉක්මනින් කියවන්න ලෑස්තිවෙමු...ඔනිම එකක් ලිවීමට මේ මම ලෑස්තිවෙලා ඉන්නෙ😁😁😁

රාවන්ගේ උණුසුම් හුස්ම නෙළුම්ගේ ගෙල අසලට මඳින් දැනෙද්දී, ඇගේ මුළු සිරුරම නොදැනීම සීතල වුණා වගේ දැනුණා.ඔහුගේ දෑස්වල තිබුණු...
09/08/2026

රාවන්ගේ උණුසුම් හුස්ම නෙළුම්ගේ ගෙල අසලට මඳින් දැනෙද්දී, ඇගේ මුළු සිරුරම නොදැනීම සීතල වුණා වගේ දැනුණා.

ඔහුගේ දෑස්වල තිබුණු ඒ දිලිසෙන බැල්ම ඉදිරියේ, නෙළුම්ට තවත් ඔහු දෙස කෙළින් බලගෙන ඉන්න බැරි වුණා.

ඇගේ දෑස් සෙමින් පියවුණා.පිටත වැස්ස තවමත් නොනවත්වා ඇද හැලුණා. ඒ හඬ අතරේ ඔවුන් දෙදෙනා අතර පැතිර තිබුණේ වචනවලින් කියාගන්න බැරි තරම් නිහඬ හැඟීමක්.

රාවන් මොහොතක් ඇය දෙස බලාගෙන හිටියා.ඇගේ නළල් තලයට වැටී තිබුණු සිහින් කෙහෙරැල්ලක් ඔහුගේ දෑස්වලට හසු වුණා.

ඔහු සෙමින් අත ඔසවා...ඉතා පරිස්සමින් ඒ කෙහෙරැල්ල ඇගේ මුහුණෙන් ඉවත් කළා.
ඒ ස්පර්ශයත් එක්ක නෙළුම්ගේ හදවත තවත් වේගයෙන් ගැහුණා.

ඇය දෑස් විවර කරන්න උත්සාහ කළත්...
රාවන්ගේ දෑස්වල තිබුණු ඒ ආදරණීය බැල්ම ඉදිරියේ, ආයෙත් ඒවා සෙමින් පියවුණා.

රාවන්ගේ දෙතොල් මත මඳ සිනාවක් ඇඳුණා.

ඒ මොහොතේ...
වැස්සෙන් තෙමුණු ඒ පැරණි වලව්වේ කාමරය තුළ, ඔවුන් දෙදෙනාටම ඇසුණේ තමන්ගේම හදවත් ගැහෙන හඬ පමණයි.

ආ..ආ..මොකද මේ හදිසි ඉතුරු ටික ඉතින් හෙට තමයි ..හැට අට වැනි කොටසින් ඉතුරු ටික බලාගමු ඉතිම් හොදේ😁😁😁😁

වැස්ස හයියෙන් වැටුණා...නෙළුම්ගේ හදවත ඊටත් වඩා හයියෙන් ගැහුණා.ඒකට හේතුව වැස්ස නෙවෙයි...................රාවන් (රාක්ෂයාගේ ආ...
09/08/2026

වැස්ස හයියෙන් වැටුණා...
නෙළුම්ගේ හදවත ඊටත් වඩා හයියෙන් ගැහුණා.

ඒකට හේතුව වැස්ස නෙවෙයි...................රාවන් (රාක්ෂයාගේ ආලය ).............

හට හත් වැනි කොටස🌹
හවස් අහස හදිසියේම කළු වලාකුළුවලින් බර වෙලා තිබුණා.
මඳ වේලාවකට කලින් තිබුණු නිහඬ හිරු එළිය කොහේදෝ අතුරුදන් වෙලා... වලව්ව වටා තිබුණු ගස්වල අතු තද සුළඟට එකිනෙක ගැටෙමින් අමුතුම හඬක් නඟන්න පටන් ගත්තා.
ඊළඟ මොහොතේ...මහ වැස්සක් ඇද හැලුණා.

අහස දෙදරවමින් අකුණු සැරයක් පුපුරා ගියා.විදුලි රේඛාවක් කළු අහස පුරා සුදු පැහැති ඉරක් වගේ ඇඳී ගිය මොහොතේ, රාවන්ගේ කාමරයේ ජනේල් වීදුරු දෙදරලා ගියා.

දඩ... දඩ...හඩින් සුළඟට ජනේල් පියන් සෙමින් ගැහෙද්දී, වැස්සේ හිරිකඩ ජනේලය අතරින් කාමරයට ඇතුළු වෙලා රාවන්ගේ මුහුණ මතටත් වැටුණා.

කාමරයේ කෙළවරක තිබුණු මල් බඳුන...උදෑසන වන විටත් නැවුම්ව තිබුණු නෙළුම් මල් කිහිපය, මේ වන විට මිලාන වෙලා හිස පහත් කරගෙන තිබුණා.

වැහි සුළඟට ඒ මල් පෙති සෙමින් සෙලවුණේ, කිසිවක් නොකියා යම් අනතුරක් ගැන අනතුරු අඟවනවා වගේ.රාවන් නිහඬව ඒ දිහා බලාගෙන හිටියා.

ඔහුගේ හිතටත් ඒ මිලාන වූ නෙළුම් මල් වගේම අමුතු බරක් දැනුණා.
පප්පා අද නොකියම ආරාමයට ගියේ ඇයි...?ඒ ප්‍රශ්නය ඔහුගේ සිත ඇතුළේ නැවත නැවතත් දෝංකාර දුන්නා.ගිය උදෑසනේ තිබුණු සාමාන්‍යකම දැන් කොහෙත්ම තිබුණේ නැහැ.

මොකක්දෝ වෙනස් දෙයක් සිදුවෙමින් තිබුණා.තමන්ට නොපෙනෙන, තමන්ට නොඇසෙන..ඒත් තමන්ගේ ජීවිතය දෙසට හෙමින් හෙමින් ළඟා වෙමින් තිබෙන දෙයක්.

තවත් අකුණු සැරයක් අහස පුරා පුපුරා ගියා.ඒ ආලෝකයෙන් මොහොතකට රාවන්ගේ මුහුණ ජනේල වීදුරුව මත පැහැදිලිව දිස්වුණා.ඒ දෑස්වල තිබුණේ බියක් විතරක් නෙවෙයි...

තමන්ගේ ලෝකය වෙනස් වෙන්න යන බව දැනෙන මිනිසෙකුගේ නොසන්සුන්කමක්.පිටත වැස්ස තව තවත් තද වුණා.වලව්වේ පැරණි කොරිඩෝවලින් සුළඟ හූ කියමින් හමාගෙන ගියා.ඒ අතරේ...
දුරින් කොහේ හෝ ගිගුරුම් හඬක් නැඟුණා.

රාවන්ගේ දෑස් තවමත් මිලාන වූ නෙළුම් මල් මතම රැඳී තිබුණා.
උදෑසන ආරාමයට ගිය ඩැනීත් එක්ක...
රාවන්ගේ ජීවිතයට වැසි වලාකුළක් වගේ ඇතුළු වූ ඒ අතීතය,
දැන් හෙමින් හෙමින් ඔහුගේ දොර ළඟටම පැමිණෙමින් තිබුණා.
“පප්පා තාම නෑනේ... ශිට්...”

රාවන් නැවතත් දුරකථනය අතට ගත්තා. තිරය දෙස මොහොතක් බලාගෙන සිටි ඔහුගේ නළල මඳක් රැළි වුණා.

ඩැනී හදිසියේ ගමන් බිමන් යන එක අලුත් දෙයක් නෙවෙයි. රට පුරා විසිරී තිබුණු තම ව්‍යාපාර කටයුතු වෙනුවෙන්, සමහර වෙලාවට ඔහු කිසිවෙකුටත් නොකියාම වලව්වෙන් පිටව යනවා. සමහර ගමන් ගැන රාවන්ටවත් කලින් දැනගන්න ලැබෙන්නේ නැහැ. දවස් ගණනක් ගෙදර නොඑන අවස්ථා පවා තිබුණා.
ඒ හැමදේම සාමාන්‍ය දෙයක්.
ඒත්...

අද රාවන්ගේ හිතට ඒ කිසිවක් සාමාන්‍ය වගේ දැනුණේ නැහැ.
ඔහු පෞද්ගලික කාර්යාලයට ඇමතුමක් දීලා විමසද්දී දැනගත්තේ, ඩැනී උදෑසන රාජුත් එක්ක කිසිවෙකුටත් නොකියාම කාර්යාලයෙන් පිටව ගිය බවයි.

රාජුගේ දුරකථනයත් ක්‍රියා විරහිතයි.
ඒ මදිවට...උදෑසන නෙළුම්ගෙන් ඇමතුම ලැබුණු පසු, ඇගේ දුරකථනයෙන්ද කිසිදු පිළිතුරක් නැහැ.
එකින් එක සිදුවුණු මේ දේවල් රාවන්ගේ හිත ඇතුළේ තිබුණු නොසන්සුන්කම තවත් තද කළා.
ඔහු සෙමින් අසුනෙන් නැඟිට්ටා.
කකුලේ වේදනාව නිසා මොහොතකට මුහුණ ඇකිළුණත්, ඒ ගැන නොතකා අත්වාරු අල්ලාගෙන ඉදිරියට ගියා.
අවසානයේ බැල්කනියට පැමිණි ඔහු, වැරන්ඩාවේ වැටට අත තබාගෙන පිටත බලාගෙන නිහඬව නතර වුණා.
ඒ මොහොතේම තද සුළඟක් හමාගෙන ආවා.

බැල්කනියේ දිගු තිර රෙදි සුළඟට ඉහළට නැඟී සෙමින් සෙමින් සෙලවුණා. වැහි බිඳු අතරින් පැන ආ හිරිකඩ ඔහුගේ මුහුණත්, උරහිසුත් තෙමුවා.සීතල බිඳු රාවන්ගේ සම මත වැටෙද්දී, ඔහුගේ ගත පුරා හිරිගඩු පිපුණා.

ඒ අතරේ පාල උණු උණුවේ දුම් දමමින් තිබුණු කෝපි කෝප්පයක් සහිත බන්දේසිය රැගෙන බැල්කනියට ආවා.

“බේබි මහත්තයා...”

ඔහු කිසිවක් නොකියා සිටි නිසා පාල හෙමින් කුඩා තේක්ක මේසය මත කෝපි කෝප්පය තැබුවා.කෝපි කෝප්පයෙන් නැඟුණු උණුසුම් දුම සීතල වැහි සුළඟත් එක්ක මුසුවෙමින් ඉහළට නැඟුණා.ඒ මොහොතේම...
කොහේදෝ සිට මෘදු සේපාලිකා මල් සුවඳක් සුළඟත් එක්ක බැල්කනියට ඇතුළු වුණා.

රාවන් මොහොතකට දෑස් පියාගත්තා.
වැස්සේ සීතල...කෝපිවල උණුසුම...
සේපාලිකා මල් සුවඳ...ඒ හැමදේම අතරින් ඔහුගේ හිත නම් තවත් තදින්ම එකම තැනක නතර වෙලා තිබුණා.

පප්පා කොහෙද...?
අහස හදිසියේම දීප්තිමත් වුණා.
විදුලි රේඛාවක් කළු වලාකුළු අතරින් ඇදී ගිහින්, එහි සුදු ආලෝකය රාවන්ගේ රන් පැහැති සම මත මොහොතකට තැවරුණා.
ඊළඟ තත්පරයේ මහ ගිගුරුමක් වලව්ව පුරා පැතිරුණා.

රාවන් දෑස් විවර කරලා ඈත වැස්ස දිහා බැලුවා.ඒ ඇස්වල තිබුණේ වැස්සේ අඳුරටත් වඩා ගැඹුරු නොසන්සුන්කමක්.ඔහුට තවමත් නොතේරුණත්...අද උදෑසන ආරාමය දෙසට ගිය ඩැනීගේ ගමන,
වලව්වේ සන්සුන් ජීවිතය ආයෙත් කවදාවත් පෙර තිබුණු විදිහට නොතබන බවට ඉරණම දැනටමත් තීරණය කරලා තිබුණා.
“බේබි මහත්තයා... කෝපි එක.”
පාල නැවතත් කෝපි කෝප්පය රාවන්ට මතක් කළේ, තව ටික වේලාවක් ගත වුණොත් උණුසුම සම්පූර්ණයෙන්ම අඩු වෙයි කියලා හිතලා.රාවන්ගේ දෑස් තවමත් ඈත වැස්ස දිහාම තිබුණා.

“හ්ම්...”

මොහොතක් නිහඬව සිටි ඔහු අවසානයේ හෙමින් කිව්වා.

“පස්සේ බොන්නම්... පාල, තියලා යන්න.”

“ලොකු හාමු රෑ කෑමට එයිද බේබි මහත්තයා?”

රාවන්ගේ මුහුණේ නොසන්සුන්කම මඳක් තද වුණා.

“ දන්නෙ නෑ... පප්පා කතා කළෙත් නෑ.”

ඔහු මොහොතක් කල්පනා කරලා කිව්වා.

“කෝකටත් කෑම ලෑස්ති කරන්න.”
“එහෙමයි බේබි මහත්තයා.”

පාල හිස නමාගෙන නිහඬව පිටව ගියා.කාලය හෙමින් ගෙවිලා ගියා.රාවන් අවසානයේ නෙලුම්ට කෙටි පණිවිඩයක් යැව්වෙ ඇය එය කොයි මොහොතේ හෝ දකීවි යන අදහසින්

"හෙට උදෙන්ම මම එනවා ඔයාව එක්කන් යන්න.මාත් එක්ක එන්න ලෑස්තිවෙලා ඉන්න....?"

හවස් අහසේ තිබුණු අඳුරු වලාකුළු තවත් ඝන වෙද්දී, වලව්ව වටා රාත්‍රියේ අඳුර සෙමින් පැතිරෙන්න පටන් ගත්තා. තැනින් තැන දැල්වුණු පහන්වල මඳ කහ පැහැති ආලෝකය තෙමුණු ගල් පඩි මතත්, දිගු කොරිඩෝවලත් වැටිලා තිබුණා.

වැස්ස නම් තවමත් සම්පූර්ණයෙන් නතර වෙලා තිබුණේ නැහැ.
හෙමින් හෙමින් වැටෙන වැහි බිඳු...
තෙත කොළ මතට වැටී නැඟෙන මෘදු හඬ...ඈත ගස් අතරින් හමා එන සීතල සුළඟ...ඒ හැමදේම එකතු වෙලා වලව්ව පුරා අමුතුම නිහඬ රාත්‍රියක් මවා තිබුණා.රාවන් තවමත් බැල්කනියේ.

දවස පුරා ඔහුගේ හිතට වද දුන් සිතුවිලි එක්ක සටන් කරමින් සිටි ඔහුට, නොදැනීමම හාන්සි පුටුවේම නින්ද ගිහින් තිබුණා.හිස මඳක් පසෙකට නැමිලා...දෑත් නිදහසේ පුටුවේ අත්වාරු මත වැටිලා...මුහුණේ තිබුණු දවස පුරාම රැඳුණු නොසන්සුන්කමත් නින්දත් එක්ක මඳක් මැකිලා ගිහින් තිබුණා.

වැස්සේ හිරිකඩ තවමත් බැල්කනියට ඇතුළු වෙමින් තිබුණා.
ඒ සීතල ඔහුගේ මුහුණත්, නිරාවරණය වූ දෑත්ත් ස්පර්ශ කරමින් ගියත්, ඔහු ඒ කිසිවක් නොදැන නිහඬව නිදාගෙන හිටියා.

ටික වේලාවකට පස්සේ පාල ආයෙත් උඩුමහලට ආවේ කෝපි කෝප්පයත් බඳුනසියත් රැගෙන යන්න.
බැල්කනියට පැමිණි ඔහු මුලින්ම දැක්කේ මේසය මත තිබුණු කෝපි කෝප්පය.කෝපි එක...එක උගුරක්වත් බීලා තිබුණේ නැහැ.

උදෑසන සිට ඔහුගේ හිතේ තිබුණු කලබලයත් එක්ක ගෙනා ඒ උණුසුම් කෝපි කෝප්පය, දැන් සීතල වෙලා තිබුණා.පාලා මඳක් හිස සොලවා රාවන් දෙස බැලුවා.
“පව්... බේබි මහත්තයා...”

ඔහුට නොදැනීම මුවින් හෙමින් පිටවුණා.ඊළඟ මොහොතේ ඔහුගේ දෑස් රාවන් වෙත නතර වුණා.
වැහි හිරිකඩින් තෙමුණු බැල්කනියේ මඳ ආලෝකය අතරින්, රාවන්ගේ කඩවසම් රුව නිහඬව දිස් වුණා.
දවස පුරාම බරව තිබුණු ඒ තරුණ මුහුණ දැන් නින්දේදී පුදුමාකාර ලෙස අහිංසක වෙලා.කෙස් රැලි කිහිපයක් නළල මතට වැටිලා තිබුණා.වැහි සුළඟට ඔහුගේ ඇඳුමේ කොනක් සෙමින් සෙලවුණා.

ඒ දසුන දකිද්දී පාලගේ හිතට අනුකම්පාවක් දැනුණා.වෙනදා වලව්ව පුරා සිනාසෙමින්, කතා කරමින් අපහසුවෙන් කිහිලිකරුවෙන් ඇවිදින බේබි මහත්තයා...අද මේ තරම් නිහඬව නිදාගෙන සිටින්නේ, හිතේ තිබුණු බර නිසාම වෙන්න ඇති.

පාල කිසිම ශබ්දයක් නොකර ආපහු ඇතුළට ගියා.මොහොතකින් ඔහු නැවත ආවේ මෘදු පොරෝනයක් රැගෙන.රාවන්ගේ නින්දට බාධා නොවන තරමට සෙමින් ඔහු අසලට ගිය පාල, පොරෝනය ඔහුගේ සිරුර මතින් ආවරණය කළා.

වැහි සුළඟ තවමත් බැල්කනියේ තිර රෙදි සෙමින් සෙලවුවා.පාල අවසන් වරට රාවන් දෙස බැලුවා.

“සීතල අල්ලයි බේබි මහත්තයට..”

ඉතා පහත් හඬින් කියපු ඔහු, කෝපි කෝප්පයත් බඳුනසියත් අරගෙන නිහඬවම පිටව ගියා.

බැල්කනියේ ඉතිරි වුණේ වැස්සේ මෘදු හඬත්, පහන් එළියේ වැටුණු අඳුරු සෙවණැලිත්, පොරෝනය යට සැනසිල්ලේ නිදා සිටි රාවන්ගේ නිහඬ හුස්මත් විතරයි.

ඒත්...වලව්වෙන් ඈත, අඳුරු වැසි රාත්‍රියක, ඩැනීගේ ගමන තවමත් අවසන් වී තිබුණේ නැහැ.
ඒ එක්කම...වලව්වේ විශාල ගේට්ටුව විවර වෙන හඬ වැසි හඬ අතරින් පැහැදිලිව ඇසුණා.

ඊළඟ මොහොතේ, තෙත පාර දිගේ රෝද ගමන් කරන හඬත් එක්ක වාහනයක් වලව්ව ඇතුළට පැමිණෙන හඬ ඇසුණා.පාල ඒ හඬ ඇසුණු ගමන්ම කඩිමුඩියේ පහළ මාලයට බැසගෙන ගියා.

ඒ වාහන හඬත් එක්කම රාවන්ගේ නින්දත් බිඳුණා.ඔහු මොහොතක් දෑස් විවර කරලා වටපිට බැලුවා.
වැහි සුළඟ...තෙත් රාත්‍රියේ සීතල...
ඒ අතරින් නැවතත් ඇසුණු වාහනයේ එන්ජිමේ හඬ.රාවන්ගේ දෑස් එකවරම විශාල වුණා.ඒ හඬ ඔහු හොඳින්ම හඳුනනවා.ඩැනීගේ වාහනයේ හඬ.

“පප්පා...”

ඔහුගේ මුවින් නොදැනීම වචනයක් පිටවුණා.තවමත් නින්දේ බර තිබුණු දෑස්වලට එකවරම නොසන්සුන්කමක් එකතු වුණා.පොරෝනය පසෙකට කළ රාවන්, සෙමින් නැඟිටින්න උත්සාහ කළා.

කකුලට දැනුණු වේදනාවත් එක්ක මුහුණ මඳක් ඇකිළුණා.ඒත් ඔහු නතර වුණේ නැහැ.අත්වාරු තදින් අල්ලාගෙන
ඉතා අපහසුවෙන් බැල්කනියේ වැට ළඟට ගිය ඔහු, බරාඳයේ අත්වැටට එක් අතක් තබාගෙන පහළ බලාගත්තා.
වැස්සෙන් තෙමුණු පෝටිකෝව පහන් එළියෙන් දිලිසෙමින් තිබුණා.

වාහනයේ ඉදිරිපස පහන් දෙකේ ආලෝකය වැසි තිරය අතරින් කපාගෙන ගිහින් තෙත ගල් බිම මත දිගු රේඛා දෙකක් මැවුවා.රාවන්ගේ හදවත වේගයෙන් ගැහුණා.පප්පා ඇවිල්ලා...උදෑසන සිට ඔහුගේ හිතේ තිබුණු එකම ප්‍රශ්නයට දැන් පිළිතුරක් ලැබුණා.

ඒත් පප්පා ආපහු ආවේ කොහෙන්ද?
ආරාමයේදී මොනවා සිදුවුණාද?
ඇයි පප්පා කිසිම ඇමතුමකට පිළිතුරු නොදුන්නේ?ඒ ප්‍රශ්න සියල්ලම එකවර රාවන්ගේ සිත තුළ නැඟී ආවා.
ඔහු පහළ පෝටිකෝව දෙසම බලාගෙන සිටියා.

වැසි බිඳු තවමත් බැල්කනියට ගසාගෙන එමින් ඔහුගේ මුහුණ තෙමුවා.ඒත් රාවන්ට ඒ සීතලවත් දැනුණේ නැහැ.ඔහු බලා සිටියේ... පැය ගණනක් තිස්සේ තමන් බියෙන් බලා සිටි ඒ මොහොත දෙසයි.

පප්පාගේ වාහනයේ දොර සෙමින් විවෘත වුණා.රාවන්ගේ ඇස් තවත් තියුණු වුණා.

රියදුරු මුලින්ම වාහනයෙන් බැස්සා. වැස්සෙන් තෙමුණු ඔහු ඉක්මනින්ම පාල වෙත ගියා.

“පාල.. ඉක්මනට එන්න.”

ඔහු පහත් හඬින් මොනවාදෝ කියද්දී, පාලගේ මුහුණත් එකවරම වෙනස් වුණා.

“ලොකු හාමු...?”

ඔහුට ඉතිරිය කියාගන්නත් බැරි වුණා.
රියදුරු ඉක්මනින්ම වාහනයේ පසුපස දොර විවෘත කළා.ඒ මොහොතේ...
පාලගේ දෑස් පුදුමයෙන් විශාල වුණා.
වාහනය ඇතුළේ සිටියේ ඩැනී.

නමුත්...ඒ ඩැනී නොවෙයි වගේ.
සාමාන්‍යයෙන් තමන්ගේ පියවරක්වත් අසංවර නොවන, කෙළින් හිසතියාගෙන ගමන් කරන සූරියබණ්ඩාර වලව්වේ ලොකු හාමු...
අද වාහනයේ අසුන මත සිහිසුන්ව වගේ වැතිරිලා හිටියා.

ඔහුගේ දෑස් අඩවන්ව තිබුණා. හිස පැත්තකට වැටිලා. ඇඳුම් අවුල් වෙලා තිබුණා.මත්පැන්වල තද ගන්ධයක් වාහනය ඇතුළෙන් පිටතට පවා දැනුණා.

“අනේ... ලොකු හාමු.. මේ මොකද මේ....”

පාලගේ හඬ වෙව්ලුවා.රියදුරුත් එක්ක ඔහු ඩැනීව වාහනයෙන් පිටතට ගන්න උත්සාහ කළා.ඒත් ඩැනීගේ සිරුර ඔවුන් දෙදෙනාටම බර වුණා.

“අල්ලගන්න... අල්ලගන්න මහත්තයාව...වැටෙයි...බලාගෙන...”

රියදුරු කියද්දී පලා ඔහුගේ එක් අතක් තම උරහිස මතට ගත්තා.ඒ අතරේ කොහේදෝ සිට ජේමිස් දුවගෙන ආවා.

“මොකද වෙලා තියෙන්නේ?”

ඔහු අසන ගමන්ම ඩැනීව දැකපු විට කතාව නතර වුණා.

“ලොකු හාමු...?”

කිසිවෙකුට පිළිතුරක් දෙන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ.තුන්දෙනාම එකතු වෙලා ඩැනීව වත්තම් කරගත්තා.වැස්සෙන් තෙමුණු පෝටිකෝව හරහා ඔවුන් ඩැනීව වලව්ව ඇතුළට රැගෙන ගියා.
උඩ බැල්කනියේ සිටි රාවන් ඒ හැමදේම බලාගෙන හිටියේ ගල් පිළිමයක් වගේ.
ඔහුගේ දෑස් ඩැනීගෙන් මොහොතකටවත් ඉවතට ගියේ නැහැ.
ඔහුට ඒ දසුන විශ්වාස කරන්න බැරි වුණා.

පප්පා...කවදාවත්...කෙළින් ඉන්න බැරි තරමට මත් වෙලා ඉන්නවා ඔහු දැකලා තිබුණේ නැහැ.ඩැනී මත්පැන් නොගන්න කෙනෙක් නෙවෙයි.
ඉඳහිට, අවස්ථාවක් ලැබුණොත්, සීමාව දැනගෙන මත්පැන් පානය කරන බව රාවන් දැනගෙන හිටියා.

ඒත්...ඒ ඔහු තමන්ගේ පාලනය කවදාවත් නැති කරගත්තේ නැහැ.
අද...තමන්ගේ පියාට තමන්ගේම දෙපයින් කෙළින් සිටගන්නවත් බැරි වෙලා.රාවන්ගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.

“පප්පා...”

ඔහුගේ මුවින් හෙමින් පිටවුණා.
ඩැනීව කාමරය දෙසට රැගෙන යන ඒ රුව දිහා බලාගෙන සිටි රාවන්ගේ සිත තුළ එකම ප්‍රශ්නයක් නැවත නැවතත් නැඟුණා.

“ආරාමයේදී මොකක්ද වුණේ..නෙලුම්ව දැක්කද දන්නෙත් නෑ....?”

පිටත අහස තවත් වරක් ගිගුරුම් දුන්නා.වැසි බිඳු පෝටිකෝවේ වහලයට තදින් පහර දෙද්දී, රාවන්ගේ හිත ඇතුළේත් ඒ වගේම කුණාටුවක් නැඟෙමින් තිබුණා.........................................................................
ලයනල්ගේ සුඛෝපභෝගී නිවසේ විශාල විසිත්ත කාමරය, රාත්‍රියේ මඳ අඳුරකින් වැසී තිබුණා. විශාල වීදුරු ජනේලවලින් පිටත පෙනුණේ වැසි බිඳු එකිනෙක ගැටෙමින් පහළට රූරා වැටෙන අඳුරු රාත්‍රියයි. වරින් වර අහස පුරා විදුලි රේඛාවක් ඇදී යද්දී, කාමරයේ තිබුණු වීදුරු සැරසිලි මොහොතකට සුදු ආලෝකයෙන් දිලිසුණා.

ලයනල් සුවපහසු සෝෆාවක හිඳගෙන සිටියේ අතේ තිබුණු වටිනා වීදුරු කෝප්පය සෙමින් කරකවමින්.
ඔහු ඉදිරියේ හිටගෙන සිටියේ අසේල.
ලයනල් මොහොතක් ඔහු දෙස තියුණු බැල්මක් හෙළුවා.

“අසේල...”
“මං කිව්ව විදිහටම හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕනේ. තේරුණාද...?”

එහෙම කියමින් ලයනල් තම අතේ තිබුණු මුදල් නෝට්ටු කිහිපයක් අසේලගේ අත මත තැබුවා.
අසේල ඒ මුදල් දිහා බැලුවේ බියත්, ලෝභයත් අතර සිරවුණු මිනිසෙකු වගේ.

“අනේ මන්දා සර්...”

ඔහුගේ හඬේ තිබුණේ සැබෑ බියක්.
ලයනල් මඳ සිනාවක් පෑවා.

“බය වෙන්න එපා අයිසේ... මං තමුසෙට හොඳට සලකනවා.”

ඔහු සෝෆාවේ පිටුපසට සෙමින් හේත්තු වුණා.

“මං කිව්වේ මහ ලොකු වැඩක් නෙවෙයි.”

මොහොතකට නිහඬව සිටි ඔහුගේ දෑස් තියුණු වුණා.

“ඔය රාවන් මහත්තයා... කෝල් කරන්නේ කාත් එක්කද කියලා බලනවා.”

“කතා කරන්නේ මොනවද කියලා ටිකක් හොයලා බලනවා.”

“ඒක කරන්න පුළුවන් තමුසෙට විතරයි අයිසේ.”

අසේල නොසන්සුන්ව දෙඅත් එකට පටලවා ගත්තා.

“අනේ සර්... මේවා රාවන් සර් දැනගත්තොත් නම්... මාවත් මරයි.”

ලයනල්ගේ මුවේ තිබුණු සිනාව තවත් පළල් වුණා.

“පිස්සුද අයිසේ?”
ඔහු පහත් හඬින් කිව්වා.
“මේවා දන්නේ තමුසෙයි මායි විතරයි.”
ඊළඟට ඔහු වීදුරු කෝප්පය මේසය මත තැබුවා.

“අනික... ඔය ඩැනී මහත්තයා වුණත් ඔහොම ඉන්නේ මං නිසා.”

අසේලගේ මුහුණේ බිය තවත් තද වුණා.
“තමුසෙ
කිසි දේකට බය වෙන්න එපා.”

“රාවන් සර් කෝල් කරන්නේ කාටද කියලා මං කොහොමද සර් බලන්නේ සර්..?”

අසේල අසරණව ඇහුවා.

“රාවන් මහත්තයා කවදාවත් මං ඉද්දි ප්‍රයිවට් කෝල් ගන්නේ නෑ.”

ලයනල්ගේ ඇස්වලට අමුතුම තියුණු බවක් ආවා.

“අන්න බලනවා අයිසේ...”
ඔහු හෙමින් ඉදිරියට නැමුණා.
“ඒක තමයි.”
“මං කිව්වේ... මොකක් හරි හොරයක් තියෙයි.”
අසේල නිහඬව බලාගෙන හිටියා.
“තමුසෙ ටිකක් හොඳට ඇහැ ගහගෙන ඉන්නවා.”
“එයා කාත් එක්ක කතා කරනවද... කොහෙටද යන්නේ... කාගෙන්ද කෝල් එන්නේ... පුංචි දෙයක් වුණත් මට කියනවා.”

“හැබැයි...”
ලයනල්ගේ හඬ එකවරම සීතල වුණා.
“මේ ගැන කටක්වත් හොල්ලන්න බෑ.”
“තේරුණාද?”
අසේල ඉක්මනින් හිස වැනුවා.
“එහෙමයි සර්...”

ලයනල් ආයෙත් සෝෆාවේ පිටුපසට හේත්තු වුණා.
පිටත වැස්ස තව තවත් තද වුණා.
වීදුරු ජනේලය මත වැටෙන වැහි බිඳු, කාමරය පුරා පැතිරුණු නිහඬතාවය අතර අමුතුම රිද්මයක් මැව්වා.
එහෙත් ඒ සීතල රාත්‍රියේ, ලයනල්ගේ සිත තුළ නම් වැස්සකටවත් නිවා දැමිය නොහැකි ගින්නක් දැල්වෙමින් තිබුණා.
රාවන්ගේ දුරකථනයේ අනෙක් කෙළවරේ ඉන්න කෙල්ල කවුද...?
ඔහු මෙතරම් රහසක් සඟවන්නේ කාගෙන්ද...?

ලයනල්ට ඒ පිළිතුර දැනගන්න ඕනෑ වුණා.ඒ වෙනුවෙන්...ඔහුට කීයක් ගෙවන්න සිදු වුණත්, කී දෙනෙක් රවටන්න සිදු වුණත්, ඔහු සූදානම්ව සිටියා...........................................................................

ලොකු මෑණියන් වහන්සේ ඩැනී ආරාමයෙන් පිටව ගිය පසු, සෙමින් තම කුටිය දෙසට වැඩම කළා.
ඒ ගිය ගමන...ආයෙත් උන්වහන්සේ එළියට පැමිණියේ නැහැ.

කාලය ගෙවී ගියා.
උදෑසන නිස්කලංකව තිබුණු ආරාමය, හවස් වෙද්දී සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා.

අහස කළු වලාකුළුවලින් වැහිලා ගිහින්. එකවරම අහස පුරා විදුලි රේඛාවක් ඇදී ගියා.
ඊළඟ මොහොතේ මහ ගිගුරුමක්...
ආරාමයේ පැරණි බිත්ති පවා ඒ හඬට කම්පා වුණා වගේ දැනුණා.

වැස්ස තදින් ඇද හැලෙමින් තිබුණා.
ආරාමයේ විදුලි ආලෝකයත් ඒ වන විට සම්පූර්ණයෙන්ම නිවී ගිහින් තිබුණා. අඳුරු කොරිඩෝවල තැනින් තැන දැල්වුණු කුඩා පහන් කිහිපයක මඳ ආලෝකය පමණක් බිත්ති මත සෙවණැලි මවමින් තිබුණා.
සුළඟට පහන් දැල්ල සෙමින් සෙලවෙද්දී, ඒ සෙවණැලිත් බිත්ති දිගේ දිගු වෙමින්, කෙටි වෙමින් අමුතු හැඩ මැව්වා.

නෙළුම් තම කුටිය ඇතුළේ තනිවම හිටියා.ඇගේ දුරකථනය අතේ.
තිරය මත රාවන්ගේ නම තවමත් තිබුණා.ඇය නැවතත් ඇමතුමක් ගන්න උත්සාහ කළා.එහෙත්...කිසිම පිළිතුරක් නැහැ.රාවන්ගේ දුරකථනයට ඇමතුමක් ගන්නත් බැහැ.

ඇගේම දුරකථනයත් වරින් වර ජාලය අහිමි කරමින් තිබුණා.
නෙළුම්ගේ ඇඟිලි සීතල වෙලා ගියා.

“බේබිමහත්තයා.....”

ඇය ඉතා පහත් හඬින් ඔහුගේ නම කියාගත්තා.පිටත අකුණු සැරයක් වැදුණා.
එක මොහොතකට කවුළුවෙන් පිටත මුළු ආරාමයම සුදු ආලෝකයකින් දිලිසුණා.

ඊළඟ තත්පරයේ..ආයෙත් කළුවර.
නෙළුම්ගේ දෑස් කවුළුවෙන් එපිටට ගියා.

තෙත ගස් අතු සුළඟට දරුණු ලෙස සෙලවෙමින් තිබුණා. වැහි තිරය අතරින් පෙනුණු පහන් කිහිපයේ ආලෝකය තෙත් බිම මත දිගු සෙවණැලි මවා තිබුණා.
ඒ සෙවණැලි අතරින්, මොහොතකට කවුරුන් හෝ ගමන් කරනවා වගේ ඇයට පෙනුණා.නෙළුම් හුස්ම නතර කරගෙන බලාගෙන හිටියා.
ඒත්...
ඊළඟ අකුණු සැරයත් එක්ක ඇයට පෙනුණේ තෙත ගස් අත්තක් පමණයි.
ඇය දෑස් පියාගෙන දිගු හුස්මක් ගත්තා.
ඒත් හිතේ තිබුණු බය අඩු වුණේ නැහැ.
ලොකු මෑණියන් වහන්සේ කුටියට ගිය ගමන් එළියට ආවේ නැහැ.
රාවන්ගෙන් කිසිම ආරංචියක් නැහැ.
ඩැනී ආරාමයෙන් ගියේ මොන තත්ත්වයකින්ද කියලා ඇයටවත් හරියට තේරුමක් නැහැ.
ඒ හැමදේම අතරින්...
ඇගේ හිතට නැවත නැවතත් එකම සිතුවිල්ලක් ආවා.

අද මේ ආරාමයේ සිදුවෙමින් තිබෙන්නේ කාටවත් නොපෙනෙන දෙයක්...
පිටත මහ වැස්ස තව තවත් තද වුණා.
පහන් දැල්ලක් හදිසියේම නිවී ගියා.
කොරිඩෝවේ එක් කොනක තිබුණු අඳුරු සෙවණැල්ල තවත් දිගු වුණා.
නෙළුම් කවුළුවෙන් සෙමින් පසුපසට වුණා.

කුඩා පහන් ආලෝකයෙන් පත්තර පිටුව ගෙන, රාවන්ගේ පින්තූරය පපුවට තුරුල් කරගත්තා.

වැස්සේ සීතලත් එක්ක ඇගේ ඇඟිලි පවා මඳින් වෙව්ලුවා. පහන් දැල්ල සුළඟට සෙමින් සෙමින් සෙලවෙද්දී, බිත්තිය මත ඇගේම සෙවණැල්ල දිගට ඇදී ගොස් ආයෙත් හැකිළුණා.
ඒ මොහොතේ නෙළුම්ගේ මතකයට ආවේ මීට කළකට පෙර ගෙවුණු ඒ වගේම වැසි දවසක්.

හොඳටම හවස් වෙලා තිබුණා.
අහස පුරා කළු වලාකුළු එකතු වෙලා, එකින් එක අකුණු රේඛා අහස පුරා ඇඳෙමින් තිබුණා. මඳ වේලාවකට පස්සේ ඇද හැලුණු මහ වැස්ස නිසා කුස්සි අම්මාටත් ගෙදර යන්න බැරිවුණා.

"වැස්ස ටිකක් අඩුවෙනකන් ඉඳලා යමන් කෙල්ලෙ......."

එදා ඇය කියූ වචන තවමත් නෙළුම්ගේ මතකයේ පැහැදිලිවම තිබුණා.
වලව්ව පුරාම වැසි සුවඳ පිරී තිබුණා. මුළුතැන්ගෙයි ගිනි උදුනෙන් නැඟුණු දුම් සුවඳත්, තෙත පොළොවේ සුවඳත් එකට මුසුවෙලා තිබුණා.
වැස්ස අඩුවෙන පාටක් නොපෙනුණු නිසා, කුස්සි අම්මා තවත් වැඩ කිහිපයක් කරමින් හිටියා.
නෙළුම් නම් නිහඬවම මුළුතැන්ගෙයි පැත්තෙන් පිටතට ආවා.
කොරිඩෝව දිගේ වැසි පිනි බිඳු ඇගේ දෙපා අසලටම ගසාගෙන ඇවිත් තිබුණා. තෙත ගල් පොළොව මත ඇගේ පියවර සෙමින් සෙමින් සටහන් වෙද්දී, ඈත අහසින් ඇසුණු ගොරවන හඬ මුළු වලව්වම මොහොතකට කම්පා කළා.
ඒ අතරේ...

අඹ ගස යට වැටී තිබුණු අඹ කිහිපයක් ඇගේ දෑස්වලට හසු වුණා.

"මේ ටික ගෙදර ගෙනියන්න පුළුවන්..."

ඇය හෙමින් මිමිණුවා.ගවුමේ කොනක් මඳක් ඔසවාගෙන, වැසි බිඳු අතරින් ඇය ගස යටට ගියා. බිම තෙමී තිබුණු අඹ එකින් එක අහුලාගෙන, පරිස්සමින් ගවුමේ කොනට එකතු කරගත්තා.
ඒ මොහොතේම...අහස පුරා විශාල අකුණු රේඛාවක් ඇඳී ගියා.
එකවරම ඇගේ මුහුණ ආලෝකයෙන් නැහැවුණා.ඒත් ඒ ආලෝකය නිවී ගිය සැණින්, වලව්ව ආයෙත් වැසි අඳුරේ ගිලුණා.

නෙළුම් හිස ඔසවා වටපිට බැලුවා.
ඒ දවසේ...ඇයට තවමත් නොතේරුණු දෙයක්, ඒ වැසි අඳුර අතරින් ඇගේ ජීවිතයට හෙමින් හෙමින් ළං වෙමින් තිබුණා.
ඒ එක්කම...නෙළුම්ගේ කනට ඉතා මඳ අඩි ශබ්දයක් ඇහුණා.ඇය අතේ තිබුණු අඹ ටිකත් එක්කම නොසෙල්වී නතර වුණා.

කොරිඩෝවේ අනෙක් කෙළවරින් ඇසුණේ සෙරෙප්පු යුගලයක් ගල් පඩි මත තබන හඬ.ටිකෙන් ටික...
ඒ හඬ ළං වුණා.නෙළුම්ගේ හදවත එකවරම වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.

ඇය හිස ඔසවා බැලුවා.
උඩුමහලේ සිට පහළට සම්බන්ධ වන පැරණි පඩිපෙළ දිගේ...
රාවන් සෙමින් සෙමින් පහළට බසිමින් හිටියා.

ඔහුගේ දඩබ්බරදෑස් තිබුණේ ඇය දෙසමයි.නෙළුම්ගේ මුහුණට එකවරම ලැජ්ජාවක් නැඟුණා.මේ වැස්සේ, අඹ අහුලන්න ඇවිත් තමන්ව බේබිමහත්තයා දැක්කොත් ඔහු අනිවාර්යයෙන්ම බනීවි කියලා ඇයට හිතුණා.

ඇය ඉක්මනින්ම අඹ ටික ගවුමේ කොනෙන් වසාගන්න උත්සාහ කළා.
රාවන් තව පඩි කිහිපයක් බැහැලා, පහළට පැමිණියා.

ඒත් ඔහු එකවරම ඇය ළඟට ආවේ නැහැ.වටපිට බලලා...
කොරිඩෝවේ ටිකක් ඈතින් නතර වුණා.

නෙළුම් ඔහු දෙස බලාගෙනම හිටියා.
රාවන් කිසිවක් නොකියා අසල තිබුණු කාමරයකට ඇතුළු වුණා.නෙළුම්ගේ හිතට පුංචි පුදුමයක් දැනුණා.

“ඇයි මාව දැක්කෙ නෑ වගේ එහෙම ගියේ...?”

ඇය තවමත් එතැනම හිටගෙන.
වැස්සෙන් තෙමුණු කොරිඩෝවට පහන් ආලෝකය වැටෙද්දී, ඒ ආලෝකය අතරින් ඇගේ සෙවණැල්ල දිගට ඇදී ගියා.තත්පර කිහිපයකට පස්සේ...
රාවන් ආයෙත් කාමරයෙන් එළියට ආවා.

ඔහු වටපිට බැලුවා.ඊට පස්සේ...
නෙළුම් දෙස බලා, කිසිම වචනයක් නොකියා අත සෙමින් ඉදිරියට දිගු කළා.
ඇයට ළඟට එන්න කියන සංඥාවක්.
නෙළුම්ගේ හදවත තවත් වේගයෙන් ගැහුණා
ඇය වටපිට බැලුවා.
කවුරුත් පෙනෙන්න හිටියේ නැහැ.
ආයෙත් රාවන් දිහා බැලුවා.
ඔහු තවමත් අත දිගු කරගෙන ඇය දෙස බලාගෙන.

ඒ බැල්මේ තිබුණේ

“මෙහෙට එන්න...”

කියන නිහඬ ආරාධනාවක්.
නෙළුම්ගේ දෙතොල් මත නොදැනීම පුංචි සිනාවක් ඇඳුණා.
ගවුමේ කොනේ රැඳුණු අඹ ටිකත් අල්ලාගෙන...ඇය සෙමින් ඔහු දෙසට පියවරක් තැබුවා.

නෙළුම් බියෙන් වගේම කුතුහලයෙන් පියවර කිහිපයක් තබමින් රාවන් සිටි කාමරය ළඟට ආවා.

ඇගේ අතේ තිබුණු අඹ ටික තවමත් ගවුමේ කොනට තුරුල් වෙලා තිබුණා.

“බේබි මහත්තයා...?”
ඇය ඉතා පහත් හඬින් කතා කරන්න හැදුවා විතරයි.එකවරම රාවන් ඉදිරියට පැන්නා.ඇය කිසිවක් තේරුම් ගන්නත් කලින්, ඔහු නෙළුම්ව සෙමින් ඇතුළට ඇදගෙන කාමරයේ දොර වසා දැමුවා.

ගවුමේ කොනේ රැඳුණු අඹ සියල්ලම බිමට විසිරුණා.

“අනේ...”

නෙළුම්ට වචනයක්වත් සම්පූර්ණ කරගන්න ලැබුණේ නැහැ.
රාවන් වහාම තම ඇඟිල්ල ඇගේ දෙතොල් මත තැබුවා.

“ශ්...”

ඒ එකම ඉඟියෙන් ඇය නිහඬ වුණා.
නෙළුම්ගේ දෑස් පුදුමයෙන් විශාල වුණා.
රාවන්ගේ මුහුණ ඇයට ඉතා ළඟින් තිබුණා. පිටත මහ වැස්සත්, අකුණු ගැසෙන හඬත් අතරේ ඔහුගේ උණුසුම් හුස්ම ඇගේ මුහුණට මඳින් දැනුණා.
ඇගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා..

ඇගේ දෙපා මඳින් වෙව්ලුවා.
රාවන් ඇගේ දෑස් දෙසම හිතුවක්කාර විදිහට බලාගෙන, තවමත් නිහඬව ඇඟිල්ල දෙතොල් මත තබාගෙන හිටියා.

පිටත අකුණු සැරයක් අහස පුරා දිව ගියා.එක මොහොතකට කාමරය පුරා තිබුණු අඳුර සුදු ආලෝකයකින් පිරුණා.
ඒ ආලෝකය නිවී ගිය පසු...
ඔවුන් දෙදෙනා අතර ඉතිරි වුණේ වැස්සේ හඬත්, වේගයෙන් ගැහෙන හදවත් දෙකක හඬත් විතරයි.
................................SAYU..................................
♥️ඔන්න දවස ගානෙම කියවන්න ලයික් කරලා… කමෙන්ට් කරන්න ඕනි හොදේ..ඔයාගෙ අදහස් තමයි ඉතින් මට මේ කතාව ලියන එකෙන් ලැබෙන එකම වටිනාකම♥️මගේ ස්කිල් හදාගන්න ඒක ගොඩක් වටිනවා
♥️අනිත් අයටත් කියවන්න ශෙයාර් කරන්න.
♥️SAYU පේජ් එක ෆලෝ කරලා සම්පූර්ණ කතාව කියවන්න .

අවුරුදු තිහකට පස්සේ ආයෙත් හමුවුණේ ආදරේ විතරක් නෙවෙයි...අවුරුදු තිහක් පුරා වළලාගෙන හිටපු රහස් ගොඩක් එක්කයි.එදා ඩැනීට උත්ප...
09/08/2026

අවුරුදු තිහකට පස්සේ ආයෙත් හමුවුණේ ආදරේ විතරක් නෙවෙයි...අවුරුදු තිහක් පුරා වළලාගෙන හිටපු රහස් ගොඩක් එක්කයි.
එදා ඩැනීට උත්පලා අහිමි කළේ ඉරණම විතරයි කියලා ඔහු හිතුවා...

ඒත් අද ඔහුට තේරෙන්න පටන් අරන් තිබුණේ,
ඒ වෙන්වීම පිටුපස කෙනෙක් හිතාමතාම ගොතපු බොරුවක් තිබුණා කියලා.
ඒත් ඩැනී තවමත් නොදන්න එකම දේ...
ඔහු අවුරුදු තිහක් තිස්සේ නොදැන සිටි තමන්ගේම රුධිරය,ඔහුට ආදරය කරන මිනිසෙකුගේ ජීවිතය තුළම ජීවත් වෙමින් ඉන්නවා කියලා..

ඒ රහස එළියට ආවොත්,ඩැනීගේ ලෝකය විතරක් නෙවෙයි, රාවන්ගේ ලෝකයත් උඩු යටිකුරු වෙයි.
................රාවන් (රාක්ෂයාගේ ආලය )................
හවස්වෙලා කියවමු😍😍😍😍

අවුරුදු තිහකට පමණ පෙර... එකිනෙකාගේ දෑත් පටලවාගෙන, එකම අහසක් යට එකම හීනයක් දැකපු ආදරයක්...ඉරණම විසින් දෙපසකට ඇදලා දාලා ති...
08/08/2026

අවුරුදු තිහකට පමණ පෙර... එකිනෙකාගේ දෑත් පටලවාගෙන, එකම අහසක් යට එකම හීනයක් දැකපු ආදරයක්...

ඉරණම විසින් දෙපසකට ඇදලා දාලා තිබුණා.වසන්ත ගෙවුණා...ඍතු මාරු වුණා...මතකයන් පරණ වුණා...
ඒත් හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වූ ඒ ආදරය නම් මිය ගියේ නැහැ.

අද... අවුරුදු තිහකට පමණ පස්සේ,
සල් මල් සුවඳින් පිරුණු නිහඬ ආරාමයක,
අරලියා මල් පෙති සුළඟට ගසාගෙන යන උදෑසනක...ඔහුට නැවතත් ඇයව හමුවුණා.එදා තම දෑතේ පැටලී සිටි ඒ අතම...අද සිවුරක් තුළ සැඟවී තිබුණා.
එදා ආදරයෙන් ඔහු දෙස බැලූ ඒ ඇස්ම...
අද කඳුළු සඟවාගෙන ඔහු දෙස බලා සිටියා.

අවුරුදු තිහක් ඔවුන්ව වෙන් කළාට...
එක බැල්මකට ඒ අවුරුදු තිහම මැකී ගියා.ඒත්...ආදරය නැවත හමුවුණා කියලාඅහිමි වූ අවුරුදු තිහ ආපහු ලැබෙයිද...?................රාවන් (රාක්ෂයාගේ ආලය )...........

හැට හය වැනි කොටස🌹
රාවන් ඇඳට හේත්තු වෙලා, රූපවාහිනියේ දිවෙන කාටූන් චිත්‍රපටිය දිහා බලාගෙන හිනාවෙමින් හිටියත්,
නෙළුම්ගේ වෙව්ලන හඬ ඇහුණාට පස්සේ, ඔහුගේ මුහුණේ තිබුණු හිනාව එක මොහොතකින්ම අතුරුදන් වුණා.

"මොකක්...?"
"පප්පා... ආරාමෙට ඇවිත්...?"

ඔහුගේ හදවත එකවරම ගැහෙන්න පටන් ගත්තා.ඇමතුම විසන්ධි කර දැම්ම ගමන්ම, රාවන් ඉක්මනින්ම තම පියාට ඇමතුමක් ගත්තා.
දුරකථනය නාදඋනත් කිසිම පිළිතුරක් නැහැ.රාවන්ගේ ඇහිබැම නොදැනීම හැකිළුණා.

"පප්පා... ෆෝන් එක උස්සන්නකෝ..ප්ලීස් ප්ලීස් ප්ලීස්....."

ඔහු නැවතත් ඇමතුමක් ගත්තා.
ආයෙත් දිගටම නාද වුණා.ඒත් එයට පිළිතුරක් ලැබුණේ නැහැ.රාවන්ගේ හිතට නොසන්සුන් හැඟීමක් දැනෙන්න පටන් ගත්තා.ඒ අතරේ...

ඩැනීගේ ජංගම දුරකථනය තිබුණේ ඔහුගේ කලිසමේ සාක්කුව ඇතුළේ.
රාවන්ගේ ඇමතුම එකින් එක එද්දී...
දුරකථනය නැවත නැවතත් නිහඬව කම්පනය වෙමින් තිබුණා.
ඒත්...

ඒ කම්පනය දැනෙන තරමටවත් ඩැනීගේ සිහිය තිබුණේ නැහැ.
ඔහුගේ මුළු ලෝකෙම නතර වෙලා තිබුණේ තමන් ඉදිරියේ නිහඬව වැඩසිටින ඒ මුහුණ ළඟ.අවුරුදු තිහකට පෙර...දෑත් පටලවාගෙන තමන් එක්ක අනාගතය ගැන හීන මැවූ උත්පලා...අද..සිවුරක් දරාගෙන, ලොකු මෑණියන් වහන්සේ ලෙස තමන් ඉදිරියේ වැඩසිටියා.

කාලය ගෙවිලා ගියත්...ඒ ඇස් දෙක වෙනස් වෙලා තිබුණේ නැහැ.
ඒ බැල්මේ තිබුණු නිහඬ බවත්...
හදවත කතා කරන ඒ හැඟීමත්...
ඩැනීට තවමත් හොඳටම හඳුනාගන්න පුළුවන්.

සාක්කුව ඇතුළේ දුරකථනය තව තවත් කම්පනය වුණා.ඒත්...අවුරුදු තිහකට පස්සේ තම ජීවිතේ පළමු ආදරේ ඉදිරියේ, ඩැනී සම්පූර්ණයෙන්ම අතරමං වෙලා හිටියා.

ඒ මොහොතේ...ඔහුට රාවන්ගේ ඇමතුමේ නාදය ඇසුණේ නැහැ.ඔහුට ඇසුනේ තම හදවතේ ගැහෙන හඬ විතරයි.

රාවන් නොඉවසිල්ලෙන් හිසකෙස් අතරට අතක් යවාගෙන දත් මිටි කෑවා.
"ශිට්...!"

ඒ එක්කම ඔහු නැවතත් ඉක්මනින් නෙළුම්ගේ අංකය ඔබලා දුරකථනය කනට තියාගත්තා.පළවෙනි නාදයෙන්ම නෙළුම් ඇමතුමට පිළිතුරු දුන්නා.

"බේබි මහත්තයා..."

රාවන්ගේ හඬ දැඩි වුණා.
"නෙළුම්... පප්පා ඔයාව දැක්කද?"
එහා පැත්තෙන් මොහොතක නිහඬකමක්.
"නෑ..."
"හොදටම ශුවර්ද?...."

"මං හිතන්නෙ නම් දැක්කෙ නෑ..."

රාවන් දිගු හුස්මක් පිට කළා.

"හොඳට අහගන්න."

".. පප්පා ඉස්සරහටවත්, එයාට පේන තැනකටවත් යන්න එපා."
"ඔයා කාමරේ ඇතුළෙම ඉන්න."
"හ්ම්ම්..."

නෙළුම්ගේ හඬ තවමත් වෙව්ලනවා.
රාවන් මොහොතක් දෑස් පියාගෙන කල්පනා කළා.

"බලමු...කෝකටත් ඔයා පරිස්සමට ඉන්න.."
"පප්පා ඔයාව දැන්ම දැක්කොත් නම්..."

ඔහුගේ වචන මැදින්ම නැවතුණා.
නළල මත අත තියාගෙන හෙමින් මිමිණුවා.

"...එහෙම වුණොත් හැමදේම ඉවරයි."

එහා පැත්තෙන් නෙළුම් නිහඬවම හුස්ම ගත්තා.ඒ නිහඬකම ඇතුළේම...
දෙන්නගෙම හදවත් එකම බියකින් ගැහෙමින් තිබුණා...........................................................................
නෙළුම් හෙමින්ම තම කුටියේ කවුළුව ළඟට ඇවිත් නතර වුණා.කවුළුවෙන් පිටත පෙනුණු දසුන දුටු මොහොතේ ඇගේ පියවර එතැනම නතර වුණා.
ආරාමයට පිවිසෙන දිගු කොරිඩෝව අසල...ඩැනීත් ලොකු මෑණියන් වහන්සේත් මුහුණට මුහුණලා හිටියා.

දෙන්නා අතර දිගු කතාබහක් සිදුවෙමින් තිබුණා.නෙළුම්ට ඔවුන් කියන කිසිම වචනයක් ඇහුණේ නැහැ.
ඒත්...ඒ මුහුණු දෙක දිහා බැලුවාම, ඔවුන් කතා කරන්නේ මොන තරම් බර දෙයක් ගැනද කියලා ඇයට හිතාගන්න පුළුවන් වුණා.

ඩැනීගේ මුහුණේ තිබුණේ මීට ටික වෙලාවකට කලින් තිබුණු තේජවන්ත බව නෙවෙයි.ඔහුගේ දෑස්වල අමුතුම වේදනාවක්.අවුරුදු ගණනාවක් හිත ඇතුළේ වළලාගෙන හිටපු මතකයක් ආයෙත් ඇස් ඉදිරියේ පණ ගැහෙද්දී මිනිසෙකුගේ හිත කොච්චර අසරණ වෙනවද කියලා ඒ මුහුණ කියා පෑවා.

ලොකු මෑණියන් වහන්සේත් නිහඬවම ඔහුට පිළිතුරු දෙමින් සිටියා.
සමහර වෙලාවට හිස සෙමින් සොලවනවා.තවත් වෙලාවක දෑස් බිමට යොමු කරනවා.ඒ දෙන්නා අතරින් හමා ගිය සුළඟට කොරිඩෝවේ දෙපස තිබුණු අරලියා මල් ගස්වල සුදු මල් පෙති කිහිපයක් ගිලිහී බිමට වැටුණා.
නෙළුම් කවුළුවේ ලී රාමුව තදින් අල්ලාගත්තා.ඇගේ දෑස් ඒ දෙන්නාගෙන් ඉවතට ගන්න බැරි වුණා.

"මොනවා ගැනද මෙච්චර වෙලා කතා කරන්නේ...?"

ඇගේ හිත ඇතුළෙන් පුංචි බයක් නැඟුණා.ඒත් ඒ බයට වඩා...
ඒ දෙන්නාගේ මුහුණුවල පෙනුණු දුක ඇගේ හිත තවත් බර කළා.ඩැනී එක මොහොතක ලොකු මෑණියන් වහන්සේ දෙස බලාගෙන හිස පහත් කළා.
ඒ දසුන දැකපු නෙළුම්ගේ පපුව ඇතුළෙන් මොකක්දෝ බිඳී ගියා වගේ දැනුණා.

අවුරුදු තිහකට පස්සේ හමුවුණු දෙන්නෙක්...කියන්නට දේවල් කොච්චර තිබුණත්...අහන්නට ප්‍රශ්න කොච්චර තිබුණත්...ඒ සියල්ලම අතරේ ඔවුන් දෙන්නාට ඉතිරි වෙලා තිබුණේ නිහඬකමක් විතරයි වගේ.

නෙළුම්ගේ දෑස් කඳුළින් තෙත් වුණා.
ඇය කවුළුවෙන් මඳක් පස්සට වුණා.
ඒත් ආයෙත් නොදැනීම හැරී බැලුවා.
ඩැනී තවමත් එතැන.ලොකු මෑණියන් වහන්සේත් තවමත් ඔහු ඉදිරියේ.
දෙන්නාගේ වචන ඇයට නොඇසුණත්...
ඒ කතාව සතුටු කතාවක් නොවන බව නම් ඇයට හොඳින්ම පෙනුණා.

ඩැනී මොහොතක් නිහඬව උත්පලා දෙස බලාගෙන හිටියා. අවුරුදු තිහක් පුරා හිතේ හිර කරගෙන හිටපු ප්‍රශ්න එකින් එක මතු වෙද්දී, අන්තිමේ ඔහු ඒ ප්‍රශ්නය හෙමින් පිට කළා.

"උත්පලා..." "ඔයා... පාලිතව බැන්දෙ නැද්ද?"

ලොකු මෑනියන්ගේ මුහුණේ තිබුණු සන්සුන් බව මොහොතකට වෙනස් වුණා.ඇය ඩැනී දෙස කෙළින් බලාගෙන හිටියා.

"පාලිත...?"

ඇගේ හඬේ තිබුණේ සැබෑ පුදුමයක්.

"පාලිත කියන්නේ කවුද ඩැනී?"

ඩැනීගේ මුහුණ එකවරම වෙනස් වුණා. "මොකක්...?" "ඇයි ඔයා... පාලිතව දන්නෙ නැද්ද?ඔයා එක්ක සම්බන්ධයක් තිබ්බෙ ..."

ලොකුමෑනි සෙමින් හිස සෙලෙව්වා.

"මං පාලිත කියලා කෙනෙක්ව දන්නෙ නෑ."

ඩැනීගේ දෑස් විශාල වුණා.අවුරුදු ගණනාවක් පුරා ඔහු විශ්වාස කරගෙන හිටපු කතාව එක මොහොතකින්ම බිඳ වැටුණා වගේ.

"ඒත්..."

ඔහුගේ හඬ මඳක් වෙව්ලුවා. "මට ආරංචි වුණේ... ඔයා පාලිත කියන ගමේ මුදලාලි කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණා කියලා."

උත්පලාගේ දෙතොල් අගට අමුතුම සිනාවක් නැඟුණා.ඒ සිනාව සතුටක එකක් නෙවෙයි.අවුරුදු තිහක් පැරණි රහසක් හඳුනාගත් කෙනෙකුගේ සිනාවක් වගේ.

"ආ..."

ඇය හෙමින් හිස වැනුවා.

"එහෙනම් මේධාද ඒක ඔයාට කිව්වේ...?"

ඩැනීගේ හදවත එකවරම ගැස්සුණා. "මේධා...?" ලොකු මෑණියන් කිසිවක් නොකියා තවත් මොහොතක් ඔහු දෙස බලාගෙන හිටියා.ඇගේ දෑස්වල තිබුණේ දුකක්ද... නැත්නම් අවුරුදු තිහකට පස්සේ හෙළිවෙන්න යන සත්‍යයක් ගැන නිහඬ වේදනාවක්ද...ඩැනීට තේරුම් ගන්න බැරි වුණා.

"කියන්න උත්පලා..."

ඔහුගේ හඬ මේ වතාවේ ආයාචනයක් වගේ වුණා.

"මට ඒ හැමදේම දැනගන්න ඕනෙ."

ලොකු මෑණියන්ගේ ඇස්වලට කඳුළු පිරුණා.ඒත් ඇය ඒ කඳුළු පිටතට වැටෙන්න ඉඩ දුන්නේ නැහැ.

"ඩැනී..."

ඇය හෙමින් කතා කළා.

"අවුරුදු තිහක් තිස්සේ ඔයා විශ්වාස කරගෙන හිටපු කතාව... ඇත්තටම පටන් ගත්තෙ කොතැනින්ද කියලා ඔයා දන්නවද?"

උත්පලාගේ ඒ වචන ටික ඩැනීගේ හිත ඇතුළේ දෝංකාර දුන්නා.

"පාලිත කියන්නේ කවුද ඩැනී?"

ඔහුට එකවරම කිසිවක් හිතාගන්න බැරි වුණා.අවුරුදු තිහක්...
අවුරුදු තිහක් පුරාවට තමන් විශ්වාස කරගෙන හිටපු ඒ එකම කතාව මේ තරම් පහසුවෙන් බොරුවක් වෙන්න පුළුවන්ද?

ඩැනීගේ දෑස් උත්පලාගේ මුහුණ මතම නතර වෙලා තිබුණා.ඇය බොරු කියන බවක් ඒ දෑස්වල තිබුණේ නැහැ.
ඒ වෙනුවට තිබුණේ...වසර ගණනාවක් පුරා හිතේ හංගගෙන හිටපු වේදනාවක්.

ආරාමය වටා හමා ගිය උදෑසන සුළඟ, අරලියා මල් සුවඳත් රැගෙන ඔවුන් දෙදෙනා අතරින් හෙමින් ගලාගෙන ගියා. ඈත බෝ ගසේ පත්‍ර එකිනෙක ගැටෙමින් සිලිසිලි හඬක් නැඟුවා.
ඒ හඬ අතරින් ඩැනීගේ මතකය තවත් ඈතට දිව්වා.

මේධා...
"ඩැනී උත්පලා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා..පාලිත කියලා මුදලාලි කෙනෙක් එක්ක එයා බදින්න ඉන්නෙ.ඒකයි එයා ඔයාව මග අරින්නෙ..."
"ඔයා එයාගෙන් ඈත් වෙන්න ඩැනී..."

එදා මේධා කියපු හැම වචනයක්ම ඔහුට මතකයි.ඔහු ඒවා ප්‍රශ්න කළේ නැහැ.ඒ වචන විශ්වාස කළා.
ඒ විශ්වාසය නිසා...තමන්ගේ ජීවිතේ ලොකුම ආදරය අතහැරියා.
අද...

අවුරුදු තිහකට පස්සේ...
ඒ "පාලිත" කියන මිනිසා ගැන උත්පලාටවත් කිසිම මතකයක් නැහැ.
ඩැනීගේ පපුව ඇතුළේ මොකක්දෝ බර දෙයක් තදින් ඇවිලුණා.

"එහෙනම්..."

ඔහුගේ දෙතොල් වෙව්ලුවා.

"මේධා මට බොරුවක් කරලා තියෙන්නෙ....."

ඒ වචන ඔහුගෙන් පිටවුණේ ඔහුටම ඇහෙන්න තරම් මෘදු හඬකින්.
උත්පලා කිසිවක් කිව්වේ නැහැ.
ඇය නිහඬවම ඔහු දෙස බලාගෙන හිටියා.

ඒ නිහඬකම ඩැනීට දහස් ගණනක් වචනවලට වඩා බර වුණා.ඔහුට උත්පලාව අහිමි වුණේ ඇය වෙන කෙනෙකුට ආදරය කළ නිසා නෙවෙයි...
තමන් විශ්වාස කළ බොරුවක් නිසාද?
ඔහුගේ දෑස් කඳුළින් බර වුණා.
අවුරුදු තිහක් පුරා තමන් ඇයව ද්‍රෝහිනියක් ලෙස සිතාගෙන ජීවත් වුණා.ඇය තමන්ව අතහැර ගියා කියලා හිතාගෙන...තමන්ගේ හිතේ ඇය වෙනුවෙන් තිබුණු ආදරය වළලා දාන්න උත්සාහ කළා.

ඒත් අද...
ඒ සොහොන් ගැබේ වළලා තිබුණු හැම මතකයක්ම ආයෙත් පණ ගැහෙමින් තිබුණා.ඩැනී හිස පහත් කරගත්තා.
"උත්පලා..."

ඔහුගේ හඬ බිඳී ගියා.
"එහෙනම්... මං මෙච්චර කාලයක් තිස්සේ..."

ඔහුට ඉතිරි ටික කියාගන්න තරමටවත් වචන ඉතිරි වුණේ නැහැ.
උදෑසන හිරු කිරණ අරලියා මල් අතරින් බිමට වැටෙද්දී, ඩැනීගේ කම්මුල දිගේ නිහඬ කඳුළක් ගලාගෙන ගියා.

ඔහුට ඒ මොහොතේ එකම එක දෙයක් විතරක් පැහැදිලි වුණා.තමන්ගේ ආදරය තමන්ගෙන් උදුරාගෙන තිබුණේ ඉරණම විතරක් නෙවෙයි... කෙනෙක් හිතාමතාම ගොතපු බොරුවක්.

ලොකු මෑණියන් වහන්සේගේ දෑස්වල රැඳී තිබුණු කඳුළු, තවත් හංගාගෙන ඉන්න බැරිව කම්මුල් දිගේ කඩා හැලුණා.
උන්වහන්සේ අසල තිබුණු පුරාණ තේක්ක කණුවකට එක් අතක් තබාගෙන, මොහොතකට එයට හේත්තු වුණා.
අවුරුදු තිහක් තිස්සේ හදවතේ වසාගෙන සිටි රහසක්... අද ඒ නිහඬකම බිඳගෙන එළියට එමින් තිබුණා.
ඩැනී ඇය දෙස බලාගෙන හිටියේ කිසිවක් තේරුම් ගත නොහැකි මිනිසෙකු වගේ.
"උත්පලා..."
ඔහුගේ හඬ බිඳී ගියා.
ලොකු මෑණියන් වහන්සේ දෑස් වසාගෙන දිගු හුස්මක් ගත්තා.
"මේධා මට කිව්වේ..."
උන්වහන්සේගේ හඬ කඳුළින් බර වුණා.
"එයා ඔයාව බඳින්න ඉන්න කෙනා කියලා..."
ඩැනීගේ හදවත තවත් තදින් ගැහුණා.
"එයා කිව්වේ... ඔය දෙන්නගේ ගෙවල්වලින්ම යෝජනා කරලා... විවාහෙටත් හැමදේම සූදානම් වෙලා ඉවරයි කියලා."
උන්වහන්සේගේ ඇඟිලි කණුව වටා තද වුණා.
"ඒක අහලා... මට බය හිතුණා ඩැනී."
"මං හිතුවා... මම ඔය දෙන්නා අතරට ඇවිත්... ඔයාගේ ජීවිතේ විනාශ කරන කෙනෙක් වෙයි කියලා.ඔයාට කරදරයක් වෙනවට මන් කවදාවත් කැමති උනේ නෑ. .."

ඩැනීගේ දෑස්වල කඳුළු පිරුණා.

"ඒත්... ඒකටත් වඩා ලොකු දෙයක් තිබුණා..."

උන්වහන්සේගේ හඬ මොහොතකට නතර වුණා.උදෑසන සුළඟට අරලියා මල් පෙති කිහිපයක් කොරිඩෝව පුරා විසිරෙද්දී, ඈත බෝපත් සිලිසිලි හඬ පමණක් ඔවුන් අතර පැතිරුණා.
උන්වහන්සේ දෑස් ඔසවා ඩැනී දෙස බැලුවා.ඒ දෑස්වල තිබුණේ අවුරුදු තිහක වේදනාවක්.

"ඒක දැනගත්ත දවසෙමයි..."
"මම දැනගත්තෙත්..."

උන්වහන්සේගේ දෙතොල් වෙව්ලුවා.

"මගේ කුසේ... ඔයාගේ දරුවෙක් ඉන්නවා කියලා...මන් ඔයාට ඒ ගැන කියන්න හිතනකොටම තමයි මේධා වෙද ගෙදරට ආවෙ ඒ පණිවිඩය කියන්න..."

ඩැනී එකවරම හුස්ම අමතක කළා වගේ නිසල වුණා.

"මොකක්...?"

ලොකු මෑණියන් වහන්සේගේ දෑස්වලින් තවත් කඳුළු බිඳු දෙකක් කඩා වැටුණා.

"ඩැනී..."
"මේධා අපිව ඉතුරු කරන එකක් නෑ කියලා මට හිතුණා."

"මට ඔයාව හොයාගෙන එන්නවත්... ඔයාට ඒ ගැන කියන්නවත්... ධෛර්යයක් තිබුණේ නෑ."

"ඒ නිසා..."

උන්වහන්සේගේ හඬ ඉතා පහත් වුණා.
"මම ඔයාගෙන් ඈත් වුණා.ඔයාගෙයි දරුවගෙයි ආරක්ෂාව ගැන හිතලා....."

ඩැනී කිසිවක් කියාගත නොහැකිව ඇය දෙස බලාගෙන හිටියා.අවුරුදු තිහක්...
තමන්ට තිබුණු එකම ආදරය අහිමි වුණා කියලා හිතාගෙන ගෙවපු අවුරුදු තිහක්...ඒ අතරේ...තමන්ගේම දරුවෙක් මේ ලෝකෙට ඇවිත් තිබුණා.
ඔහුට කිසිදා නොදැනුණු දරුවෙක්.
ඔහුගේ දෙතොල් අතරින් වෙව්ලන හඬක් පිටවුණා.

"උත්පලා... එහෙනම්... මගේ දරුවා..."

ඩැනීට ඒ වචන ටික ඇහුණාම... ඔහුගේ මුළු ලෝකයම එක මොහොතකට නතර වුණා.

"ඔයාගේ දරුවෙක්..."

ඒ වචන දෙක තුන ඔහුගේ හිත ඇතුළේ නැවත නැවතත් දෝංකාර දුන්නා.
ඔහු තවත් මොහොතක් උත්පලා දෙස බලාගෙන හිටියා.
ඊළඟ මොහොතේ...ඔහුගේ දෙපා පණ නැති වුණා වගේ.ලෝකයක් ඉදිරියේ තේජවන්ත ඩැනී පරාක්‍රම සූරියබණ්ඩාර හෙවත් සූරියබණ්ඩාර වලව්වෙ ලොකු හාමු අසල තිබුණු ගල් පඩිය මත ඔහු දණින් වැටුණා.

"මගේ..."
වචනය සම්පූර්ණ කරගන්න බැරිව ඔහුගේ හඬ බිඳී ගියා.
"මගේ දරුවා...?"

ලොකු මෑනියන්ගේ දෑස් කඳුළින් පිරුණා.
ඩැනී දෑතින්ම හිස අල්ලාගෙන මොහොතක් නිසලව හිටියා. ඊළඟට ඔහු හිස ඔසවා ඇය දෙස බැලුවේ අවුරුදු තිහක් තිස්සේ අහිමි වූ ජීවිතයක් එක මොහොතකින් ආපහු ඉල්ලන මිනිසෙකු වගේ.

"කෝ...?"

ඔහුගේ හඬ වෙව්ලුවා.
"කෝ මගේ දරුවා, උත්පලා...?"
ඇය කිසිවක් කියන්න කලින්ම ඔහු ඇගේ දෙපා අසලට දෑත් තබාගෙන වැඳ වැටුණා.

"මට කියන්න..."
"මට මගේ දරුවාව බලන්න ඕනෙ..."
"එක පාරක්..."
"එක පාරක් මට බලන්න දෙන්න..."
ඔහුගේ දෑස්වලින් කඳුළු වැටෙන්න පටන් ගත්තා.

"ඇයි මගෙන් ඈත් කළේ මගෙ දරුවව.....?"
"ඇයි උත්පලා...?"
"මම එයාගෙ පප්පා කියලා දැනගන්නවත් මට ඉඩ දුන්නෙ නැත්තෙ ඇයි...?"

ඔහුගේ හඬ කොරිඩෝවේ නිහඬ බිත්ති අතරින් බිඳී බිඳී ගියා.
උදෑසන සුළඟ තවමත් අරලියා මල් සුවඳ රැගෙන හමාගෙන ආවා. බෝපත් සිලිසිලි හඬත්, ඈත ආරාමයේ ඇසුණු පිරිත් හඬත් අතරේ ඒ මිනිසාගේ හැඬුම තවත් අසරණව ඇසුණා.

"මට එයාව හොයන්න තිබුණා..."
"මට එයා ළඟ ඉන්න තිබුණා..."
"එයා ඉස්සෙල්ලම ඇවිදින්න ඉගෙන ගන්නකොට..."
ඔහුගේ හඬ තවත් බිඳුණා.
"ඉස්සෙල්ලම 'පප්පා..' කියලා කියනකොට..."
"මං එතන ඉන්න තිබුණා නේද උත්පලා...?"

ලොකු මෑනියන්ගේ දෙඅත් වෙව්ලන්න පටන් ගත්තා.
ඇය ඔහු දෙස බලාගෙන සිටියේ තමන්ගේම හදවත දෙකට ඉරෙනවා වගේ දැනෙමින්.
ඩැනී දෑස් වසාගෙන කඳුළු අතරින් හඬා වැටුණා.

"මට ඒ අවුරුදු තිහක ආපහු දෙන්න බැරි නම්... අඩුම තරමේ මගේ දරුවාවවත් මට දෙන්න..."

ඒ වචන ඇහුණු මොහොතේ ලොකු මෑණියන්ට තවත් නිහඬව ඉන්න බැරි වුණා.

ඇගේ දෑස්වලින්ද කඳුළු කඩා වැටුණා.
අවුරුදු තිහක් තිස්සේ තමන් තනිවම උසුලාගෙන ගිය වේදනාව...
අද තමන් ඉදිරියේම, තමන්ගේ පළමු ආදරය ඒ වේදනාවට වඩා දහස් ගුණයකින් බර වේදනාවකින් වැටී සිටියා.ඇය හෙමින් ඔහු අසලට නැමුණා.නමුත්...ඇගේ මුවින් වචනයක්වත් පිට වුණේ නැහැ.
ඒ නිහඬකම තුළ...

අවුරුදු තිහකට කලින් වෙන් වූ පියෙකුගේත්, මවකගේත්, දරුවෙකුගේත් අහිමි වූ ජීවිත තුනක කඳුළු තිබුණා.
..........................................................................
රාවන් දුරකථනය සෙමින් පසෙකින් තැබුවා.
මොහොතක් එතැනම නිහඬව හිඳගෙන සිටි ඔහු, අන්තිමේ අත් දෙකෙන්ම අසුනේ අත්වාරු අල්ලාගෙන අපහසුවෙන් නැඟිටගත්තා.
කකුලට දැනුණු වේදනාව නිසා මුහුණ මඳක් ඇකිළුණත්, ඔහු නතර වුණේ නැහැ.
ක්‍රචර් දෙක අතට ගත් ඔහු, සෙමින් සෙමින් බැල්කනිය දෙසට ඇවිද ගියා.
එක් අඩියක්...තවත් අඩියක්... බැල්කනියේ දොර ළඟට පැමිණි රාවන් මොහොතක් හුස්ම ගත්තා. ඊට පස්සේ පිටතට ගිහින්, වැරන්ඩාවේ වැටට අත තබාගෙන ඈත බලාගෙන හිටියා.

උදෑසන එළිය තවමත් සම්පූර්ණයෙන්ම පැතිරිලා තිබුණේ නැහැ.
වලව්ව වටා තිබුණු තණබිම් මත රැඳුණු පිනි බිඳු, හිරු කිරණට අහුවෙලා කුඩා මුතු කැට වගේ දිලිසුණා. ඈතින් පෙනුණු වෙල්යාය මඳ මීදුමකින් වැසී තිබුණා.

ඒ සුන්දරත්වය දිහා බලන්න රාවන්ට අද හිතක් තිබුණේ නැහැ.
ඔහුගේ හිතේ තිබුණේ එකම එක බයක්.
පප්පා මේ දේවල් දැන්ම දැනගත්තොත්...?
ඩැනී ආරාමයට තමන්ට නොකියා හදිසියේම ගිහින් තිබුණේ ඇයිද කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ.
ඒත් හේතුවක් නැතිව ඔහුගේ හිත මෙතරම් කලබල වෙන්නේ නැහැ.

"පප්පා..."

ඔහුගේ දෙතොල් අතරින් හෙමින් වචනයක් පිටවුණා.

"මේ දේවල් දැනගත්තොත්..."
ඉතිරිය කියාගන්න බැරිව ඔහු නිහඬ වුණා.

නෙළුම්...
ඇය ගැන සිතුවිල්ලක් පමණක් ඔහුගේ හිතේ ඇතිවුණත්, ඒ බය තවත් වැඩි වුණා.එක මොහොතක...
ඔහුගේ දෑස් ඈත වෙල්යාය දිහා නතර වුණා.අතීතයේ දවසක් ඔහුගේ මතකයේ හදිසියේම මැවුණා.
උදෑසන හිරු එළියට දිලිසෙන වෙල්යාය දිගේ...සුදු ගවුමක් ඇඳගෙන...
දෑතට නෙළුම් මල් පොකුරක් තුරුළු කරගෙන...නෙළුම් හෙමින් හෙමින් වලව්ව දෙසට ඇවිදගෙන එන හැටි.
සුළඟට ඇගේ දිගු කෙස් රැලි සෙමින් සැලෙනවා.දෑස්වල තිබුණේ ඒ හුරුපුරුදු නිහතමානී සිනාව.

ඈත ඉඳන්ම රාවන්ව දැක්කාම...
ඇගේ මුහුණේ ඒ පුංචි ආදරණීය සිනාව මතුවෙනවා.ඒ මතකය රාවන්ගේ හිතට මොහොතකට උණුසුමක් ගෙනාවා.
ඒත් ඊළඟ මොහොතේම...

"නෙළුම්ව මගෙන් ඈත් කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ..."

ඔහු වැරන්ඩාවේ වැට තදින් අල්ලාගත්තා.ඈත වෙල්යාය දිහා බලාගෙන සිටි ඔහුගේ දෑස්වල තිබුණේ බියක් නොවෙයි.

තමන්ගේ ආදරය ආරක්ෂා කරගන්න ඕනෑම දෙයක් කරන්න සූදානම් මිනිසෙකුගේ දැඩි අධිෂ්ඨානයක්.
ඒත්...ඔහුට තවමත් නොදැන සිටි එකම දෙය වුණේ...ඔහු බිය වූ ඒ රහස, මේ වන විටත් ඔහුගේ පියාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් තිබුණු බවයි...........................................................................

නෙළුම් තම කුටියේ කවුළුව අසලම නිහඬව සිටියා.
ආරාමයේ කොරිඩෝව දිගේ හමා ආ සීතල සුළඟ, කවුළුවේ තිරය සෙමින් සෙලවුවා. පිටත අරලියා ගසකින් ගිලිහුණු සුදු මල් පෙති කිහිපයක් සුළඟට ගසාගෙන ඇවිත් ජනේලය අසල බිමට වැටුණා.

ඒත් නෙළුම්ගේ අවධානය ඒ කිසිවකට තිබුණේ නැහැ.ඇගේ දෑස් තිබුණේ ඈතින් පෙනෙන ලොකු මෑණියන් වහන්සේ සහ ඩැනී දෙසයි.
ඔවුන් දෙදෙනා තවමත් කොරිඩෝව අසල සිට කතා කරමින් සිටියා.
වචන ඇයට ඇසුණේ නැහැ.
ඒත්...
ඒ මුහුණු දෙක කියන කතාව ඇයට නොඇසුණත් තේරෙමින් තිබුණා.
ඩැනීගේ මුහුණේ තිබුණු වේදනාව...
ලොකු මෑණියන් වහන්සේගේ දෑස්වල රැඳුණු කඳුළු...කලින් කිසිදා නොදුටු ඒ බැල්ම..නෙළුම්ගේ හිත ඇතුළේ අමුතුම සීතලක් පැතිරුණා.

"මේ මොකද මේ...?"

ඇය නොදැනීම තිරය තවත් මඳක් පසෙකට කළා.ඒ දෙදෙනා අතර තිබුණේ සාමාන්‍ය කතාවක් නොවන බව ඇයට දැන් පැහැදිලි.
එය වසර ගණනාවක් පුරා සැඟවී තිබුණු, කිසිවෙකුට නොකියූ කතාවක් වගේ.

"ලොකු මෑණියන් වහන්සේ..."

නෙළුම්ගේ සිතේ ප්‍රශ්නයක් මතු වුණා.

"ඩැනී ලොකු හාමු මහත්තයා එක්ක මෙච්චර දේවල් කතා කරන්නෙ ඇයි...?"
ඒ එක්කම ඇගේ මතකයට අද දවසේ සිදුවීම් එකින් එක ආවා.ලොකු හාමු මහත්තයා ආරාමයට පැමිණීම...
ඇයව දැකීමට පෙර තමන් බියෙන් සැඟවීම...

ඉන්පසු ඩැනී ලොකු මෑණියන් වහන්සේව දුටු මොහොතේ ඔහුගේ මුහුණ එකවරම වෙනස් වීම...
ඒ දෑස්...ඒ බැල්ම...
ඒක හඳුනන කෙනෙකු දැකපු මිනිසෙකුගේ බැල්මක්.
නෙළුම්ගේ හදවත තවත් වේගයෙන් ගැහුණා.

"එහෙනම්..."
ඇය සිතුවා.
"ලොකු මෑණියන් වහන්සේයි ලොකු හාමු මහත්තයයි... කලින් ඉඳන් දන්නවද?"

ඒ ප්‍රශ්නයට ඇගේම හිතට පිළිතුරක් තිබුණේ නැහැ.ආරාමයේ ඈත බෝධියෙන් බෝපත් එකිනෙක ගැටෙන සිලිසිලි හඬ ඇසුණා.ඒ හඬ අතරින් ඈත කොහේ හෝ කුරුල්ලෙක් හඬ නැඟුවා.නමුත් ඒ නිහඬ උදෑසනේ, නෙළුම්ට ඇසුණේ තමන්ගේම හදවතේ ගැස්ම පමණයි.

ඇගේ ඇස් තවමත් ඒ දෙදෙනාගෙන් ඉවතට ගියේ නැහැ.ලොකු මෑණියන් වහන්සේ යමක් කියද්දී ඩැනී හිස පහත් කළා.
ඊළඟ මොහොතේ ඔහුගේ අත නළලට ගියා.ඒ දසුන දැකීමෙන් නෙළුම්ගේ හිත තවත් කලබල වුණා.මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි.
ඇයට දැන් ඒක නිසැකයි.
ලොකු මෑණියන් වහන්සේගේ අතීතය...
ඩැනීගේ අතීතය...
ඒ දෙක අතර කිසියම් නොපෙනෙන නූලක් තිබුණා.

ඒ නූලේ අග කොහේදැයි ඇයට පෙනුණේ නැහැ.
නමුත්...

ඒ නූල තමන්ගේ ජීවිතයටත් බැඳී තිබෙනවා වගේ අමුතු හැඟීමක් ඇගේ හිතේ ඉපදුණා..නෙළුම් කවුළුවෙන් සෙමින් ඉවතට වුණා.ඇගේ ඇඟිලි තවමත් තිරයේ කොනක රැඳී තිබුණා.

"මොකක්ද මේ මෙච්චර කියවන්නෙ ..?"

ඇය තමන්ගෙන්ම ඇහුවා.
ඒ ප්‍රශ්නයට පිළිතුරක් නොලැබුණත්...
ඇගේ හිතට එක දෙයක් නම් තදින්ම දැනුණා.අද ආරාමයේ සිදුවෙමින් තිබුණේ, කාටවත් නොපෙනෙන විශාල කතාවක්.................................SAYU...................................

♥️ඉතින් කොහොමද ළමයිනේ??මන් ටිකක් පරක්කු උනා වැඩිද මන්දා?කතාව අමතක නෑ නේද?ඉක්මන්ට ඉක්මන්ට මේ දවස්වල නිවාඩු නිසා දවසගානෙ කතාව ගේන්නම්♥️හැබැයි ඔන්න ලයික් කරලා කමෙන්ට් කරන්න ඔනි හොදද?ශෙයාර් කරලා දෙන්න අනිත් අයට කියවන්න ..
♥️SAYU පේජ් එක ෆලෝ කරලා සම්පූර්ණ කතාව කියවන්න .
♥️නිවාඩු මාසෙ තවත් අළුත් කතාවක් කියවන්න කැමති අය ඉන්නවද?

Address

8/113, LadySmith Watta, Rassagala Road
Balangoda
70100

Telephone

+94742602092

Website

Alerts

Be the first to know and let us send you an email when SAYU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SAYU:

Shortcuts

Share