K & K Computers

K & K Computers කම්පියුටර් පාට්ස් තොග / ඇනවුම් විශ්වාසනීය සේවාව

04/03/2022
ඒ කාලෙ සොසේජස් තිබ්බද අහන්න එපා
16/02/2022

ඒ කාලෙ සොසේජස් තිබ්බද අහන්න එපා

ඔබත් සොසේජස් කරලෙ දෙපැත්ත කපලද බදින්නෙ ?

ජොසී පුරුදු විදිහටම සොසේජස් කරල් හතරේ දෙපැත්තෙ කොන් ටික කපලා බැදෙන්න තෙල් තාච්චියට දැම්මා,

ඇයි අම්මා හැමදාම සොසේජස් වල කොන් දෙක කපලා බදින්නෙ..?
දුව රෝසි ජොසී ගෙන් ඇහුවා...

හේතුව නම් හරියට දන්නෙ නැහැ, මන් පොඩි කාලෙ ඔයාගේ ආච්චි අම්මා සොසේජස් බදින්නෙ එහෙම තමයි. ඉතින් ඒ නිසා මමත් ඒක කරනවා ..
ඉතින් අම්මා ආච්චිගෙන් ඇහුවෙ නැද්ද ඇයි එහෙම කරන්නෙ කියලා..
මොකක් හරි හේතුවක් හින්දනෙ එහෙම කරන්න ඇත්තේ, හැබැයි හේතුව නම් මන් අහල නැහැ, ඔයාට ඕනෙ නම් ඔයා අහන්නකො..

ආච්චි අම්මා, ඇයි ආච්චි අම්මා සොසේජස් බදින්න කලින් කොන කපලා අයින් කරන්නෙ..?

මගේ අම්මා, ඒ කියන්නෙ ඔයාගෙ අත්තම්මා අයිනෙ කොන් දෙක කපල තමයි සොසේජස් බැද්දේ, ඉතින් මමත් කළා, හේතුව මොකක්ද කියලා නම් අහලා නැහැ.. අත්තම්මාට වයස උනාට තාම හොඳට සිහිය තියනවා, දුවම අහලා බලන්නකෝ...

අත්තම්මේ... ආච්චි අම්මත් සොසේජස් බදින්නෙ කොන් දෙක කපලා, අපේ අම්මත් එහෙමයි, ආච්චි අම්මා කියනවා අත්තම්මා කරපු නිසා කළා කියලා, අපේ අම්මා කියනවා ආච්චි අම්මා එහෙම බැදපු නිසා එයත් එහෙම කරනවා කියලා, හැබැයි කව්රුවත් හේතුව දන්නේ නැහැ...
ඇයි අත්තම්මේ සොසේජස් වල කොන් කපලා බදින්නෙ...

"ඉස්සර මට තිබ්බෙ එකම එක පොඩි තාච්චියක් විතරයි, සොසේජස් කරලම දාන්න ඒකෙ ඉඩ මදි, ඉතින් අයිනේ කෑලි දෙක කපලා තාච්චියෙ ගානට සොසේජස් කරල කපලා බැද්දා... නැතුව වෙන හේතුවක් නැහැ දුවේ,
ඔයාගේ අම්මට ලොකු තාච්චි තියෙද්දී මොකටද කපලා බදින්නෙ..?
ඔයාගෙ ආච්චිවත්, අම්මවත් මගෙන් මේ ගැන අහලත් නැහැ, මම කියලත් නැහැ, අපරාදෙ මෙච්චර කල් විසිකරපු සොසේජස් කොන් කෑලි....

කතාව සරළ උනාට, මේක ඇතුලෙ ගොඩක් දේවල් හැංගිලා තියනවා....

♠️ගෑණු ළමයෙක් ඉපදීමත් බරක් විදිහට හිතපු, ගෑණු ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ, ගෑණු දරුවෙක් මල්වර උනාම, ඇය දීගෙක යන්න සුදුසුයි කියලා ගම් පළාත දැනුවත් කරලා, ඉක්මනට මනමාලයෙක් හොයාගන්න ඕනේ නිසා, මල්වර වීම ගම් හතටම කියලා සැමරුවා,
එහෙම වදෙන් පොරෙන් ගෑණු බන්දන්න වුවමනාවක් නැති වර්තමානේ තාමත් ඉහලින් සමරන කොටහළු මගුල්,

♠️ඉස්සර ගෙවල් වල මගුල් ගන්න කාලෙ මනමාලයා ඇවිත් එදාම මනමාලිව ගෙදර එක්කන් යන හින්දා ගෙවල් දෙකේම සමරපු දවස් දෙක, සති ගණන් හනි මූන් ගිහින් වෙනම පදිංචියට යද්දිත් හෝටල් දෙකක සමරන පළවෙනි දවස සහ දෙවැනි දවස,

♠️පවුලේ දරුවො ඔක්කොම බැඳලා වෙන් වෙලා ගිහාම ගෙදර ඉතුරු වෙන පොඩි පුතා දෙමව්පියො බලාගන්න මහ ගෙදර නවතින නිසා මහ ගෙදර අයිතිය ඉස්සර කාලෙ පොඩි පුතාට දීපු නිසා, දෙමව්පියෝ ලොකු දුව ළඟ ඉඳිද්දිත් පිටරට ඉන්න පොඩි පුතාගෙ තනි අයිතියට ලියන මහ ගෙවල්,

♠️වෙල් උඩින් පැනගෙන එන මනමාලයගේ කකුලේ ගෑවුනු මඩ එදා හෝදපු පුරුද්දට අද ෆුල් සූට් ගහලා බෙන්ස් එකේ බහින මනමාලයගේ කන්නඩිය වගේ පොලිෂ් කරපු සපත්තුවට වතුර වක් කරනවා

♠️ ඉස්සර මිනිස්සු ගමන් බිමන්වලට පාවිච්චි කලේ ගොං කරත්ත. ගොඩක් ගමන් කලාම ගොනාගෙ කකුල්වල කුර තුවාල වෙනව. ඒව පැසවල තුවල වැඩි වෙනව ගමන් කරනකොට විශබීජ ඇතුල් වෙලා. ඒක නිසා ඉස්සර ගොං කරත්තයක් ගමනක් යන්න කලින් ගොං කුරවලට පෑගෙන්න දෙහි ගෙඩියක් මිරිස් කරලක් තිබ්බ විශබීජ විනාශ වෙලා තුවාල හොද වෙන්න. අදටත් මේක පුරුද්දට ගිහින් වාහන රෝදවලට දෙහි ගෙඩි තියනව යට වෙන්න.

♠️ඉස්සර ගෑණු රස්සා නොකර ජීවිත කාලෙම සැමියාගෙන් යැපෙන නිසා බැඳලා යද්දී ගොඩ මඩ, ලී බඩු ටිකක් එක්ක පිට කරපු එක අද රස්සාවල් කරන ගෑණු බඳීද්දීත් හොයන දෑවැදි
ගැන හිතුවම,

සොසේජස් කතාව ලංකා වාසී අපිට මොන තරම් අදාලද කියලා හිතෙනවා නේද ?

හේතුවක් නැතුව, හේතුවක් හොයන්නෙ නැතුව , පරම්පරාවෙන් පරම්පරාවට ඔහේ පැවතගෙන යන, කාලෙට නොගැලපෙන තව කොච්චරක් දේවල් අපි කරේ තියන් ගෙනියනවද...?

Copied..

14/02/2022
02/01/2022

මගේ හස්බන්ඩ් ප්‍රයිවට් කම්පැණි එකක මැනේජර් කෙනෙක් , මමත් කලින් වැඩකලේ එතන ,වෙඩින් එකට කලින් මම ජොබ් එකෙන් අයින් උනා , මහත්තය කොම්පැණියෙන් ලෝන් එකක් අරන් මට හම්බෙච්ච ග්‍රටිවිටි ටිකත් දාලා ,අම්මලගෙනුත් සල්ලි ටිකක් ඉල්ලගෙන ගෝල් ෆේස් හොටෙල් එකේ අපේ වෙඩින් එක ගත්තා ,කොහොමත් ලක්ෂ 40 විතර ගියා වෙඩින් එකට , හැමදාම බඳින්නෙ නෑනෙ ඒ නිසා හිතේ හැටියට වෙඩින් එක ගත්තා .

අපි දැන් ගේ හදලා තියන ඉඩම හස්බන්ඩ්ට එයාගෙ පවුලෙන් හම්බුනේ , ගේ හදන්න ඇස්ටිමෙට් එක කෝටි දෙකක් , හැමදාම ගෙවල් හදන්නෙ නෑනෙ ඒ නිසා හදන ගේ තට්ටු තුනට ලස්සනට හදන්නයි හිතුවේ , ගේ හදන්න ඉඩම බැංකුවට උගස් කරලා ලෝන් එකක් ගත්තා , පවුලේ හැමෝටම කාර් තිබ්බ නිසා අපි විතරක් බස් එකේ යන එක මදිකමක් නිසා ලීසින් කරලා ටොයෝටා කැමරි එකක් ගත්තා , හස්බන්ඩ්ට සැලරි එකට අමතරව ලොකු කමිෂන් එකක් හම්බුන නිසා මුලදි කිසි අවුලක් උනේ නෑ ,

බැඳලා මාස නමයෙන් මම ප්‍රෙග්නන්ට් උනා , අපේ පවුලේ හැමෝම වගේ ඩිලිවරි කරේ ප්‍රයිවට් හොස්පිටල් වල , ඒ නිසා මමත් තෝරගත්තෙ ඇපලෝ එක , පුතා ඉපදෙනකොට කහ වෙලා තිබ්බ නිසා හිතුවට වඩා වියදම ඩබල් උනා ,අන්තිමට රත්තරන් බඩු ටික විකුණලා තමයි හොස්පිටල් බිල සෙට්ල් කලේ .

රත්තරන් බඩු විකුණපු එක ගැන තිබ්බ කලකිරීම නිසා මම හිටියෙ පීඩනයෙන් , දරුවා ගැන වත් ලොකු ආදරයක් දැනුනේ නෑ .

දැන් මේ කොරෝනා නිසා හස්බන්ඩ්ගෙ කමිෂන් ඔක්කොම කපලා ,හම්බෙන බේසික් එක ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවල බබාගෙ වියදම් කලාම කන්නත් මදි .පෙට්‍රෝල් දාන එක වියදම් වැඩි නිසා හස්බන්ඩ් දැන් වැඩට යන්නෙ බස් එකේ .කාර් එකේ ලිසිං ,ගෙදර ලෝන් ඔක්කොම ඇරියස් වෙලා , යාලුවන්ගෙන් සල්ලි ඉල්ලන්න ලැජ්ජයි ,

ඔක්කොටම වැඩිය දැන් හස්බන්ඩ් හරියට වෙනස් වෙලා , හැමදේම කලකිරිලා වගේ ඉන්නෙ පුතාව වත් වඩාගන්නෙ නෑ .අපි හිනා වෙලා හිටපු දවසක් වත් මට මතක නැහැ.

තව ටික දවසකින් ගේ වෙන්දේසි කලොත් හස්බන්ඩ් වහබොනවලු ලැජ්ජාව නිසා .දැන් මන් මොකද කරන්නේ ? මට දැන් ජීවත් වෙලා ඇති වෙලා .
අපි දෙන්නට දැන් රෑට නින්ද යන්නෙත් නෑ ,ඉන්නෙ පිස්සු වැටිලා ,ගොඩ ඒමක් ඇත්තෙම නෑ ,දැන් බෙල්ලෙ වැල දාගන්න හිතිලා තියෙන්නෙ , අනේ මට මේකෙන් ගැලවෙන්න විදිහක් කියන්න .

නම නොකිව්වට මේක සත්‍යම සිද්ධියක් !!!!
..........................................................................

💧 අළුතෙන් හදන ගෙවලුයි , පාරවල් හිර වෙන තරමට තියන මිළ අධික වාහන තොගෙයි දැක්කම ලංකාව දුප්පත් රටක් උනේ කොහොමද කියලා පුදුමත් හිතුනට , ලංකාව කියන්නෙ ලෝකෙ ණය බර වැඩිම රටක් ,

හැමෝම පුළුවන් හැම විදිහටම හැම තැනකටම ණය වෙනවා .පටන් ගන්නෙ මහ තැනින් , ආණ්ඩු වලින් රටේ තියන ඔක්කොම සම්පත් වෙන වෙන රටවල් වලට උගස් කරලා මුළු ලෝකෙටම ණය වෙනවා .

මහජනතාව සණස බැංකුවෙන් පටන් අරන් රටේ තියන ඔක්කොම බැංකු වලින් ලෝන් ගන්නවා ,කොම්පැණියෙන් ලෝන් ගන්නවා ,ගේ හදන්න ඉඩම උගස් තියලා ,කාර් එක ගන්න ගෙදර උගස් කරනවා .

තමන්ට පුළුවන් දේ ,තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් නොකර ,සමාජෙට පේන්න ව්‍යාජ සමාජ මට්ටමක් හොයන්න ගිහින් තියන කුට්ටමත් නැති කරගන්නවා.
අන්තිමට , සැනසීමෙන් ලස්සනට විඳින්න තියන ජීවිත විහින් විඳවනවා

💥කසාද බඳින්නේ එක පාරයිනේ ඒක නිසා ලෝකෙටම ණය වෙලා තියන දෙයක් විකුණලා හරි වෙඩිම
ගන්නවා , රම්පෙට පොරි හැලෙන්න ,(කියන්න සංතෝෂයි සාපේක්ෂව , ලෝකෙ දියුණුම රටවලටත් වඩා කසාද බඳින්න වැඩියෙන්ම වියදම් කරන රටවල් දෙකක් තමයි ලංකාව සහ ඉන්දියාව , මැරෙනකම් ණය ගෙව්වත් මොකද ඇට්ටි හැලෙන්න මගුල් කාලා කියල හිතලා ජීවිතේම උගස් කරලා හරි මගුළ කනවා )

💥ජීවිතේට එක සැරයයිනෙ ගෙයක් හදන්නෙ , ඒ නිසා හදන එක හදන්න ඕනේ කව්රුත් නොහදපු විදිහේ ටොප් ගෙයක් .කොම්පැණියෙන් දාපු ලෝන් එක මදිනම් , ඔප්පුව උගස් තියලා හරි තට්ටු දෙක තුනක ගෙදරක්නම් හදන්නම ඕනෙ. ළමයි දෙන්නෙක් හිටියට කාමර හයක් වත් නැත්තම් කිසි ගතියක් නෑ .ණය උනාට ලෝකෙට පේන්නෙ නෑ ,හැබැයි ගේ ලෝකෙට පේනවා ...ඒ නිසා ගෙදර සුපිරියට තියෙන්න ඕනෙ .

💥ඉස්සරහ බස් හෝල්ට් එක තිබ්බත් , වාහනයක් අත්‍යවශ්‍ය නොවුනත් ගෙදර ගැරිජ් එක හිස්වෙලා තියෙද්දි කිසි ගතියක් නැහැ ,ඒ නිසා ලීසින් කරලා හරි කාර් එකක් නම් ගන්නම ඕනෙ ,නෑදෑයො අහල පහළ මිනිස්සු ඔක්කොටම වාහන තියෙද්දි අපි විතරක් බස් වල යන්නෙ මොකටද ?ලිසිං එක හිමින් ගෙවනවා

💥රජයේ ඉස්පිරිතාල තිබ්බත් හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නෙත් දොස්තර චැනල් කරලා ,අතේ සතේ නැති උනාට ක්‍රෙඩිට් කාඩ් එක තියන හින්දා ලෝස් බෝස් නෑ ,

ලෝකෙ අනිත් රටවල මිනිස්සු වියදම් කරන්නෙ තමන්ට අවශ්‍ය දේවල් වලට ,ජීවත් වෙන්නෙ තමන්ට ඕන විදිහට ,ඒ උනාට අපේ රටේ මිනිස්සුන්ගේ ජීවන රටාව තීරණය වෙන්නෙ නෑදෑයොන්ට අහල පහළ මිනිස්සුන්ට පේන්න , ,ආදායමේ හැටියට ජීවත් වෙනවා වෙනුවට බහුතරයක් ජීවත් වෙන්නෙ ලෝකෙට පේන්න .😔

මගුල් කන්නෙ , ගෙවල් හදන්නෙ ,කන්නෙ බොන්නෙ අඳින්නෙ පළඳින්නෙ හැමදේම කරන්නෙ ණය වෙලා .
අන්තිමට ජීවිතේම ජීවිතේම උගස් වෙලා.

බහුතරයකට,ඉතුරු කරනවා තියා මාසයක් ජොබ් එක නැති වුනොත් ජීවිතේට බැකප් ප්ලෑන් එකක් වත් නැහැ.
ඒකට ලොකුම හේතුව මිනිස්සුන්ට තමන්ගෙ මට්ටම තේරුම් ගන්න බැරි කම මිසක්‌ උද්දමනය ම නෙමෙයි.

ඒ නිසා ලංකාවෙ මැදි වයස පැනපු බහුතරයක් මිනිස්සු ජීවත් වෙන්නෙ ණය ගෙවන්න ..😔😔

💧ලස්සන ගෙයක් හැදුවට සැනසීමේ නින්ද යන්නෙ නෑ ,
වාහනයක් තිබ්බට හිත සතුටින් පවුල එක්ක ට්‍රිප් එකක් යන්න නෑ .
ලෝන් ඇරියස් වෙලා , ලීසිං හිරවෙලා ඔළුව අවුල් වෙලා හිතට සතුටක් නෑ , වයසට ගියත් සැනසිල්ලක් නැහැ .තමන් මැරුණට පස්සෙ ළමයින්ටත් ගෙවන්න ණය ඉතුරු වෙලා .

⚡️බඳින්නෙ එක සැරයයි ,ගෙවල් හදන්නෙ එක සැරයයි වගේම ජීවත් වෙන්නෙත් එක සැරයයි ,⚡️

ලෝකෙට පේන්න නෙමෙයි තමන්ට පුළුවන් විදිහට ජීවත් වෙන්න ,

හූල්ල හූල්ල කල්පනා කර කර ඉඳලා හාර්ට් ඇටක් ,කොලෙස්ටරෝල් ,ප්‍රෙෂර් හදාගෙන ජීවිතේම අනාගෙන ලෝකෙට ණය කාරයෙක් වෙලා මැරිලා යන්නැතුව ආදායමේ විදිහට ජීවිතේ හදාගන්න .

ලොකු මාලිගාවක ණය බරෙන් ,පීඩනයෙන් හූල්ල හූල්ල ජීවත් වෙනවට වඩා ,
රටට ණය නැති මිනිහෙක් වෙලා හිතේ නිදහසෙන් පැල්පතක මැරෙන එක සැපයි .

ජීවිතේ හැම දේටම වඩා වටිනාම දේ තමයි මානසික සැනසීම !!!!
මොනදේ නිසා වත් ඒදේ නැති කරගන්න එපා🙏🏾

කතෘ අයිතිය-අනිශා ජයකොඩි ✍️

#උපුටාගැනිමකී

Address

Hanwella
Hanwell

Website

Alerts

Be the first to know and let us send you an email when K & K Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share